අසථ භගනයකද පරතකර කරනන කසද?

ජුනි 30, 2023

අපගේ ශරීරය නිර්මාණය වී පවතින්නේ අස්ථි පද්ධතියකිනි. මෙම අස්ථිවල සිදුවන බිඳීමක් කැඩීමක් ‘භග්නයක්’ ලෙස හඳුන්වනු ලැබේ. අස්ථි භග්නයක් වීම සඳහා සාමාන්‍ය මෘදු පටක තුවාල වනවාට වඩා වැඩි බලයක් යෙදීම අවශ්‍ය වන අතර වැටීමකදී හෝ හදිසි අනතුරකදී අස්ථියට දරාගත නොහැකි බලයක් ලැබුණු විට මෙවැනි අස්ථි බිඳීමක් සිදුවිය හැකියි. මෙහිදී අස්ථිය කැඩීමට හෝ පිපිරීමට ලක්වීමට ඉඩ ඇත.

 

හදිසි අනතුරු අපේ රටේ සුලබව දකින්න පුළුවන්. අනතුරක් සිදුවූ විට බාහිර තුවාල මෙන්ම අස්ථි භග්නයක්ද ඇති විය හැකියි. අස්ථි භග්නයක් යනු කුමක්ද? අස්ථි භග්නයක් ඇති වූ අවස්ථාවක කි‍්‍රයා කළ යුත්තේ කෙසේද? රෝහල්ගත කිරීමට පෙර ලබා දිය හැකි ප්‍රථමාධාර මොනවාද යන්න පිළිබඳව අද ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

 

අස්ථි භග්නයක් යනු කුමක්ද?

 

අපගේ ශරීරය නිර්මාණය වී පවතින්නේ අස්ථි පද්ධතියකින්. මෙම අස්ථිවල සිදුවන බිඳීමක් / කැඩීමක් ‘භග්නයක්’ ලෙස හඳුන්වනු ලැබේ. අස්ථි භග්නයක් වීම සඳහා සාමාන්‍ය මෘදු පටක තුවාල වනවාට වඩා වැඩි බලයක් යෙදීම අවශ්‍ය වන අතර වැටීමකදී හෝ හදිසි අනතුරකදී අස්ථියට දරාගත නොහැකි බලයක් ලැබුණු විට මෙවැනි අස්ථි බිඳීමක් සිදුවිය හැකියි. මෙහිදී අස්ථිය කැඩීමට හෝ පිපිරීමට ලක්වීමට ඉඩ ඇත.

යම් පුද්ගලයකුගේ අස්ථි දුර්වල නම්, සුළු වැටීමකදී පවා අස්ථි භග්නයක් සිදුවිය හැකියි. අස්ථි බිඳීමකදී ඇතැම් විට අස්ථි කොටස් පිටතට පැමිණිය හැකි අතර ඇතැම් විට අස්ථිය බිඳී එලෙසම තිබිය හැකියි. එමෙන්ම කිසියම් අනතුරකදී අස්ථියක බිඳීමක් සිදු නොවී පිපිරීමක් පමණක් සිදු වුවහොත් එම ස්ථානයේ වෙනස්වීමක් බාහිරට දක්නට ලැබෙන්නේ නැත.

 

අස්ථියක් බිඳුණු බව හඳුනාගන්නේ කෙසේද?

 

අස්ථි බිඳීමකින් පසුව එම ස්ථානයේ තදබල වේදනාවක් සමඟ ඉදිමුමක් ඇති වේ. තවද එම ගාත්‍රයේ විකෘති වීමක් සිදු වුවහොත් අස්ථියක් බිඳුණා යැයි සැක කළ හැකි අතර එහිදී අතේ හෝ පාදයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිදුනොවේ. අස්ථි භග්නයක් සිදු වූ බවට සැක කරන අවස්ථාවක ඒ බව තහවුරු කර ගැනීම සඳහාත් අස්ථිය බිඳීමට ලක්වී ඇති ආකාරය නිවැරදිව බලා ගැනීම සඳහාත් ඔ- පචර පරීක්ෂණයක් සිදු කළ හැකි අතර ඛ්ඊ ඉජචද පරීක්ෂණයක් මඟින් සවිස්තරාත්මක විස්තරයක් ලබා ගත හැකිය.

