ඡ්‍යොතිර්වේදී
හෙන්රි බෙම්මුල්ල
තමා උපන් දේශයටත්, ආගම දහමටත්, වැඩක් කර මිය ගිය අතළොස්සක් දෙනා අතර තවත් එක් පුවත්පත් කලාවේදියෙකි.
රූපශි‍්‍රයෙන් ආරෝහ පරිණාහ දේහදාරියෙකි. බෞද්ධ දර්ශනය, දෝ සතර , ගුප්ත විද්‍යාව, දේශීය වෙදකම පිළිබඳ හසළ දැනුමකි. බුද්ධිමතුන් අතර කුශාග්‍ර බුද්ධිමතෙකි. මාර්ටික් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර , සෙනරත් පරණවිතාන, වැනි විද්වතුන් අතර විද්වතෙකි.
පණීභාරත, ජේ.ඊ.සේදරමන්, දයානන්ද ගුණවර්ධන, මහගමසේකර, කේ.පී. අබේසිංහ කපිල ඊ. සෙනෙවිරත්න යන ලේඛකයින් සංගීතඥයින් , චිත්‍ර ශිල්පීන්, අතර කීර්තිමත් පුවත්පත් කතුවරයෙකි, මාධ්‍යවේදියෙකි. ඒ මහා යුග පුරුෂයා අන් කවරකුවත් නොව, පත්තරකරුවන් අතර ඉන්ද්‍රඛීලයක් බඳු වූ පියසේන නිශ්ශංකයන්ය.
එදා පත්තර “මහගෙදර” නමින් විරුදාවලිය ලත්, ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට බිහි වූ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් රටට දායාද කළ පුවත්පත් ගණනාවකි.
ඒ පුවත්පත් අතර දිනමිණ හා සිළුමිණ යනු පුවත්පත් මහගෙදර මවත්, පියාත් විය. කාලයාගේ ඇවෑමෙන් දිනමිණ මාතාවටත් සිළුමිණ පියාණන්ටත් දාව තවත් දරුවන් පස් දෙනෙකු මහගෙදරින් බිහි විය. ඒ හෙතෙම බුදුසරණ, සුබසෙත, තරුණි, සරසවිය හා මිහිර ලෙස නම් තැබීය.
ලංකාවේ සැම අංශයක්ම නියෝජනය වන සේ එවැනි පුවත්පත් එළි දක්වන්නට එදා සිටි මහ හෙළ කතුවරුන්ට ශක්තිය, ධෛර්ය, හැකියාව, කැපවීම මෙන්ම ඕනෑකම ද තිබුණු බව මේ තුළින් මොනවට පැහැදිලි වේද?
ඡ්‍යොතිෂ්‍යය, හස්තරේඛා, ගුප්ත විද්‍යාව, ශාන්තිකර්ම, ආයුර්වේදය යනු අපේ රටේ සංස්කෘතික දායාදයන්ය. මේ සියලු විෂයයන් පිළිබඳ දැනුමින් සන්නද්ධ වූ ඡ්‍යොතිෂවේදීන් හස්තරේඛා ශාස්ත්‍රඥයින්, ගුප්තවිද්‍යා ධරයින්, පාරම්පරික, දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් මේ ශ්‍රී ලංකාද්වීපය තුළ සැඟ වී සිටි බව එදා කිසිවකුත් නොසිතුවේ නම් අද අපේ සංස්කෘතියේ පැවැත්මට අවස්ථාවක් නොවන්නේය. එහෙත් අපේ පිනටත් අපේ ජාතියේ පිනටත් අපේ අනන්‍යතාවය තහවුරු කරන්නටත්, ඉදිරි පරපුර සඳහා මේවා අභාවයට යා නොදී රැකගන්නට එදා පියසේන නිශ්ශංක නම් ඒ මහා ප්‍රතාපවත් යුග පුරුෂයා” “සුබසෙත” නමින් තෝතැන්නක් සකස් නොකරන්නට, අද දක්වා පුරා වසර පනහක් ආයුර්වේදයටත් ඡ්‍යොතිෂයටත් එක මග යා හැකි පුවත්පතක් බිහි නොවන්නේය. මේ වන විට ලංකාව තුළ ඡ්‍යොතිෂය වෙනුවෙන් බොහෝ පුවත්පත් නිර්මාණය වුවද ඒවා උපන් ගෙයිම මිය ගොස් ඇත්තේය.
සුරේඛා සංජීවනි
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment