Green Tea භාවිතය අවදානමක්ද?

ජූලි 21, 2022

තේවලට, තේ පානයට අපේ රට කොචච්ර ප්‍රසිද්ධ වෙලා තිබුණත් තේ සම්බන්ධයෙන් කොයි කවුරුත් දැන සිටිය යුතුම අප්‍රසිද්ධ කාරණා කීපයක් ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නේ. තේවල මේ ජනප්‍රියත්වයට හේතුවෙලා තිබෙන්නේ තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය හා තේ පානයෙන් සිරුරට ලැබෙන උත්තේජන ගුණය නිසයි.

තේ කුඩු භාවිතයට වඩා Green Tea භාවිතයෙන් තේ බොනඑක වාසියිද?

සාමාන්‍ය තේ කුඩුවලට වඩා ටී බෑග් එකක තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළයි. ටී බෑග් එකේ තිබෙන තේ කොළ අවශ්‍ය පමණට උණු වතුරට ස්පර්ශ වීමත් ඊටත් එක් හේතුවක්. ටී බෑග් එකක් මඟින් තේ එකක් හදාගැනීම පහසුයි. තේ කුඩු තේ හැන්දක් තරම්ම තේ කුඩු Tea  Bag  එකක තිබුණත් නිවසට පැමිණෙන අමුත්තකුට තේ පැන් සංග්‍රහයක් කරද්දී Tea  Bag  එකක් භාවිත කිරීම එක් අතකින් ආකර්ෂණීයයි කීවත් නිවැරදියි. හැමදේටම මුල්වන හිතට අමුත්තක්, වෙනසක් දනවන්න Tea  Bag එකකින් බොන තේ එකකට හැකියාවක් තිබෙන බව මනෝ විශ්ලේෂකයන් පවා පිළිගත් කාරණයක්.

ප්‍රතිඔක්සීකාරක ගුණය රැඳී පවතින කාලය

වතුරේ තැම්බුණු පසු තේ සතු ප්‍රතිඔක්සීකාරක ගුණය පැය 48ක් පුරා රැඳී තිබෙනවා” කියලා සමහර පර්යේෂණ මඟිින් සනාථ වුණත් කිසිම කෙනෙක් දවස් දෙකක් තියාගෙන තේ බොන්නේ නෑනේ. මේ නිසා විනාඩි තුනක් පමණ උණු වතුරේ Tea  Bag එකක් ගිල්වා තබා පානය කරන තේ කෝප්පයක ප්‍රතිඔක්සීකාරක ගුණය ඉහළ බව සාමාන්‍ය පිළිගැනීම වී තිබෙනවා.

වැඩියෙන් ගුණ Green Tea ද? Black  Tea ද?

Green Tea වලත් Black  Tea වලත් ප්‍රතිඔක්සිකාරක ගුණයේ වෙනසක් තිබෙනවා. Green Tea වල සුලබව Catechin  නමැති රසායනය අඩංගුයි. එමගින් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. Green Tea ප්‍රසිද්ධව තිබෙන්නේ එහි ඇති හදවතට මිතුරු ගුණාංග නිසයි. සමස්ථයක් ලෙස මේ කොයි තේ වර්ගයත් වෙනසක් නෑ. ඒත් වර්තමානයේ ඇතැම් කූට වෙළඳුන් තේ කර්මාන්තශාලාවලින් ඉවතලන කසළ තේ විවිධ උපක්‍රම මඟින් ලබාගෙන (බොහෝවිට පොහොර නිෂ්පාදනය සඳහා කසළ තේ යොදා ගනී.) ඒවාට විවිධ ශාක පොතුවල කහට, කෘත්‍රීම වර්ණක (සමහරවිට අළුහුණු වැනි අධික විෂ සහිත දේ මෙම කසළ තේ වලට සියුම්ව මිශ්‍ර කරන අතර ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ එම තේ වලට උණු ජලය දැමූ විට රත් පැහැ වීමයි.) යෙදූ ඉතා දර්ශනීය, වර්ණවත් දවටනවල අසුරා වෙළඳපළට නිකුත් කරන අවස්ථා සුලභව තිබෙනවා. එවැනි තේ පානය කිරීමෙන් කලක් ගතවන විට පිළිකා ඇතුළු විවිධ දරුණු ගණයේ රෝගවලට ඔබ ලක්වීමට ඉඩක් ඇති බැවින් නිරතුරුව ඔබ වෙළඳපලෙන් ප්‍රමිතිය සහතික කළ විශ්වාසවන්ත වෙළඳ නාමයක් හිමි තේ මිලදී ගැනීමට අමතක නොකළ යුතුයි. මෙහිදී නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව ද නොවැරදීම සැලකිලිමත් විය යුතුයි. ග්රීන් ටී මෙවැනි විපර්යාසයන්ට ලක් කිරීම සිදු නොකරයි.

