ආයුර්වේදයට අනුව සමේ ස්ථර 7 ක් තිබේ. සිරුරේ බාහිරව පෙනෙන ස්ථරය සම ගැන අපේ ඇස්වලට පවසන කණ්ණාඩිය වැනිය. සමේ පෝෂණ, විජලනය ආදී බොහෝ තොරතුරු බාහිරට අපට පෙනෙන සමෙන් දැනගත හැකියි.
කොහොඹ, කස්තුරි, මංජල්, සුදුහඳුන්, කෝමාරිකා, තුල්සි (මදුරුතලා) දිදුලන සමකට සොබා දහමින් දායාදා කර ඇති අනගි ඔසුය.
අප සිතා සිටින්නේ තුන් දොස කුපිත වූ විට රෝගී වන බව පමණි. ගත සිත රෝගී වනවිට රුවට ද එය බලපායි.
සම බාහිරව පෙනෙන විශාලම ශරීර කොටසයි. පැහැපත් සොඳුරු සමකින් රුව අලංකාර වෙයි. එහෙත් අපේ තුන් දොස අසමතුලිත වීමෙන් මේ සම දුර්වර්ණ විය හැකියි. රෝගී විය හැකියි. එවිට බැලූ බැල්මටම පෙනෙන්නේ අවලස්සන රුවකි. වැරැදි ජීවන රටාව, පරිසර දූෂණය, දේශගුණය, ආහාර ආදී කරුණු අපේ ස්වභාවික ස්වභාවය වෙනස් කරයි.
වාතය කුපිත වී වාත දොස ඇති අයගේ සම ඇල්ලූ විට සාමාන්‍යයෙන් වියළිය. තුනීය. සිසිල්ය. පහසුවෙන් විජලනයට පත්වෙයි. වියළි සුළඟ මෙවැනි ස්වභාවයන් තවදුරටත් උග්‍ර කරයි. පිත උග්‍ර අයගේ සම හිරු එළියට ඉතා සංවේදීය. පහසුවෙන්ම හානියට ද පත් වෙයි. උණුසුම මෙවැනි සමකට හානිකරය. පිත් දොස ඇති අයගේ සම ඇල්ලූ විට උණුසුමක් දැනෙයි. මෙබඳු සමක ලප කැළැල් ද වැඩිය. සෙම අධික අයගේ සම තෙල් සහිතය. ඝනය. හිරු එළියට ඔරොත්තු දෙන ස්වභාවයකින් යුක්තය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඉන්දියානු ආයුර්වේද
උපදෙස් ඇසුරිනි
සටහන චම්පිකා දීපානි රණසිංහ
subasetha
Comments
Post a Comment