පැහැපත් සමකට කැමැති සැමට Golden Milk

ජුනි 2, 2023

සති අන්ත දිනයක් වූ ඉරිදා දින සවස මාගේ සායනයට තරුණයෙක් හා තරුණියක් පැමිණ ඔවුන් දෙදෙනාටම රුපලාවණ්‍ය ගැටලු ඇති බව පැවසූහ.

 

ඔවුන් දෙදෙනාම ළඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවළක් බව කථා බහේදි අනාවරණය විය.

තරුණිය සැබැවින්ම රූමත්ය. තරුණයාද කඩවසම් තරුණයෙකි. නමුදු මොවුහු දෙදෙනාම සමෙහි පැහැය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් නොවූහ.

ළඟදීම සිය මංගල උත්සවය පැවැත්වෙන බැවින් ඊට ප්‍රථම සමෙහි පැහැය වර්ධනය කරගත හැකිදැයි ඔවුහු මගෙන් විමසා සිටියහ. සමට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් විවිධ ක්‍රීම් වර්ග හා ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ග පිළිබඳ හා එමඟින් සිදු වන හානිය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් මොවුන් දෙදෙනාටම තිබුණි.

මා සොයා සායනයට පැමිණි මොවුන් දෙදෙනාටම අවශ්‍ය වූයේ ස්වභාවික අමු ද්‍රව්‍ය මඟින් සමෙහි පැහැපත්බව වර්ධනය කර ගෙන සිය මංගල දිනයේදි ලස්සනට සිටීමටය. සුබසෙත කියවන ඔබට ද රුපලාවණ්‍ය ගැටලු පවතින බව නොරහසකි. පාඨක ඔබ ද ලස්සනට ඉන්න හැඩට ඉන්න කැමති බව අපි දනිමු.

ඔබට පවතින ප්‍රධානම රුපලාවණ්‍ය ගැටලු පංච කල්‍යාණය ආශ්‍රිතව ඇති වන ගැටලුය.

කේශ කල්‍යාණය, දන්ත කල්‍යාණය, මාංශ කල්‍යාණය, ඡවි කල්‍යාණය, වය: කල්‍යාණය, පංච කල්‍යාණය යනුවෙන් හදුන්වනු ලබයි. මා සොයා සායනයට පැමිණි තරුණ යුවළට පැවතියේ ඡවි කල්‍යාණය ආශ්‍රිත ගැටලුවකි.

සමෙහි අව පැහැය, කුරුලෑ, පිග්මන්ටේෂන්, සුදු ලප, කළු ලප, සම හෙවත් ඡවි කල්‍යාණය ආශ්‍රිතව හට ගන්නා රුපලාවණ්‍ය ගැටලුය.

සායනයට පැමිණි තරුණ යුවළට සමෙහි පැහැපත් බව වර්ධනය කරන ස්වභාවික පානයක් සකස් කර ගන්නා ආකාරය මා පැහැදිළි කර දීමෙන් පසු දෙදෙනා සතුටින් සායනයෙන් පිට වූහ.

මසකට පමණ පසු ඔවුන්ගේ පෙනුම වර්ධනය වී ඇති බව පවසමින් මා හමුවීමට පැමිණි අතර ඊළඟ සතියේ විවාහය සිදුවන බවද සතුටින් පැවසූහ. සමෙහි පැහැපත් බව වර්ධනය කරන එම පානය සුබසෙත පාඨක ඔබට ද අද කියා දෙන්නෙමු.

 

අවශ්‍ය අමු ද්‍රව්‍ය

එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් 300 ථත

කස්තුරි කහ කුඩු තේ හැදි 1/4

වැල් මී කුඩු තේ හැදි 1/2

රනවරා මල් තේ හැදි 04

ගම්මිරිස් ඇට 04

කරද මුංගු ඇට 02

 

සාදන ආකාරය

 

පළමුව භාජනයට එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් 300 ථත දමන්න. ඉන්පසු පිළිවෙළින් කස්තුරි කහ කුඩු තේ හැදි 1/4 , වැල් මී කුඩු තේ හැදි 1/2, රණවරා මල් තේ හැදි 04, ගම්මිරිස් ඇට 04, කරදමුංගු ඇට 02 දමා මද ගින්නේ රත් කර ගන්න. ඉන්පසු භාජනය ලිපෙන් බා කිරි එක පෙරා පානය කරන්න.