විනාඩි 5කට වඩා තේ කොළ තම්බන්න එපා.

සාමාන්‍යයෙන් විනාඩි පහක් ගතවන විට තේ වල සියලු ප්‍රතිඔක්සිකාරක ගුණාංග තේ කෝප්පයට අවශෝෂණය වී අවසන්. ඉන්පසු එහි කිසිදු ගුණයක් නෑ. මේ අනූව තේ ගොට්ට කොතරම් කාලයකින් අලුත් කළ යුතු ද යන්න ගැනත් ඔබට අවබෝධයක් ලැබෙනු ඇති. වරක් භාවිතා කළ තේ කොළ නැවත වරක් භාවිතා කිරීම නිවැරදි නොවන බව ඔබට අවබෝධ වෙන්න ඇති. සමහරු තේ සඳහා ජලය රත්කරන බඳුනට හෝ කේතලයට තේ කොළ දමා ලිප තබා රත් කරන අවස්ථාද තිබෙන අතර එහිදී තේ කොළ සතු ප්‍රතිඔක්සිකාරක ගුණාංග සහමුලින්ම විනාශවී යන බවත් අමතක නොකරන්න. මේ නිසා රසයෙන් මෙන්ම ගුණය නොනැසෙන සේ තේ කෝප්පයක් සාදා ගැනීමට ඊඥච ඕචඨ එකක් භාවිත කිරීම හැම අතින්ම සුදුසුයි.පහසුයි.

Green Tea පිළිකා නාශක ගුණයක්.

Green Tea පානය කිරීමෙන් ආහාර ජීර්ණ මාර්ගයේ පිළිකා ඇතිවීමේ අවධානම බිඳවැටෙන බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. ඊට උපකාරී වන්නේ Green Tea වල අඩංගු Epigallo Catechin Galliate  (EGCG) නම් රසායනිකයයි. මෙම රසායනය මඟින් පිළිකා සෛල හැදීමට ඉවහල් වන  Dihydrofolate Reductase නමැති එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩාල කරයි. එය පිළිකා නාශක ඖෂධයක් තරම් ක්‍රියාකාරියි.

Green Teaවල අඩංගු රසායනික ගැබිනි කාන්තාවන්ට අහිතකරයි

විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ගර්භිණී කාන්තාවන් හා ළඟදී මවක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවන් නම් Green Tea පානය කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. විශේෂයෙන්ම ගර්භිණී වීමට මාස 6 කට පෙර සිට Green Tea පානය නවතා දැමිය යුතු අතර ගර්භිණී සමය තුළ ග්රීන් ටී පානය සම්පූර්ණයෙන්ම නවතා දැමීම ඉතාම අත්‍යවශ්‍ය තත්වයකි. ග්රීන් ටීවල අඩංගු  EpigalloCatechinGalliate  (EGCG) නම් රසායනිකය ගර්භිණී මව්වරුන්ගේ සිරුරේ ෆෝලික් අම්ලය අඩපණ කිරීමට බලපෑම් කරයි. ශරීරය සිහින් කරගැනීමේ අරමුණෙන් Green  Tea  නිතර පානය කරන මවක් නම් හෝ අලුත විවාහපත් කාන්තාවක් නම් දරුවකු බලාපොරොත්තුවෙන් සිටිනවා නම් වහාම Green Tea පානය නැවැත්විය යුතුයි. එසේ නොවුණහොත් දරු කලලයේ ස්නායුවල දුර්වලතා ඇතිවීමේ අවධානමක් පවතී. සාමාන්‍යයෙන් මවක්වීමට බලාපොරොත්තුවන කාන්තාවක් ගර්භිනී වීමට මාස තුනකට පමණ පෙර සිටම ෆෝලික් අම්ලය භාවිත කරන අතර ෆෝලික් අම්ලය භාවිතයත් සමඟ Green  Tea  භාවිතය නවතා දැමීම අත්‍යවශ්‍යම වේ. දරු කලලයේ ස්නායු දුර්වලතා මෙන්ම දරුවාගේ කොඳුඇට පෙළේ ආබාධ ඇතිකිරීමටද මෙවැනි විශේෂ තත්වයන් වලදී Green  Tea  භාවිතය ඉවහල් වන බවද කිව යුතුයි.

උපදෙස්- වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ

වෛද්‍යාචාරිණී - ධම්මිකා අමරසේකර

සටහන- කීර්ති එස් කුමාර

 

 

 

 

 

 

 



subasetha

Comments