 

අස්ථි භග්නයකදී ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල මොනවාද?

 

අස්ථි භග්නය සිදුවන අවස්ථාවේ ඒ ආශි‍්‍රත මෘදු පටකවලට ඇතිවන හානි නිසා විවිධාකාර ප්‍රථිපල ඇතිවිය හැකියි. අනතුර සිදුවූ ගාත්‍රයේ රුධිර නාලවලට හානි වී තිබී ඒ සඳහා හදිසි ප්‍රතිකාර නොලැබුණොත්, එම ගාත්‍රය ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා ඇත. ඒ වගේම, විවෘත භග්නයකදී අධික රුධිර වහනය වීම සහ ඛණ්ඩරා සහ පේශිවලට හානි වී අධික රුධිර වහනය වීම නිසා ජීවිත හානි සිදුවීමේ අවධානමක් ඇත.

කශේරුකා ආශි‍්‍රතව ඇතිවන භග්නවලදී ස්නායුවලට හානි සිදුවීමෙන් ශරීරයේ පහළ ප්‍රදේශය අකර්මණ්‍යතාවයට ලක්වී දීර්ඝකාලීන ආබාධිත තත්ත්වයන් ඇතිවිය හැක. තවද, අස්ථි සවි වීමට දීර්ඝ කාලයක් ගතවීම නිසාත්, අස්ථි වැරැදි විදිහට සවිවී තිබීම නිසාත් පුද්ගලයාගේ අවයව කි‍්‍රයාකාරිත්වයට බාධා ඇතිවිය හැකි බැවින් එදිනෙදා කටයුතු කරගෙන යාමට නොහැකි වී සමාජ හා ආර්ථික අපහසුතාවලට ලක්වීමට ඉඩ ඇත.

 

අස්ථි භග්නයක් යැයි සැක කරන අවස්ථාවක දිය හැකි ප්‍රථමාධාර මොනවාද?

 

පළමුවෙන්ම, රෝගියාගේ ශ්වසන කි‍්‍රයාවලිය නිසිලෙස සිදුවේදැයි පරීක්ෂා කර බලා ශ්වසන මාර්ගයේ අවහිරතා ඇතොත් ඒවා ඉවත් කළ යුතුයි. එසේ නොමැති වුවොත් ඔක්සිජන් නොලැබී යාම නිසා මොළයේ අකර්මණ්‍යතා ඇතිවිය හැකියි.

අස්ථි භග්නයත් සමඟ රුධිර වහනය සිදුවේ නම් පිරිසුදු රෙදි කැබැල්ලක් ගෙන තුවාලය මත තබා තෙරපීම මඟින් රුධිර වහනය වළක්වා ගත හැකියි.

භග්නය සිදු වූ අවයවය මත දෙපසින් පතුරු දෙකක් තබා වෙළුම් පටියකින් බැඳ නොසොල්වා තැබීමෙන් වේදනාව අවම කරගත හැකි අතර එමඟින් රෝගියා රැගෙන යාමේදී කැඩී තිබෙන අවයවය විවිධ සංකූලතාවලට ලක්වීම වළක්වාලිය හැකියි.

විවෘත භග්ගනයක් නොවන අවස්ථාවක, බාහිරින් අයිස් තබා භග්නය සිදු වූ ස්ථානය සිසිල් කිරීමෙන් පටක ඇතුළත රුධිර වහනය වීම අවම කර ගත හැකිය.

