පරතශකතය ගන දනවතද?

ජූලි 7, 2023

 

අපව ආසාදනය කිරීම සඳහා පරිසරය තුල ඕනෑම වේලාවක අපේ ශරීරය මිලියන ගණනින් රෝග කාරක වලට නිරාවරණය වේ. නමුත් එම රෝග කාරක අපට කලාතුරකින් ආසාදනය කිරීම සිදුවේ. විෂබීජ වලින් අපව ආරක්ෂා කර ගැනීම සඳහා අපූරු යාන්ත්‍රණයක් අප ශරීරය සතුව ඇත. එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය නම් වේ.

අපේ ශරීරය හා මනස ආගන්තුක රෝගකාරකවලට ඔරොත්තු දීමට ඇති හැකියාව ප්‍රතිශක්තිය ලෙස හඳුන්වයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි නම් එය නිරෝගී බව පවත්වා ගැනීමට මෙන්ම රෝග සුව කිරීමටද ප්‍රධාන හේතුවක් වේ.

මෙහිදී, වැල¼දී ඇති රෝගයක පැතිරීම අවම කර ඇතිවිය හැකි සංකූලතාවයන් අවම කිරීමේ හැකියාවත් නොවැලඳුණ රෝගයකට එරෙහි වීමට ඇති හැකියාවත් යන දෙකම සිදුවේ. මේ සඳහා නිවැරැදි ආහාරපාන හා චර්යා රටාවක් පවත්වාගත යුතුයි.

 

ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන හේතු මොනවාද?

දීර්ඝකාලීන රෝග වලින් පෙළීම, දරුණු රෝග තත්ත්ව ඇතිවීම, නිරන්තරයෙන් රෝගවලට ගොදුරු වීම නිසා ශරීරය දුර්වල වීම, කෘත්‍රීම රසකාරක යෙදූ ආහාර සහ සකස් කරන ලද ආහාර පුරුද්දක් වශයෙන් ආහාරයට ගැනීම, විජලනය, බාහිර රෝගකාරකවලට ගොදුරු වීම, අධික ව්‍යායාමය,රාතී‍්‍ර කාලයේ නිදිවැරීම, බය, තරහව, ඊර්ෂ්‍යාව වැනි මානසික හැඟීම් නිරන්තර ඇතිවීම සහ නිතර මානසික ආතතියෙන් පසුවීම ශරීර ප්‍රතිශක්තිය අඩු වීමට බලපාන හේතු වේ.

 

ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන කරුණු

හොඳ ශරීර ශක්තියකින් යුතුවීම, නිතිපතා ක්‍රමවත් ව්‍යායාම සිදු කිරීම හා යහපත්, උද්යෝගිමත් මානසිකත්වයෙන් කල්ගත කිරීම ප්‍රතිශක්තිය වර්ධනය සඳහා උපකාරී වේ.

 

ප්‍රතිශක්තිය වර්ධනයට ආයුර්වේදයෙන් පිළියම්

පෝෂ්‍යදායී ආහාරපාන ලබා ගැනීම ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා ඉතා වැදගත්ය.

රසකිඳ, නෙල්ලි, වැල්මී, හාතාවාරිය, ලුණුවිල, ගොටුකොළ වැනි ඖෂධීය ශාක ඖෂධ වශයෙන්, ආහාර වශයෙන් හා කැඳ වර්ග ආදී වශයෙන් ගැනීමද ශරීර ප්‍රතිශක්තිය වර්ධනයට ඉතාමත් ගුණදායකය.

ඊට අමතරව, තිප්පිලි, ගම්මිරිස්. වියළි ඉඟුරු, කුරුඳු, කහ ආදී කුළුබඩු වර්ගත් ප්‍රතිශක්ති ජනක වේ.

මිදි, දොඩම්, ස්ට්‍රෝබෙරි, නෙල්ලි, වෙරළු වැනි ඇඹුල් රස විටමින් සී සහිත පැඟිරි කුලයේ පළතුරු වර්ග ද ගොටුකොළ, මුකුණුවැන්න, කංකුන්, නිවිති වැනි පළා වර්ග සහ බ්‍රෝකොලි, වට්ටක්කා සහ කොළ පැහැති එළවළු නිරන්තරයෙන් ආහාරයට ගැනීමද ඉතා යෝග්‍යය.

බතල, අර්තාපල්, කැරට්, බීට් වැනි මුල සහිත එළවළු ශ්වසන පද්ධතියේ හා ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය නංවාලීමට ඉවහල් වේ.

දිනපතා නිවැරැදි හා ක්‍රමවත් ව්‍යායාම රටාවකට යොමු වීම, යෝග, භාවනා ක්‍රම ආදිය පුරුදු පුහුණු කිරීම, කය, මනස මෙන්ම ආධ්‍යාත්මික සුවය සලසා ගැනීම පිළිබඳ සැලකිලිමත් වීම හා යහපත් ඇවතුම් පැවතුම්වලින් යුතු වීම ආදී කරුණු රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම කෙරෙහි බලපාන සාධක වේ.

ස්වාභාවික ප්‍රතිශක්ති ප්‍රභවයක් වන මව්කිරි මඟින් කුඩා දරුවන්ගේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි. එමගින්, දරුවා උපතින් පසු සහ මව්කිරි දෙන තෙක් කාලසීමාව තුළ තාවකාලික ආරක්ෂාවක් ලබා දෙනු ලබයි. තවද, ශී‍්‍ර ලංකාවේ ප්‍රතිශක්තිකරණ සැලසුම් තුල ප්‍රතිදේහජනක අඩංගු දියර ඖෂධ එන්නත් මගින් සෘජුවම ශරීරයට ඇතුළු කිරීම මඟින් තෝරාගත් රෝග කිහිපයක් වැලඳීම වළකා ඇත.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ



subasetha

Comments