කාටත් ගුණ අඹ

දෙසැම්බර් 31, 2021

මගධ දේශයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහා රහතන් වහන්සේ බුදු දහම මෙරටට ගෙන ආවේ පොසොන් පොහොය දිනයේ ය.

මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජතුමාගේ ඥානය පිරික්සීම සඳහා සුප්‍රසිද්ධ “අඹ ප්‍රශ්නය” විමසා බැලීම තුළින් ගම්‍ය වන්නේ අඹ හා බුදු දහම අතර ඇති සබඳතාවයි. උද්භිද විද්‍යාත්මක වර්ගීකරණය අනුව අඹ අයත් වන්නේ මැන්ජිපෙරා (ර්චදඨඪටඥපච) නම් ගණයටයි. ඝර්ම කලාපීය පලතුරක් වන අඹවල විශේෂ 30 ක් පමණ හඳුනාගෙන ඇත. පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය වැනි දකුණ සහ ගිණිකොණ දිග ආසියානු රටවල සුලභ පලතුරක් ලෙස අඹ විස්තර කළ හැකිය.

නැවුම් අඹ කෝප්පයක එනම් ග්‍රෑම් 165 ක කැලරි 99 ක් ද ප්‍රෝටීන් ග්‍රෑම් 1.4 ක් ද කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 24.7 ක් ද මේදය ග්‍රෑරෑම් 0.6 ක් ද තන්තු ග්‍රෑම් 2.6 ක් ද ස්වාභාවික සීනි ග්‍රෑම් 22.5 ක් ද ඊට අමතව විටමින් හා ඛනිජ ලවණ ද සෑහෙන ප්‍රමාණයක් අන්තර්ගතය. ඛනිජ ලවණ අතරින් අඹවල කොපර් සහ පොලේට් ඉහළ ප්‍රතිශතයක් අඩංගු වේ. මෙම පෝෂක ගර්භණී මාතාවන්ගේ නිරෝගී බව පවත්වාගෙන යාමට උපකාරී වේ. තවද අඹවල ඇති කැලරි ප්‍රමාණය ඉතා අවම අගයක් ගනී. අඹවල ඉහළ ප්‍රතිශතයකින් විටමින් සී අන්තර්ගත අතර විටමින් සී ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමටත්, යකඩ අවශෝෂණය පහසුවීමටත්, නිසි ලෙස සෛල වර්ධනයටත් උපස්ථම්භක වේ. අඹ අනුභව කිරීම දියවැඩියාව නම් රෝගී තත්ත්වය වළක්වා ගැනීමට උපකාරී වේ. අඹවල අන්තර්ගත ස්වාභාවික සීනි එයට හේතුව වේ.

මෑතක දී සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූයේ විටමින් සී හා කැරොටිනොයිඩ අඩංගු එළවළු හා පලතුරු ආහාරයට ගැනීම දියවැඩියාව වළක්වා ගැනීමට උපකාරී වන බවයි. අඹවල ඉහත සංයෝග දෙක බහුලව අඩංගු වේ. තවද අඹවල අඩංගු පොලිපීතෝල නිසා එය ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුªණයක් සහිත පලතුරකි. මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය වේ. එමකුද නොව සමහර ආන්ත්‍රික හා පියයුරු පිළිකා සෛල මර්දනය කිරීමට අඹ ආහාරයට ගැනීම හේතු කාරක වන බවද සොයා ගෙන ඇත.

කෙසේ වෙතත් බොහෝ ශ්‍රී ලාංකිකයින් දේශීය පලතුරු අනුභවය කිරීම පසෙකලා විදේශීය පලතුරු අනුභවය කිරීමේ ප්‍රවණතාවක් ඇත. වස විෂ සහිත විදේශීය පලතුරු අනුභවය කිරීමේ පුරුද්ද අතහැර දමා අඹ වැනි දේශීය පලතුරු වර්ග ආහාරයට ගැනීම හැම අතින්ම අපගේ සෞඛ්‍යයට හිතකර වේ.

 

එස්.එම්. ජයසූරිය

 



subasetha

Comments