වැඩිපුර ජලය පානය කළ යුතු අවස්ථා

නොවැම්බර් 19, 2021

පිරිසිදු වතුර කියන්නේ ලොකේ තියෙන හොඳම පානයයි . දවසකට වතුර වීදුරු අටක්වත් බොන්න ඕනේ. නමුත් ඒ හැම තිස්සේම නෙවෙයි. වැඩිපුර වතුර බොන්න ඕනේ වෙලාවන් සහ අඩුවෙන් වතුර බොන්න ඕනෙ වෙලාවන් තියෙනවා. උදේට නැගිට්ට ගමන් හිස්බඩ වතුර වීදුරුවක් බොන්න ඕනේ. ඒකට හේතුව තමයි රාත්‍රී‍යේ නිදාගන්න පැය හය හෝ අට තුළ මිනිස් සිරුර යම් තරමකින් විජලනයට පත් වීමට ඉඩ තියෙනවා. ඒ නිසා උදෑසන අවදි වූ වහාම වතුර වීදුරුවක් පානය කිරීමෙන් එම තත්ත්වය පහසුවෙන් මඟහැර ගන්න පුළුවන්.

මෙහි සඳහන් වන්නේ ඔබ විසින් සිතා මතාම වැඩිපුර ජලය ප්‍රමාණයක් පානය කළ යුතු අවස්තාවනුයි.

ව්‍යායාම කිරීමෙන් පසු

ව්‍යායාම කිරීමෙන් පසු එළඹෙන විනාඩි 15 ක් තුළ කාලය ව්‍යායාම කිරීමේ දී සිරුරෙන් දහඩිය වැඩිපුර පිට වෙනවා. ඒ නිසා දහඩිය ලෙස පිටවන ජලය නැවත වරක් සිරුරට ලබාගතයුතු වෙනවා. ඒ සඳහා වැඩිපුර ජලය ප්‍රමාණයක් පානය කිරීම අත්‍යාවශ්‍යයි.එසේ නොමැති වුවහොත් පාදවල මස්පිඬු පෙරළීමේ අවධානමට ඔබ පහසුවෙන් ලක්විය හැකියි.

ඔබ වායු සමනය කළ කාර්යාල වල වැඩි පැය ගණනක් රැඳෙනවා නම්

වායු සමීකරණය කළ කාර්යාල තුළ සේවය කරන අයත් සිතා මතාම වැඩි වතුර ප්‍රමාණයක් වතුර බොන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි වායු සමීකරණය නිසා සිරුරේ වියළීම වැඩි වීම. සම මත ඇති සෛල ස්ථරය මඟින් සිරුරෙන් තෙතමනය පිටවෙන නිසා තමයි වායු සමීකරණය කළ සේවා ආයතන වල රාජකාරී කරන අයගේ සම නිතරම ඉරිතැලුණු ස්වභාවයක් ගන්නේ, ඒ නිසා එවැනි ස්ථාන වල ඉන්න අයත් නිතරම වතුර බොන්න අත්‍යාවශ්‍යයි.

මුහුදේ නෑමට යන්නට පෙර හා පසු

මුහුදේ නෑමට යන අයත් එසේ යාමට පෙර මේ පිළිබඳව ටිකක් වැඩිපුර හිතන්න ඕනේ. මුහුදු ජලය ලුණු සහිත නිසා වැඩි වේලාවක් මුහුදු වතුරේ බැහැලා ඉද්දී සිදු වෙන්නේ සිරුර විජලනයට ලක්වෙන එකයි . ඒ නිසා මුහුදේ නාන්න යන්න කලින් සහ නාලා ආවට පස්සේ ටිකක් වැඩිපුර ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය තත්ත්වයක්.

වැඩි වේලාවක් එළිමහනේ ඉන්න වුණොත්

දහවල් කාලයේ එළිමහනේ අව්වේ ඉන්න වුණොත් දහඩිය ගැලීම ඉතාම වැඩියි. ඒ නිසා ඒ වගේ වෙලාවටත් වැඩිපුර වතුර බොන එක තමයි සුදුසු .

ආහාර ගැනීමේදී ජලය පානය කළයුතු පිළිවෙල

ආහාර ගනිමින් ඉන්න අතරේ වතුර බොන්න පුරුදු වුණු අයත් ඕනේ තරම් ඉන්නවා. නමුත් ආහාර ගන්නා අතරතුර නම් වතුර බොන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. නමුත් ආහාර ගෙන අවසන් වුණාට පස්සේ වතුර වීදුරුවක් පානය කිරීම ප්‍රමාණවත්. ඒ වගේම ආහාර ගත්තාට පස්සේ වැඩිපුර වතුර බොන්න ඕනේ නම් ආහාර ගෙන විනාඩි 45 කට විතර පස්සේ වතුර වැඩිපුර බීම සුදුසුයි.වඩාත්ම සුදුසු වන්නේ ජලය පානය කිරීමට ඉඩක් තබාගෙන ආහාර මඳක් අඩුවෙන් ගැනීමයි.

වැඩිපුර තෙල් මිරිස් දැමූ ආහාර ගත් පසු.

තෙල් සහ මිරිස් වැඩිපුර දැමූ කෑම වර්ග හෝ බැදුම් වර්ග ආහාරයට ගත්තාට පස්සේ වතුර ටිකක් වැඩිපුර බීම ඉතාම සුදුසුයි. තෙල් වැඩිපුර කෑමෙන් ආමාශයේ ආම්ලිකතාව වැඩි වන නිසා එය සමනය කර ගන්න වතුර වැඩිපුර බීම අත්‍යාවශ්‍යයි.

මූත්‍ර වල වර්ණය කහ පාටයි නම්,

මුත්‍ර වල වර්ණය අනුවත් පානය කළ යුතු වතුර ප්‍රමාණය තීරණය කළයුතු වෙනවා. මුත්‍ර වල වර්ණය කහ පැහැයට හුරුයි නම් වතුර වැඩිපුර බොන්න ඕනේ. නමුත් මුත්‍ර වල පැහැය අවර්ණයි නම් ඒ ගැන එතරම් සැළකිය යුතු වෙන්නේ නැහැ.මූත්‍ර හොඳීන් පෙරී යාමට නම් දිනකට ජලය වීදුරු 8 ක්( ලීටර 2.5ක් පමණ) පානය කිරීමට අමතක නොකළ යුතුයි

සටහන

කීර්ති එස්.කුමාර

 



subasetha

Comments