කරදරයක ව ඉරවරදය

ජූලි 7, 2023

දින දෙක තුනක ඉඳල ඉවසන්න බැරි තරමේ හිසේ කැක්කුමක් එනවා. උදේට එන ඒ හිසේ කැක්කුම සමහරදාට හවස් වෙනකම්ම තියෙනවා. මුලින්ම දැනෙන්නෙ ඔළුවෙ එක පැත්තක රිදීමක්. ටිකෙන් ටික හිසේ අමාරුව වැඩි වෙනවා. එතකොට ආලෝකය බලන්න බැහැ. ඇස් යට මහත් වේදනාවකුත් වගේම කවුරුහරි කතා කරනකොටත් කේන්ති යනවා යැයි කීවේ මල්ලිකාය. දුවේ ඔහොම කිය කියා ඉන්නෙ නැතුව ගිහිල්ල වෙද මහත්තයගෙන් බෙහෙත් ටිකක් ගනිමු. ඔළුවෙ අමාරුව බලන් ඉන්න හොඳ නැහැ. හැමදාම හවසට නාන එක දැන්වත් නවත්තන්න යැයි කීවේ මල්ලිකාගේ අම්මා වූ ලීලාවතීය.

මල්ලිකා - අම්මේ හා යමු බෙහෙත් ගන්න. වෙද මහත්තයට තියෙන අමාරු ඔක්කොම කියන්න හා හා.

වෙද මහතා - අම්මයි දුවයි මොකද මේ උදෙන්ම දූට දින දෙක තුනක ඉඳලම උදේට හිසේ කැක්කුමක් හැදෙනවා දරා ගන්න බැරි වේදනාවක් කියල කෑගහනව. ඊයේ දවල්ටත් කෑවෙත් නැහැයි කීවේ මල්ලිකාගේ අම්මාය. වෙද මහතා මේ ළමයගෙ නම මොකද්ද මල්ලිකා? රක්ෂාවක් කරනවද මල්ලිකා. ඔව්. මොකද්ද මැහුම් ආයතනයක. හා හොඳයි තියෙන අමාරුව කියන්න බලන්නකො.

මල්ලිකා - පෙරේදා වගේ ඉඳල මගේ ඔළුවෙ එක පැත්තක් රිදෙන්න ගත්ත. ටික වේලාවක් යන කොට ඒක වැඩිවෙලා ඇස් දෙක දන්න ගත්ත. වට පිට බලන්න බැහැ ආලෝකයත් වේදනාවක් වගේ දැනෙන්න පටන් ගත්ත. කවුරුහරි කතා කරනව ඇහෙන කොට මට කේන්තියනව. ඔළුව උස්සගෙන ඉන්නම බැහැ.

වෙද මහතා - ඉරුවාරදයේ රෝග ලක්ෂණ කීපයක් තමයි ඔය පෙනෙන්නෙ. වාතෙන් පිතෙන්, සෙමෙන් සහ තුන් දොසින් වගේම අධික කල්පනාව නිසාත් ඉරුවාරදය හැදෙනවා. ඉරුවාරදය නිසා ඇස්වල හා නාසයේ බර ගතියක් දැනෙනවා.

උදේට සාමාන්‍යයෙන් හටගන්නා ඉරුවාරදය දහවල් කාලයේ දී වැඩි වී ඉර බැස යන විට අඩුවෙනවා. ආයුර්වේදයේ සඳහන් ශිරෝ රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා ඉරුවාරදය රෝගයක් හැටියට හෝ රෝග ලක්ෂණයක් හැටියට හඳුන්වා තිබෙනවා. දසරුවෙන් පවතින රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා ඉරුවාරදය අර්ධාවභේදය වේ. ඉරුවාරදයෙන් වේදනාවට පත් බොහෝ දෙනකුට නියුරෝන නම් මොළයේ ස්නායු ශෛලවල වෙනස්වීම් ද ඇති විය හැකිය.

