පළාතේ පමණක් නොව රටේද සෑහෙන ප්‍රසිද්ධියකට පත්ව සිටි කිරිබත්ගොඩ ඒඩී වෙද රාළහාමි” වලව්වට කැදවා ගෙන එන විට ඉන් පෙර ඉංගී‍්‍රසි වෙදකම ලබා දුන් දොස්තර මහත්වරු දෙදෙනෙකුද තවමත් වලව්වේය. කුමක් හෙයින්ද යත් ඔවුන්ට එහි සිටින පැය ගණන අනුවද තවත් වැඩිපුර ගාස්තුව ලැබෙන හෙයිනි.
මේ කාලයේ වුවද එක්තරා සමාජ මාන්නක්කාරකමක් තිබෙන සමාජයේ ඉහළ පෙළේ පුද්ගලයන්ට සුළු ලෙඩකට වුවද දොස්තර කෙනෙකු ගෙදරටම ගෙන්වා බෙහෙත් ගැනීම මහා ලොකු ආඩම්බරයක් හැටියට සමහරු සළකති.
මෙහිදී ලෙඩේ සුළු වුවද එය පුද්ගලයා අනුව වවාගෙන කන්නට මාන බලන දොස්තර මහත්වරුද එකල නොසිටියේ නොවේ. මේ එවකට ඉංගී‍්‍රසි ආණ්ඩුව පවතින කාලයේ එක් දහස් නවසිය තිස් හතලිස් ගණන්වලදී සිදුවූවකි. එකල නොයෙක් අයුරින් කටයුතු කර පොහොසත්වූ ඇත්තන්, නැති වැදගත්කම්ද අටවාගෙන වෙන්දේසිවලින් මිලයට ගන්නා ලද පරම්පරා ගණනකට තම තමන්ගේ සීයා ,ආතාමුත්තලා යැයි පෙන්වමින් වලව් පැලැන්තියකට පත්වී සිටිනු ඒ කාලයේ නගරාශි‍්‍රත මෙන්ම රටේ ප්‍රධාන නගරවලද දක්නට ලැබුණු අළුත් පැලැන්තියක බිහිවීමක් ලෙසද සැළකිය හැක.
මේ කියන්නට යන්නේ එවැනිම අලුතින් පොහොසත්ව වැදගත් පරම්පරාවක් අටවාගෙන තමන්ගේ ඉහළින්ම තේජස පෙන්වා ගනිමින් සිටි ප්‍රාදේශීය අධිපතියෙකුට සිදුවූ අකරතැබ්බයක් ගැනය.
මේ ප්‍රාදේශාධිපතියාද තමන්ගේ නව පැළැන්තියටත්, කාලයටත් ගැළපෙන අන්දමින් ඉංගී‍්‍රසි දොස්තර මහතුන් හිස උඩ තබාගෙන කුඩා අසනීපයකට වුවද කළේ තමන් දන්නා හඳුනන විශේෂඥ වෛද්‍යවරයෙකු තම වලව්වට ගෙන්වා බෙහෙත් ගැනීමය.
මෙම අවස්ථාවේදී ඔහුට සැදුනේ බරපතල බඩේ අමාරුවකි. දොස්තර මහතා කැඳවනු ලැබීය. ඔහු කළේ බෙහෙතක් නියම කර වෙනදා වගේම ඉහළම මුදලක්ද අයකර යැවීමය. එහෙත් බඩේ අමාරුව නැවතුනේ නැත. යළිත් වරක් එම දොස්තර මහතාම කැඳවනු ලැබු අතර යළිත් බෙහෙතක් බඩට වැටුන නමුත් බඩේ අමාරුව මෙවරද සුව වූයේ නැත. නැවතද දෙවැනි දොස්තර කෙනෙකු කැදවනු ලැබිණ.ඔහුද ලොකු මුදලක් අයකර ගෙන ගිය අතර ලෙඩේ එතැනමය. කෙසේ හෝ තුන්වැනි දොස්තරද පැමිණියෙන් ඔහුද ලොකු මුදලක් අයකර ගෙන බෙහෙත් වර්ග තුනක්ම නියම කරන ලදී. එයින්ද සාර්ථකත්වයක් නොපෙණුනෙන් ඒ සුනංගුවෙන්ම හතරවැනි දොස්තරටද කැඳවීම ලැබුණද බඩේ අමාරුව එලෙසින්මය.
ලෙඩාගේ දූවරුන් හා පුතුණුවරුන්ද පියාණන්ටත් වඩා ඉංගී‍්‍රසි දොස්තර ගැතියන් වූ හෙයින් දොස්තරවරුන් තුන්දෙනෙකු ගෙන් පසුව තවත් විශේෂඥ දොස්තර මහතකුද වලව්වට කැදවන ලද්දේ මොන ලෙසකින් හෝ පප්පාගේ බඩේ ලෙඩේ” කඩා ගැනීමටයි. මේඅවස්ථාව වන විට ඔහුගේ බඩද පුරවා දමා උස්මුරුත්තාවට පත්ව ඇති සෙයක් දකින්නට ලැබුන නිසා ඔව්හු වඩාත්ම බියට පත්වූහ.
එහෙත් අවාසනාවකට මෙන් සතරවැනි දොස්තර මහතා දුන් බේත්ද ලෙඩාගෙන් බෙහෙත් උගුරෙන් පහළට ගොස් මුල් දොස්තර මහත්වරු ලෙඩාගේ බඩට දුන් බේත් වලටම එකතුවූවා මිසක ගුණයක සේයාවක් වත් දක්නට ලැබුණේ නැත. මෙවැනි ශරීරික අමාරුවෙන් අධිපතියාට කිසිකලෙක අත්දැකීමක් නොලැබුණු බැවින් ඔහු එවේලේ සිටියේද බය බිරාන්තවය. බඩේ අමාරුව වැඩි වැඩියෙන් දැනෙන්නට වූයේ මෙවිටය.
සිය පප්පාගේ මේ ලෙඩේ මෙසේ ඉවරකිරීමට සතරදෙනෙකු කැඳවාගෙන ආවත් ලෙඩේ සුවකරගන්නට බැරිවීම ගැන ඔවුන්ටද ඇතිවුයේ බලවත් සිත් අමාරුවකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කස්තුරි
ලියයි
subasetha
Comments
Post a Comment