මෙය පානය කිරීමෙන් සමෙහි පැහැපත් බව වර්ධනය වේ. සතියට දින තුකන් පමණ මෙම පානය පානය කළ හැකිය. උදය කාලය තුළ පානය කළ යුතුය. ගෝල්ඩන් මිල්ක් සෑදීමට භාවිත කරනු ලබන ආයුර්වේද ඖෂධ තුළ සමෙහි පැහැපත් බව වර්ධනය කිරීමට උපකාරී වන විටම්න් හා ඛනිජ ලවණ අන්තර් ගතව පවතී

එළකිරි හෝ ෆ්‍රෙෂ් මිල්ක් තුළ විටමින් A,B,C,E,Kහා පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, මැංගනීස් වැනි ඛනිජ ලවණ අන්තර්ගත වේ. ඉහත සදහන් කරන ලද විටමින් හා ඛනිජ ලවණ සමෙහි පැහැපත් බව වර්ධනය කිරීමට හා සමෙහි රැලි වැටීම් වැටීම් වලක්වා තරුණ බව ආරක්ෂා කිරීමට ද උපකාරී වන බව විද්‍යාත්මකව සනාථ කර ඇත.

කස්තුරි කහ තුළ විටමින් A,B1, B2, B3, B5,B6,B9, B 12 , C,D, හා E අන්තර් ගත වේ. මෙම විටමින් සමෙහි පැහැපත් බව වර්ධනය කොට, සමෙහි සුසිනිදු බව වර්ධනය කරනු ලබයි.

කස්තුරි කහ තුළ කර්කියුමින් සංඝටකය අන්තර් ගත වේ. මෙම සංඝටකය සමෙහි කාන්තිමත් බව හා දිදුළන බව වර්ධනය කිරීමට උපකාරී වන බව විද්‍යාත්මකව තහවුරු කොට ඇත.

කස්තුරි කහ මතක ශක්තිය වර්ධනය කිරීමට හා මානසික ආතතිය අවම කිරීමට ද උපකාරී වේ. තවද සමෙහි පවතින විෂ සහිත අපද්‍රව්‍ය ඉවත් කර, පිළිකා සෛල වර්ධනය අවම කිරීමට උපකාරී වේ. සන්ධි රෝග සුව කිරීමට හා අසාත්මිකතා සුව කිරීමටද කස්තුරි කහ උපකාරී වේ. වැල් මී තුළ ග්ලයිකොසයිඩ් අම්ලය අන්තර් ගත වේ. ග්ලයිකොසයිඩ් අම්ලය සමෙහි පැහැපත් බව, කාන්තිමත් බව, දිදුලන බව හා සිනිදු බව වර්ධනට උපකාරී වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.

ගම්මිරිස් හා කරදමුංගු තුළ අන්තර ගත විටම්න් A,B1,B2,B3,B5,B6,B9,B12  සම පැහැපත් කිරීමට නිරන්තරයෙන්ම උපකාරී වේ. තව ද සම මත ලප කැලැල් හා කුරුළෑ ඇති වීම පාලනයටද උපකාරී වේ.

ඔබට ද ගොල්ඩන් මිල්ක් සතියට දින තුනක් බැගින් මාස දෙකක් පමණ පානය කිරීමෙන් සමෙහි පැහැපත් බව වර්ධනය කර ,සමෙහි තරුණ බව ආරක්ෂා කර ගත හැකිය. සුබසෙත පාඨක ඔබට ද ගොල්ඩන් මිල්ක් සතියට දින තුනක් බැගින් මාස දෙකක් පමණ පානය කිරීමෙන් සමෙහි පැහැපත් බව වර්ධනය කර, සමෙහි තරුණ බව ආරක්ෂා කර ගත හැකිය.

සමෙහි පැහැපත් බව වර්ධනය කරනු ලබන ස්වභාවික ආලේපන සකසා ගන්නා ආකාරය පිළිබඳව ද මම එම තරුණ යුවලට උපදෙස් ලබා දුන්නෙමි.

ලස්සනට ඉන්න කැමැති, හැඩට ඉන්න කැමති සුබ සෙත පාඨක ඔබට ලබන සතියේදි සම පැහැපත් කරනු ලබන ආයුර්වේද ආලේපන සකසා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.

 

 

ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය, ආචාර්ය

මහේෂ් අතුරලිය



subasetha

Comments