නිරෝගී සැපදෙන නිරෝගී සැපදෙන

අගෝස්තු 13, 2021

සැපදිල්ලා ඉතා රසැති වගේම ගුණැති මිහිරි පලතුරක් වුවත් බොහෝ දෙනෙක් ආහාරයට නොගැනීම අවාසනාවන්ත තත්ත්වයකි. දේශීය පලතුරක් ලෙස ජනතාව අතර ජනපි‍්‍රය කළ යුතු අගුණයක් නැති ඖෂධීය ගුණයෙන් අනූන පලතුරකි.

 

සැපදිල්ලා මිහිරි රසැති පලතුරකි. පෝෂණීය ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත ය. වාණිජ වගාවක් ලෙස ලංකාවේ ව්‍යාප්ත වී නැති නමුත් ගම්බද නිවෙස්වල ගහක් දෙකක් දක්නට ඇත. නිවෙස් ඉදිරිපිට අලංකාරයටද වගා කරනු ලබයි. නිවර්තන කලාපීය අමෙරිකාව නිජබිම කරගත් සැපදිල්ලා මැක්සිකෝව සහ ඉන්දියාව වාණිජ වගාවක් ලෙස විශාල වශයෙන් වගා කෙරේ.

 

චදඪතඬචපච ඛචනධබච යන උද්භිද නාමයෙන් හඳුන්වන සැපදිල්ලා විදේශීන් විසින් ශ්‍රී ලංකාවේ පළමුවෙන් වගාකිරීම් ආරම්භ කර ඇත්තේ 1912 වර්ෂයේ කළුතර දිස්ත්‍රික්කයෙනි. අද වන විට වාණිජ වගාවක් ලෙස විශාල ලෙස වගා නොකළත් දිවයින පුරා ව්‍යාප්තව ඇති පලතුරකි. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි වියළි කාලගුණයටත් හොඳින් ඔරොත්තු දෙන ශක්තිමත් ගසකි. ඕනෑම සුළඟකට ඔරොත්තු දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ මී සහ පලු වර්ගයට අයත් සැපදිල්ලා ශාකය එම ශාකවලට බද්ධ කිරීමේ සාර්ථකව ව්‍යාප්ත කළ හැක. කෙසේ නමුත් බීජ මඟින් බද්ධ කිරීම මඟින් සහ ලේයර් ක්‍රමයට අතුරිකිලිවල මුල් අද්දවා ගැනීම මඟින් බෝ කරන අතර සැපදිල්ලා ගස වසරකට දෙවරක් පළ දරයි. සැපදිල්ලා නැවුම් පලතුරක් ලෙසත් සිසිල් බීම, අයිස් ක්‍රීම්, කේක්, වයින් ආදිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනේ. විශේෂයෙන්ම සැපදිල්ලා ගසේ පොත්තෙන් ලබා ගන්නා කිරිවලින් චුයින්ගම් නිෂ්පාදනය කරයි. රසවත් පලතුරක් මෙන්ම ශක්ති ජනක සහ කැරොටින්වලින් ඉහළය. කොලෙස්ටරෝල්වලින් තොර මෙහි ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ ආහාරමය තන්තුවලින් යුක්තය. සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ ආදී ඛනිජ ලවණ මෙන්ම විටමින් ඒ, සී සහ පිරිඩොක්සීන් (බී6) අඩංගු වේ. සැපදිල්ලා ආහාරයක් වශයෙන් රස, පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයෙන්ද යුක්තය. ආයුර්වේද ඖෂධ ගුණය වන්නේ ස්වසන පද්ධතියේ ඇතිවන සෙම රෝග මර්දනය කිරීමේ හැකියාවක් සැපදිල්ලා වලට ඇත. විටමින් සී බහුල නිසා කෑම රුචිය වඩවයි. විෂ බීජ නාශක ගුණයත් ප්‍රදාහ සුවපත් කිරීමේ ගුණය මෙන්ම ප්‍රතිශක්තිය වර්ධනය හැකියාවෙන් ද යුක්තය. පොටෑසියම් බහුලත්වය නිසා අධික රුධිර පීඩනය පාලනය කර හෘද රෝග වළක්වයි. මලබද්ධය දුරුකරමින් අර්ශස් රෝගය පාලනය කරයි. විටමින් ඒ සහ කැරොටින් බහුලත්වය නිසා ඇස්වල දුර්වලතා බැහැර කර දෘෂ්ටිය වර්ධනය කරයි. සැපදිල්ලාවල අඩංගු පෝලික් අම්ලය නිසා ගැබිනි මව්වරුන්ට හිතකරය. ස්වසන රෝග මැඩලීමේ හැකියාව ඇති සැපදිල්ලා උණ, සෙම, කැස්ස සුව කිරීමට ඉවහල් වේ.

සැපදිල්ලා ඉතා රසැති වගේම ගුණැති මිහිරි පලතුරක් වුවත් බොහෝ දෙනෙක් ආහාරයට නොගැනීම අවාසනාවන්ත තත්ත්වයකි. දේශීය පලතුරක් ලෙස ජනතාව අතර ජනපි‍්‍රය කළ යුතු අගුණයක් නැති ඖෂධීය ගුණයෙන් අනූන පලතුරකි. කෙසේ නමුත් අමු හෝ බාගෙට ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමට නොහැක්කේ ඇලෙන සුළු ගතියක් හේතුවෙනි.

පැණි රස වැඩි නිසා ගෙඩි ගොඩක් එක දිගට කෑමට නොහැක. ඒ වගේම පැණි රස වැඩි නිසා වැඩිපුර කෑමෙන් මත් ගතියක් මෙන්ම නිඳි මතද ඇතිවේ. සැපදිල්ලා වෙළඳ පොලේ බහුලව දක්නට නැති වුවත් පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් ඉහළ රසවත් පලතුරකි.

 

කෝනාර එම්. ගුණපාල

(බංගදෙනිය සමූහ)

 



subasetha

Comments