මෙකලද කුසගින්නට කුසට අහරක් නොමැතිව දරුවන් වැඩිහිටියන් මියයන පුවත් අප රටේ අසන්නට ලැබීම ඉතාමත් ශෝකජනකය. මෙසේ මිය යන දරුවන් සමහර අවස්ථාවලදී මව්කිරි බොන අවධියේ දරුවන් වීමද විශේෂත්වයකි.
මෙහිදී අපට පෙනෙන කරුණක් නම් එම දරුවනට මව්කිරිද නොමැති වීම හෝ දරුවා මව්කිරි ප්‍රතික්ෂේප කිරීම හෝ යන හේතුයි.
මේ අනුව ළමා පෝෂණය හා වැඩිහිටි පෝෂණය පිළිබඳව අප තවතවත් සැලකිලිමත් විය යුතු කාලය එළඹ ඇත.
මව්කිරි බොන වයසේ පසුවන දරුවකු ගේ පෝෂණයට ඍජුවම එම දරුවාගේ මවගේ පෝෂණය බලපායි. මක් නිසාද මව ගන්නා ආහාරවල පෝෂණය අනුව දරුවාට ලැබෙන කිරිවල ගුණාත්මක භාවයද වැඩිවන නිසාය.
ළදරුවෙකු ගේ එකම හිත ආහාරය වනු යේ මව්කිරිය. මව් කිරි 100ථත ක මේදය 4.2ඨ ක් පමණද ප්‍රෝටීන 1.1 ඨ පමණද කාබෝහයිඩේට් 7ඨ ක් පමණ ද ඛනිජලවන 16ඨ පමණද අඩංගුය.
මව්කිරි නොමැතිවිට එළකිරි හෝ එලකිරි ළදරු පෝෂණයට සුදුසු බව පැරණි ආයුර්වේද ග්‍රන්ථවල දක්වා ඇත. තවද දරුවාගේ දුක සැප මව්කිරි අනුව සිදුවන බවද ප්‍රකාශ කරයි.
දරුවකුගේ කායික වර්ධනය මව්කිරි වලින් ලැබෙන අතර මානසික වර්ධනයට මවගේ ආදරය අනිවාර්යයෙන්ම ලැබිය යුතුය. දරුවකුට මව්කිරි ආසාත්මික වනුයේ ඉතාම කලාතුරකිනි. මව යම් ශාරිරික දෝෂ කෝපතාවයකින් හා අග්නි විෂමතාවයකින් පෙළෙන්නේ නම් කලාතුරකින් ඇගේ කිරිද දූෂණය විය හැකිය. එවැනි දූෂිත කිරි පානයෙන් දරුවා රෝගියෙකු බවට පත්විය හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ. එබඳු අවස්ථාවලදී මව සහ දරුවා යන දෙදෙනාම චිකිත්සා කර්මයට යොමුකළ යුතු බව තවදුරටත් සඳහන් වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වෛද්‍ය
නදීෂා ගීකියනගේ
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය
නිලධාරිනී, හෝමාගම
සුරේඛා සංජීවනී
subasetha
Comments
Post a Comment