රෝග රැසකට ගුණදෙන කරවිල

නොවැම්බර් 6, 2020

දියවැඩියා පාලනය, කුසගින්න වර්ධනය කිරීම, පිළිකාවැලැක්වීම, අක්මාරෝග සමනය කිරීම, කොලෙස්ටරෝල් අඩු කිරීම, අර්ශස් රෝග පාලනය, ඇස් පෙනීම වර්ධනය, කාන්තාවන්ගේ පියයුරු පිළිකා වැළැක්වීම, අධික තරබාරුව පාලනය කිරීම, අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා කරවිල මහඟු ඖෂධීය ආහාරයකි.

සංවර්ධනය වෙමින් පවතින අප රටේ බෝවන රෝග මර්දනය බොහෝ දුරට සාර්ථක වී ඇතත් බෝ නොවන රෝගවලට ගොදුරුවන ජන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. දියවැඩියාව, හන්දිරෝග, හෘද රෝග, පිළිකා, කොලෙස්ටරෝල්, අධික තරබාරුව ඉන් ප්‍රධාන තැන ගනී.

 

එබැවින් බොහෝ දෙනා අපේ සාම්ප්‍රදායික ආහාර රටාව කරා අවධානය යොමු කොට ඇත. පුරාණයේ සිට අප රටේ එළවළුවක් වශයෙන් භාවිතා කරන කරවිල ඉහත සඳහන් රෝගවලට ගුණදෙන එළවළුවක් ලෙස දේශීය වෛද්‍යක්‍රමයේ දක්වා ඇත. කරවිල වල තිත්ත රසය ප්‍රධානව පවතී. කසාය රසයද අන්තර්ගතය. එබැවින් කරවිල පිත් දෝෂය සමනය කරන හා රුධිරය පිරිසුදු කිරීමේ ශක්තිය ඇති එළවළුවක් හා ඖෂධයක් වශයෙන් හැඳින්විය හැක. කුඩා දරුවන්ට වැඩිපුර අවශ්‍ය වන්නේ කැලරි අධික ආහාර බැවින් කැලරි ප්‍රමාණය අඩු කරවිල නිතර නනිතර ඔවුනට ලබාදීම නොකළ යුතු ය. ඒ හැර රුධිරයේ සීනි ප්‍රමාණය අඩුකරන ශක්තියක්ද කරවිල වල අඩංගුවන නිසා කුඩා දරුවන්ට කරවිල ආහාරය දිය යුත්තේ සීමාසහිතවය.

රාත්‍රී කාලයට කරවිල ව්‍යාංජනයක් ලෙස නොගත යුතුය යන මතයක් ගම්බද ජනයා අතර ඇත. එයට හේතුවී ඇත්තේ රාත්‍රී කාලයේ සර්පයකු දෂ්ඨකළහොත් ඒ සඳහා ලබාදෙන ඖෂධවල ගුණය අඩුකිරීමේ ගුණයක් කරවිවලව පවතින හෙයිනි.

දියවැඩියා පාලනය, කුසගින්න වර්ධනය කිරීම, පිළිකාවැළැක්වීම, අක්මාරෝග සමනය කිරීම, කොලෙස්ටරෝල් අඩු කිරීම, අර්ශස් රෝග පාලනය, ඇස් පෙනීම වර්ධනය, කාන්තාවන්ගේ පියයුරු පිළිකා වැළැක්වීම, අධික තරබාරුව පාලනය කිරීම, අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා කරවිල මහඟු ඖෂධීය ආහාරයකි. කරවිල ව්‍යාංජනයක්, සලාදයක්, සම්බෝලයක් වශයෙන් ද ආහාරයට ගත හැක. ව්‍යාංජනය සැකසීමේ දී කරවිලවල ඇති තිත්ත රසය නැතිකිරීම සඳහා ලුණු මිශ්‍ර ජලයෙන් තැම්බීම නොකළ යුතු ය. එයින් එහි ඇති ගුණාත්මක බවට හානි සිදුවේ. කරවිලවල ඖෂධීය ගුණය ඇත්තේ තිත්ත රසෙහිය. සලාදයක් වශයෙන් ආහාරයට ගත් විට එහි පෝෂණ ගුණය යහමින් ලැබේ. රුධිරයේ සීනි ප්‍රමාණය අඩුකරන බැවින් ගැබිනි හා කිරිදෙන මව්වරුන් කරවිල ආහාරයට ගත යුත්තේ සීමාසහිතවය.

 

 



subasetha

Comments