සෙම් රෝග නසන අගනා ඔසුව යකිනාරං

මැයි 12, 2023

ආ මොකද මේ පැත්තෙ?

 

වෙද මහත්තයෝ මගේ ඔළුව තද වෙනවා සැරින් සැරේ, රිදෙනවා, සෙම ගතියත් ටිකක් තියෙනවා. ඒකට බෙහෙත් ටිකක් ගන්න ආවෙ.

 

හිස තද වෙන්න පටන් අරන් ගොඩක් කල්ද? සෙම හැදුනෙ ළඟදිද?

 

හිස තද වෙන්න පටන් අරන් දැන් ටික කලක් වෙනවා. සෙම් ගතියත් දැන් දවස් කීපයක ඉඳල තියෙනවා.

 

හිස තද වෙන්නෙ හිස ඇතුළෙ නහරවල සෙම හිරවෙලා කරවෙලා. ඒ නිසා ඒක බුරුල් වෙන්න යකිනාරං කොළ ගිනි අඟුරුවලට දාල දුම් අල්ලන එක තමයි හොද.

 

 

ඒක විතරක් ඇත්ද?

 

දුම කීප දවසක් අල්ලල බලමු. ඇතිවේවි. ගයකිනාරං දුමට වේලිච්ච සෙම බුරුල් වෙලා පිටවෙනවනේ.

 

යකිනාරං එච්චර හොද බේතක්ද?

 

අපෝ ඔව්. යකිනාරං තව ගොඩක් රෝගවලට හොඳයි.

 

ඒ මොනවටද?

 

සෙංගමාල රෝගීන්ට යකිනාරං කොළ කැඳ හරිම ගුණයි. ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාවට සෙම පැසවන්න යකිනාරං කොළ කැඳ හුඟක් හොඳයි.

පීනසට සෙම්රෝගවලට දෙන බේත්වලට කෂායවලට යකිනාරං කොළ, මුල්, පොතු ගන්නවා. ළමයින්ට හැදෙන ඇදුම රෝගයට යකිනාරං තියෙන කෂාය ගොඩක් තියෙනවා. යකිනාරං කියන්නෙ ලෙඩ රෝග රාශියකට ගුණ දෙන ඔසුවක්. තවත් ප්‍රයෝජන ගොඩක් තියෙනවා.

 

යකිනාරං හැදෙන්නෙ කොයි පළාත්වලද?

 

අපේ රටේ නම් පහත රට ප්‍රදේශවල තමයි වැඩිපුර දකින්න ලැබෙන්නෙ. කොළඹ, කළුතර, පුත්තලම, කැකිරාව, බිබිල වගේ ප්‍රදේශ වල තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ අපේ රටේ විතරක් නොවේ ඉන්දියාවෙත් උණුසුම් ප්‍රදේශවල යකිනාරං ශාක වැඩිපුර දකින්න තියෙනවා.

 

යකිනාරං අඳුනගන්නෙ කොහොමද?

 

යකිනාරං මීටර් 2ක් විතර උසට හැදෙන පඳුරක්. ගමේ පදුරුවල අතු ගොඩක් බෙදිල ගිහින් තියෙනවා. කඳේ සහ අතුවල ඉතා තියුණු කටු තියෙනවා. කඳේ පොත්ත දුඹුරු පාටයි. පොඩි අතුවල අලු පාට බූවක් තියෙනවා. යකිනාරං කොළ තද කොළ පාටයි. සුදු පාට මල් මාර්තු අගෝස්තු අතර කාලයේ හැදෙනව. ඒ වගේම පොඩි ගෙඩිත් තියෙනවා ඒ ගෙඩි ඉදුණාම කහ පාටයි.

 

යකිනාරං ගැන ඒ තරම් විස්තර ඇහුවාමයි?

 

ඒ විතරක් නෙවෙයි. යකිනාරංවලට සිංහල භාෂාවෙන් යකිනාරං කියල කියද්දි සංස්කෘත භාෂාවෙන් කියන්නෙ අටවි ජම්බීර කියලයි. දෙමළ භාෂාවෙන් පෙයිකුරුන්ඩු කියල කියන අතර හින්දි භාෂාවෙන් ජංග්ලි නම්බු කියල කියනවා. ඒ වගේම යකිනාරංවල උද්භිද විද්‍යාත්මක නාමය ඒබචතචදබඪච ලඥරතචදඪජච වන අතර කුලය අඋඊඒඛ්ඡ්ඒඡ් හෙවත් ජම්බීර කුලයයි. ඒ වගේම යකිනාරංවල ප්‍රභේද 2ක් තියෙනවා. අටවි ජම්බීර සහ ගල් මොරටු කියලා යකිනාරංවල ඖෂධ සඳහා ගන්නෙ කොළ, පොතු, ගස මුල්.

යකිනාරං දලු චන්ද්‍ර කල්කය සමග අනුපාන විදියට ගන්නවා. ඒ වගේම විවිධ කෂාය රාශියක අඩංගු වෙනවා. ලුණු කඩවැල්ලෙ පීනස් තෙල හදන්න දාන එක ජාතියක් තමයි යකිනාරං මුල්. ඒ වගේම සත්‍ව යකිනාරං කොළ, පොතු, මුල් ආදිය ගන්නවා.

 

මට දැන් තමයි තේරුම් ගියේ යකිනාරං කියන්නෙ දිව්‍ය ඖෂධයක් නේ?

 

ඔව්. බලාගෙන ගියාම දිව්‍ය ඖෂධයක්ම තමයි. ඒ විතරක් නෙමේ තවත් ප්‍රයෝජන රාශියක්ම තියෙනවා. මදුරුවන් පලවා හරින්න යොදන දුම් ඇල්ලීමටත් යකිනාරං පංචාංගය ගන්නවා. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් බලි තොවිල් සඳහාත් යකිනාරං ගෙඩි සහ කොළ අත්ත යොදා ගන්නවා. මේවගේ විවිධ ප්‍රයෝජන රාශියක් යකිනාරංවලින් ලැබෙනවා.

 

වෙද මහත්තයට ගොඩක් ස්තූතියි යකිනාරං ගැන නොදන්න තොරතුරු ගොඩක් කියල දුන්නට.

 

ඔව්. යකිනාරං කියන්නෙ අගනා ඖෂධාහාරයක් විතරක් නෙමෙයි. බොහෝ ප්‍රයෝජන තියෙන ශාඛයක්. මම කියපු දේවල් හිතට අරගෙන හරියට ප්‍රතිකාරය කර ගන්න ඉක්මනට සනීප වේවි.

 

 



subasetha

Comments