ගොරකා

මැයි 7, 2021

ගොරකා කිසිදු වියදමක් නොදරා ඵල නෙළා ගත හැකි භෝගයකි. ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. උෂ්ණ ගුණයෙන් යුක්ත ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍යය. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීම සඳහා ගොරකා ආහාරයට ගනී.

නාග කේසර (ට්භබබඪටඥපචඥ) කුලයට අයත් ගොරකා ප්‍රභේද හතරකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරකා එළ ගොරකා යනුවෙන් හඳුන්වනු ලබයි.

රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රසවත් කිරීමට යොදා ගනී. මෙම ගොරකා දෙවර්ගයෙහිම මද රසවත් පලතුරකි.

මල ගොරකා ආහාර රසවත් කිරීමට යොදා නොගනී. රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කරනු ලබයි.

ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන් ගෙට අත්‍යවශ්‍යම කුළුබඩු වර්ගයකි. ආහාර රසවත් කර ගැනීමට මෙන්ම ආහාර කල් තබා ගැනීමට ගොරකා භාවිත කරයි.

ගොරකා කිසිදු වියදමක් නොදරා ඵල නෙළා ගත හැකි භෝගයකි. ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. උෂ්ණ ගුණයෙන් යුක්ත ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍යය. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීම සඳහා ගොරකා ආහාරයට ගනී. අර්ශස් හා පණු රෝග සඳහා ද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. අත් බෙහෙත් සඳහා ද ගොරකා යොදා ගැනේ.

ගොරකා පළු තැම්බූ වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇඟිලි කරු කැසීම් සුව වේ. උගුªරේ අපහසුවට ගොරක පළු, ගම්මිරිස් ඇට, ලුණු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.

වියළි ගොරකා බික්, ලුණු ස්වල්පයක් සමඟ තළා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්මට ගුණ දේ.

දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කරයි.

ගොරකාවල බහුල වශයෙන් විටමින් සී අන්තර්ගතතය. ඊට අමතරව ජලය, ටාටරික් අම්ලය, පොටෑසියම් හා විවිධ විටමින් වර්ග රාශියක් ගොරකා තුළ අන්තර්ගතය.

තරබාරුකම අඩු කිරීම සහ අනවශ්‍ය මේද දහනයද ගොරකා මගින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයන්ය. ය. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට, ආහාරවල විෂ සමනයට බඩවැල්වල පිළිකා වැළැක්වීමට බිඳුණු අස්ථි ශක්තිමත් කිරීමටද ගොරකා උපකාරී වේ. කැඩුම් බිදුම් සඳහා ප්‍රතිකාර කිරීමේ දී ගොරකා පොතු සහ මල් යොදා ගන්නා අතර වකුගඩුවල ගල් කැබලි කිරීමේ ශක්තියද ගොරකා සතු ය.

දේශීය කෙම් ක්‍රම සහ ශාන්ති කර්ම සඳහා ද ගොරකා යොදා ගනු ලබයි. ඇතැම් කිරි පට්ටි හිමි ගොවියන් ගව පට්ටියටට ඇතුළුවන ස්ථානයේ ගොරකා පැළයක් සිටුවයි.

ගොරක විසන්ධි කළ විට ගෝ + රක ලෙස යෙදේ. එහි අරුත ගවයන් රකින්නා යන්නයි. ගැමි විශ්වාසය අනුව ගවයන් රකින්නේ ගොපලු දෙවියා ය. ගොපලු දෙවියන් වැඩ සිටින ගොරක ගසක් ගව පට්ටියට ඇතුළු වෙන ස්ථානයේ සිටුවීමෙන් එම ගොරක ගසට ගොපලු දෙවියන් වැඩ තම ගව පට්ටිය ආරක්ෂා දෙන බවට ගැමියන් තුළ විශ්වාසයක් පවතී.

ආයුර්වේදයේ දී ගොරකාවල පංචාංගයම භාවිතයට ගනී. ගොරකා මදවලින් තෙල් සිඳ ගැනීමෙන් ඖෂධයක් ලෙස භාවිත කරයි. ගොරකා මදවලින් රසවත් පානයක් සකස් කර ගැනීමට ද පුළුවන.

අන්තර් ජාලය ඇසුරින් සකස් කළේ

මාදම්පේ සමූහ -

ඒ.පී. ගුණරත්න



subasetha

Comments