උණුකර නිවාගත් ජලය සෞඛ්‍යාරක්ෂක ඖෂධයකි. අප එදිනෙදාගන්නා ආහාරය හොඳින් නොදිර වූ විට ශරීරය තුළ යම් විෂ සහිත පදාර්ථයක් ඇති වේ. කෑමෙන් පසු උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් එම විෂගතිය මලමාර්ගයෙන් පිටකිරීමට අවස්ථාව යෙදේ. එමෙන්ම මලබද්ධයද දුරුවේ.
අර්ශස් රෝගයේදී මලබද්ධය වළක්වාගැනීම සඳහා රාත්‍රී ආහාරයෙන් පසුවත් රාත්‍රී නින්දෙන් අවධිව හිස්බඩටත් උදේට මද රස්නයෙන් යුත් උණු ජලය පානය කිරීමත් සුදුසු ය. උණුදිය දිරවීමට වැඩි කලක් ගත නොවේ. ගතවන්නේ පැය එකහමාරක් වැනි සුළු කාලයකි. එහෙත් උණුදිය නිවා සීතල කර බීමෙන් දිරවීමට පැය තුනක පමණ කාලයක් ගතවනු ඇත. එබැවින් උණුකර නිවාගත් ජලය පානය කළයුත්තේ මද රස්නයෙනි.
උණුකර නිවාගත් ජලය බීමෙන් අමාශයේ හා බඩවැල්වල ඇති බැඳුණු සෙම ඉවත්වෙයි. උදරයෙහි දැඩි ලෙස සෙම පැවතීමෙන් ගන්නා ලද ආහාර දිරවීමේ ශක්තිය අඩුවේ. එසේ දිරවීමේ ශක්තිය යථාපරිදි පැවතීමට නිවාගත් මඳ රස්නයෙන් යුත් ජලය පානය කිරීම ගුණදායක වේ. උණුවතුර පුරුද්දක් වශයෙන් නිතර පානය කිරීමෙන් වාත රෝග හටගැනීමේ අවස්ථා අවම වේ. එමෙන්ම හටගන්නා වාත රෝගවලටද සහනයක් ලැබී ඉන් මිදිය හැකි ය. මේ අයුරින් උණුදිය පානය කළහොත් සිරුරෙහි මේදය වැඩීමද සිදු නොවේ. ශ්වාසයට මෙන්ම ඇදුම රෝගයට ද නටවා නිවාගත් ජලය ගුණදායකය. රෑ නින්දෙන් පිබිදුණුවිට හිස් බඩට උණු ජලය මඳ රස්නයෙන් යුතුව තරමක් වැඩියෙන් පානය කිරීමෙන් මුත්‍රා හොඳින් පිටවේ.
මුත්‍රා ටික ටික පහවීම, මුත්‍රාවල පාට වෙනස්වීම, වරින්වර දැවිල්ලක්, වේදනාවක් කාරම්ගතියක් ඇති අයට උණුවතුර ඉතා ගුණදායකය. යම් සහනයක් ඇති කෙරේ. උණුවතුර පානය කිරීමෙන් දහඩිය දැමීමද සිදුවේ. එලෙසම උගුර බැරැන්ඩි වූ විට ද මුඛයෙහි සෙම පැවති විටද මඳරස්නය ඇති උණුවතුර පානය සුවයක් ගෙන දේ. වියළි කැස්සට උණුදිය පානය කිරීමෙන් පුදුම සහනයක් ගෙනදේ. කැස්ස තදින්ම හටගන්නේ නම් උණුවතුරට සහිඳ ලුණු ටිකක් දමා කලවම්කර බීමෙන් කැස්ස නිසා ඇති වූ පීඩාව දුරුවේ. අධික තරබාරුවෙන් යුත් අය උණුකර නිවාගත් ජලය මඳ රස්නයෙන් පානය කිරීමෙන් තරබාරු ගතිය අඩු වේ. සිරුරට ද යම් සහනයක් ඇතිවේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
බත්තරමුල්ල පැලවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර
සටහන
එස්.එස්.එස්. ප්‍රනාන්දු
subasetha
Comments
Post a Comment