මෙහිදී ඉතා වැදගත් කරුණක් නම් කිසිම විටෙක භග්නය සිදුවූ මොහොතේ එම ස්ථානය රත් කිරීමට හෝ තැවීම සුදුසු නැත. එමඟින් රුධිර වහනය වැඩිවීම මෙන්ම ඉදිමුමද වැඩිවිය හැකිය.

 

අස්ථි භග්නයකට ලක්වූ රෝගියකු, රෝහල වෙත ගෙනයාමේදී සැලකිලිමත් විය යුතු කරුණු

 

අනතුර සිදුවන අවස්ථාවේ සමහරවිට කශේරුකා ආශි‍්‍රත කැඩීම් බිඳීම් සිදුවීමට ඉඩ ඇති බැවින් රෝගියා එසවීමේදී සහ ප්‍රවාහනයේදී බිඳී තිබෙන අස්ථී හා පටක තවදුරටත් හානි වීමට ඉඩ ඇත. එමඟින් සුෂුම්නාවට හානි විය හැකි බැවින් මෙවැනි රෝගියෙක්ව එසවීමේදී තිදෙනෙක්ගේවත් සහය ලබාගෙන රෝගියා තිරස් අතට එසවීම අවශ්‍යයි. එමෙන්ම ශල්‍යකර්මවලට භාජනය කිරීමට ඉඩ කඩ ඇති නිසා රෝගියාව නිරාහාරව තැබීමත් අධික පිපාසය ඇත්නම් තොල කට තෙමීම පමණක් කළ යුතුය.

ගෙල ආශි‍්‍රත කශේරුකා ආරක්ෂා කර ගැනීම සඳහා පත්තරයක් දික් අතට නවා ඒ ආධාරයෙන් තාවකාලිකව කොළරයක් පැළදීම සුදුසු වන අතර රෝගියා හැකි ඉක්මනින් ළඟම තිබෙන රෝහලට ඇතුළු කිරීම රෝගියාගේ ජීවිතාරක්ෂාව සඳහා අත්‍යවශ්‍යම කරුණකි.

 

භග්න සඳහා ආයුර්වේද ප්‍රතිකාර

කැඩුම් බිඳුම් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම සහ සාර්ථක ඖෂධ වර්ග ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇත. බිඳුණු අස්ථිය නිසි ලෙස ස්ථානගත කර ඒ මත ඖෂධ තෛල, මැල්ලුම් හෝ පත්තු තබා බැඳ අස්ථියක් සුවකර ගැනීමේ හැකියාව පවතින අතර යම් යම් පුද්ගලයින්ගේ ශරීර ස්වභාවයන්, අස්ථිවල තත්ත්වය සහ භග්නයේ තත්වය අනුව බිඳුණු අස්ථිය සුව වීමේ කාලය වෙනස් වේ.

බිඳුණු අස්ථියක් තරමක් සවිවූ පසු ඖෂධ යොදා සකසා ගන්නා ලද පොට්ටනිවලින් මඳ රස්නෙන් තවා ඖෂධීය තෙල් ගල්වා පිරිමදිනු ලබයි. ඉන් බලාපොරොත්තු වන්නේ පොට්ටනියේ ඇති ඖෂධ සහ ආයුර්වේද තෙල්වල ඇති ඖෂධීය ගුණය සමට සහ අස්ථියට උරා ගැනීමට සැලැස්වීමයි.

 

අස්ථි පද්ධතිය නීරෝගීව පවත්වාගෙන යාම සඳහා කළ යුතු දේ

අස්ථි පද්ධතිය නිරෝගීව හා ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා කැල්සියම් සහ විටමින් ඩී අඩංගු සමබල ආහාර වේලක් ගැනීම ඉතා වැදගත්ය. හාල්මැස්සන් සහ කුඩා මාලු වර්ග සතියකට කීප වරක් ආහාරයට ගැනීමත් නිසි ව්‍යායාම කිරීමත් අස්ථි පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා උපකාරී වේ.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ



subasetha

Comments