සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ අහසේ අසමසම චමත්කාරයන්ය. මේ වසරේ අපි සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ කිහිපයක අසිරිය අත්විඳ ඇත්තෙමු. අහසේ සිදුවන අසිරිමත් වෙනස්කම් සෞඛ්‍යයට ඇති කරන බලපෑම් සුළුපටු නැත.
සූර්යග්‍රහණයකදී ඉරේ මතුපිටින් 99% ක්ම ආවරණය වී තිබුණ ද පෙනෙන සුළු කොටස අපේ ඇසේ දෘෂ්ඨි විතානය පුලුස්සා දැමීමට හොඳටම ප්‍රමාණවත්ය. අව් කණ්ණාඩි හෝ වර්ණ (ටින්ට්) කළ කාච පැලඳීම මීට පිළියමක් නොවෙයි. එවැනි ක්‍රම මඟින් ඇසට වන හානිය වළක්වා ගත නොහැකිය.
හිරු අපේ සිරුරේ සියලු පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයන් පාලනය කරනු ලබයි. උදෑසන හිරු කිරණින් තුන් වැනි ඇස ලෙස පැරැන්නන් හඳුන්වන නළලේ මධ්‍යස්ථය හිරු එළියත් සමඟ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා කර අප අවදි කරයි.
කුසගිනි දැනී ආහාර ගැනීම ද ඇරැඹෙයි. අඳුරු පරිසරයකදී අපට කුසගින්න දැනෙන්නේ අඩුවෙනි. එහෙත් විදුලි ආලෝකය හිරුගෙන් අඳුරුවන ලොවේදීත් කුසගිනි ඇති කරයි. දිවා ආහාරය රජෙක් වගේ ගන්නට ආයුර්වේදය නිර්දේශ කරන්නේ හොඳින්ම හිරු එළිය පවතින්නේ මධ්‍යාහ්නයේ නිසයි.
සූර්යග්‍රහණයකදී ක්ෂණිකවම සූර්යාලෝකය නැතිවීමෙන් සිරුරේ පිත එක්වරම පහළ බැස පරිවෘත්තිය ද පහළ බසියි. එයින් කෑමට ගත් ආහාර නිසි ලෙස ජීර්ණය වන්නේ ද නැත. අඩ වශයෙන් හෝ අසම්පූර්ණ ලෙස ජීර්ණය වූ ආහාර මඟින් විස නිපදවෙන අතර බරපතළ රෝගාබාධ ගණනකට එය හේතු වෙයි. සූර්යග්‍රහණය පවතිද්දි සරල, සැහැල්ලු ආහාර ගන්නා ලෙසට උපදෙස් ලබා දෙන්නේ එනිසයි. පිත අඩු නිසා සරල ආහාර ගත් තරමට ජීර්ණය පහසු වෙයි. උදා: හොඳින් පිසූ මුං ඇට සහ සහල්.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඉන්දියානු ආයුර්වේද
උපදෙස් ඇසුරිනි
සටහන – චම්පිකා දීපානි රණසිංහ
subasetha
Comments
Post a Comment