ආහාර රුචිය වඩවන ආමාශයට හිතකර බිලිං

මැයි 28, 2021

ඈත අතීතයේ සිටම බිලිං ඉතා ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක් ලෙස සලකා තිබේ. දේශීය මෙන්ම ඉන්දියානු පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ භාවිතයන් පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇත. එහිදී බිලිං ශාකයේ කොළ සහ මල්වලින් සාදා ගන්නා ලද වට්ටෝරු අතීතයේ සිටම චර්ම රෝග කුරුලෑ, කම්මුල්ගාය, කක්කල් කැස්ස, සිපිලස් වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගෙන ඇත.

 

බිලිං මීටර් 10 ක් දක්වා උසට වැඩෙන උද්භිද කුලයට අයත් කුඩා ශාකයකි. බිලිං අර්ශස්, උණ, ශීතාද රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. කුසගිනි වඩවන, ආහාර රුචිය ඇතිකරවන ආමාශයට හිතකර ගුණ සහිතයි.

 

කටු ඇණුනු විට බිලිං ගෙඩි උණු අළුවේ තම්බා බැඳීම සරල ප්‍රතිකාර ක්‍රමයකි. රුධිර පීඩනය, උපදංශය, දියවැඩියාව, උගුරේ ආසාදන, හොරි වැනි චර්ම රෝග, ගුද මාර්ගයේ රෝග, ආතරයිටිස්, කැස්ස ආදී රෝග අවස්ථාවලදී බිලිං කොළ සහ ගෙඩි භාවිතා කරයි.

බිලිං විටමින් සී බහුල පලතුරකි. ව්‍යාංජන, චට්නි, අච්චාරු, ජෑම් ලෙසද සකසා ආහාරයට ගනී.ව්‍යාංජනවලට ඇඹුල් රස එකතු කිරීමටද බිලිං යොදා ගනී.

බිලිං යුෂ පානය පිපාසය සංසිඳුවාලයි. ළපටි බිලිං ගෙඩි ලුණු දමා තම්බා විටින් විට එකතුවන ජලය ඉවත් කර වේලාගෙන එයට කෑලි මිරිස්, රතුලූනු, කරපිංචා ආදිය දමා තෙම්පරාදු කර ගත් පසු බත් සමඟ අනුභව කළ හැක.

බිලිං ගෙඩියක් පොඩි කර දත් මැදීමෙන් දත්වල අව පැහැය ඉවත් වේ. කෙසෙල් ඉදවීම සඳහා බිලිං කොළ යොදා ගනී. බිලිං ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ පාරිභෝජනයට භාජනය වුවත් නාගරික ප්‍රදේශවල දී ඉතා අඩු පාරිභෝජන රටාවක් පෙන්නුම් කරයි.

බිලිං සතු විවිධ පෝෂක පිළිබඳ අධ්‍යන වාර්තා පර්යේෂණ බහුලව පවතී. ඉන්දියාවේ ක්‍රිෂ්ණා විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණවේදය පිළිබඳ අධ්‍යනාංශයේ පර්යේෂණයකට සමගාමීව බිලිං පලතුරෙහි පාරිභෝජනය ගත හැකි ග්‍රෑම් 100 ක කොටසක ප්‍රධාන පෝෂක ලෙස

ප්‍රෝටීන් (0.61 ඨ)

විටමින් ඒ (0.035 ථඨ)

විටමින් සී (15.5 ථඨ)

විටමින් ඕ1 (0.01 ථඨ)

විටමින් ඕ2 (0.30 ථඨ)

විටමින් ඕ3 (0.30 ථඨ)

යන සංඝටක ද,

 

ඛනිජ ලවන ලෙස

යකඩ (1.0 ථඨ)

කැල්සියම් (3.49)

පොස්පරස් (11.0 ථඨ)

යන සංඝටක ද

 

ආහාර තන්තු (0.6ඨ )

ද අඩංගු බව හඳුනාගෙන ඇත.

ඈත අතීතයේ සිටම බිලිං ඉතා ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක් ලෙස සලකා තිබේ. දේශීය මෙන්ම ඉන්දියානු පාරම්පරික වෛද්‍ය විද්‍යාවේ භාවිතයන් පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇත. එහිදී බිලිං ශාකයේ කොළ සහ මල්වලින් සාදා ගන්නා ලද වට්ටෝරු අතීතයේ සිටම චර්ම රෝග කුරුලෑ, කම්මුල්ගාය, කක්කල් කැස්ස, සිපිලස් වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගෙන ඇත.

පර්යේෂණාත්මක සාධක රැසක් මඟින් බිලිං සතු ප්‍රති දියවැඩියා ගුණ සනාථ කොට ඇත. රුධිරගත ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය කිරීමේ හැකියාව පරීක්ෂණ මඟින් සනාථ කොට ඇත.

එමෙන්ම බිලිං ශාක පත්‍ර හා පලතුරෙහි අඩංගු සංයෝගවල ප්‍රති ක්ෂුද්‍රජීවී ගුණ පවතී. ශරීරයට අහිතකර බැක්ටීරරිරියා, දිලීරවල වර්ධනය හා ගුණනය වීම වැළැක්වීමට බිලිං සතු ප්‍රති ක්ෂුද්‍රජීවී ගුණ බෙහෙවින් උපකාරී වේ.

බිලිං ප්‍රති ඔක්සිකාරක ගුණ සහිත පලතුරක් බව විද්‍යාත්මකව සනාථ කර ඇත. බිලිං සතු සමහර විටමින් සහ ජෛව රසායනික සංයෝග මුක්ත චණ්ඩකවලට එරෙහිව ක්‍රියාකර ශරීරය විවිධ අහිතකර තත්ත්වයන්ගෙන් මුදවා ගනු ලබයි.

 

අන්තර් ජාලය ඇසුරින් සකස් කළේ,

මාදම්පේ සමූහ -

ඒ.පී. ගුණරත්න



subasetha

Comments