කොළ කැඳවල අඩංගු පෝෂණ ගුණ

දෙසැම්බර් 11, 2020

උදෑසන හිස්බඩ කොළ කැඳ කෝප්පයක් පානය කිරීමෙන් සියලුම ගුණ අන්තර්ගත බලය ශක්තිය, ලැබෙන අතර කායික මානසික සුවය ද ලැබේ.

 

පිෂ්ටය අඩංගු නිසා ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබේ. පොල්කිරි මිශ්‍ර කරන නිසා මේදය මගින් ශරීර ශක්තිය ලැබේ. නිවුඩු හාලෙන් පිළියෙල කරන නිසා විටමින් බී අන්තර්ගතය. එමගින් අපේ දෛනික පැවැත්මට අවශ්‍ය විටමින් “බී” සැපයේ.

ආහාර දිරවීමේ ශක්තිය හා රසයක්ද ලැබෙන අමු ඉඟුරු , සුදුලූනු එයට එක්වේ.

උදෑසන හිස්බඩ කොළ කැඳ කෝප්පයක් පානය කිරීමෙන් සියලුම ගුණ අන්තර්ගත බලය ශක්තිය, ලැබෙන අතර කායික මානසික සුවය ද ලැබේ.

ඖෂධීය කොළ කැඳ

අක්මා රෝග, ශරීරගත සර්ප විෂ, මාන්දම යන අවස්ථා සඳහා යෝග්‍යය . පීනස් රෝගයට ගුණදායකය. ආහාර දිරවීම සඳහා ශක්තිය ලැබේ.

හාතාවාරිය කැඳ

ධාතු ශක්තිය වඩයි. අපස්මාරය සඳහා ඉතා හොඳ කැඳ වර්ගයකි.

එරබදු කොළ කැඳ

පණු රෝගවලට ගුණදායකය. මලබද්ධය දුරු කරයි. (මෙය වෛද්‍ය උපදෙස් අනුව ගත යුතුය)

වැල්පෙනෙල කැඳ

ධාතු ශක්තිය වඩයි පෞරුෂත්වය වර්ධනය කරන, ශරීරය සිසිල් කරන, ශක්ති ජනක උත්තේජන ගුණයෙන් යුක්තය.

ගොටුකොළ කැඳ

බුද්ධි වර්ධනය කර මතක ශක්තිය වඩයි. පණු රෝග සඳහා ගුණදායකය.

 

මොණරකුඩුම්බිය කොළ කැඳ

කුඩා දරුවන්ගේ මාන්දම් රෝගය, සෙංගමාල රෝගය, සහ අක්මාවේ රෝග සඳහා යෝග්‍යය බඩගින්න වඩයි. ආහාර දිරවීමේ ශක්තිය වර්ධනය කරයි.

 

කොළ කැඳ සඳහා යොදා ගන්නා ශාක වර්ග

කරපිංචා, හාතාවාරිය, ගොටුකොළ, මුකුණුවැන්න, පොල්පලා, වැල්පෙනෙල, අනෝදා, එරබදු, ඉරමුසු, කොහිල, කතුරුමුරුංගා, කීකිරිඳිය, රණවරා, නීරමුල්ලිය, සැවැන්දරා, එළබටු, බෝ, දිවුල්, හීන්බෝවිටියා, ඉඹුල්, කුප්පමේනියා, කොටදිඹුලා, කිරිඅඟුන. මොනරකුඩුම්බිය, ඔළිඳ, රත්කරල්හැබ. රුක්අඟුන, වැල්තිබ්බටු. වැටකේ, යකිනාරං, වැල්කොහිල, විෂ්ණුක්‍රාන්ති ආදිය වේ.



subasetha

Comments