ඉරුවාරදයේ දී ඉර මුදුන්වීමත් සමඟ ඇහි බැම යට තද වේදනාවක් ඇතිවේ. එමෙන්ම කඳුළු ගැලීමක්ද ඇතිවන අතර නාසය දෙපැත්තේ කේට ග්‍රන්ථිවල ඉදිමීමක්ද ඇතිවේ. මානසික ආතතිය, නිදි වැරීම, මත්පැන් පානය ද ඉරුවාරදයට හේතුවකි. නිසි වේලාවට ආහාර නොගැනීමත් හේතුවක් වේ. ඉරුවාරදය වැලඳුණු විට කෑමට පි‍්‍රයක් නොදක්වන අතර ඇස් ඉදිරියෙන් රිදී රේඛාවක් පෙනීමත්, වමනය යෑමක්ද ඇතිවේ. ඉසේ රුදාව හිසේ වේදනාව හිසේ කැක්කුම, ඔළුවෙ කැක්කුම, හිසේ වේදනාව, ඔළුව පැළෙන්න වගේ යනුවෙන් හඳුන්වන ශීර්ෂ රෝග එකොළහකට පමණ සම්බන්ධව පවතී.

ආ වෙද මහත්තයො වෙද මහත්තයා කියනවිදියට මේ දරුවගෙ හිසේ අමාරුව සුවකරන්න කල්යනවද කියා ඇසුවේ, මල්ලිකාගේ අම්මා වන ලීලාවතීය.

වෙද මහතා - නැහැ. නැහැ එහෙම දෙයක් නැහැ. ඉරුවා රදය හොඳ කරන්න පුළුවන් මම පහදා දුන්නෙ රෝගයේ තත්ත්වයයි. හිසේ කැක්කුම වාතජ ශිරෝ රෝග, පිත්තජ, ශිරෝ රෝග, කඵජ ශිරෝ රෝග, සන්නිපාතජ ශිරෝ රෝග, රත්ත ශිරෝ රෝග, ධාතුක්ෂය ශිරෝ රෝග, ක්‍රිමිජ ශිරෝ රෝග, සූර්යා වෘතය, අනන්තවාතය, අර්ධචභේදය සංධකය ඉරුවාරදය, සූර්යාවෘත්තය යන රෝග තත්ත්වයන් ඉරමුදුන්වීමත් සමඟ ඇතිවන රෝගී තත්ත්වයන්ය.

ඉරුවාරදය ඇතිවන විට සමහර අවස්ථාවලදී ඇස් කසන්නට පටන් ගනී. ඇස් දෙකින්ම කඳුළු ගැලීමත් සිදුවේ. පෙනීමේ අඩුවක්ද ඇතිවේ. අධිරුධිර පීඩනය ඇතිවූ විට ද තද හිසේ වේදනාවක් හටගනී. දත්වල හටගන්නා රෝග නිසාත් අජීර්ණ නිසාත් මලබද්ධය නිසාත් තදබල ලෙස හිසේ වේදනාවක් හටගත හැකිය. අධික වේදනාව නිසා පීඩාවට පත් කෙරෙන සූර්යා වර්තනය, සෙම්ප්‍රතිශ්‍යාව හටගනු ලබන අවස්ථාවලදීත් තදින්ම හිසේ කැක්කුම ඇතිවිය හැකිය. සූර්යා උදාවීමත් සමඟ ඇතිවන හිස කැක්කුම සූර්යා මුදුන්වීමත් සමඟ අධිකසේ වේදනාව වැඩි වී දහවල්, දොළහෙන් පසුව ඉර බැසයාමත් සමඟ අඩුවී යයි.

හිසරුජාව නැතහොත් අධික හිසේ වේදනාව පවතින්නේ නම් අබ, එනසාල්, වියළි කහ, වදකහ, සූදුරු, කොට්ටන්, කුරුඳු පොතු, කළු දුරු යන මෙම ඖෂධගෙන කුඩුකර අඹරා අවුළවා නිවා එම දුම නාසයට ළංකොට උරනු. ඉන් හිසරුජාව දුරුවීයයි.

අරළු, බුළු, නෙල්ලී

එකෙක් ඇවිදින් ඉල්ලී

කොටා හිස ගැල් ලී

දුවයි හිසරද සෙල්ලි සෙල්ලී

අරළු, බුළු, නෙල්ලි යන මෙම ඖෂධ වර්ග ගෙන කොටා හිස ගැල්ලූවිට හිසරදය ගුණ වේ.

 

 

බත්තරමුල්ල

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර



subasetha

Comments