වැඩි අවදානමක් ඇති කරන ඔස්ටියෝපොරෝසිස්

අවුරුදු 50 වැඩි කාන්තාවන්ට මෙන්ම අවුරුදු 70 වැඩි පුරුෂයින්ට
නොවැම්බර් 6, 2020

මුල් කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැකි රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගය කාලයක් තිස්සේ අස්ථි පටක තුනී වීමෙන් හා අස්ථිවල ඝනත්වය අඩු වීමෙන් සිදුවේ. අස්ථි රෝග අතරින් වඩාත්ම බහුලම රෝගය වන්නේ ද ඔස්ටියෝපොරෝසිස්ය.

අවුරුදු පනහ ඉක්මවූ කාන්තාවන්ගෙන් සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයකුට ඔස්ටියෝපොරෝසිස් රෝගය තිබෙන බවට සොයාගෙන ඇත. මෙම වයස සීමාව ඉක්ම වූ කාන්තාවන්ගෙන් බොහෝදෙනෙකුට උකුලේ මැණික් කටුවේ හෝ කොඳු ඇට පෙළේ අස්ථි බිඳී යාමක් තිබිය හැකිය. ඔස්ටියෝපොරෝසිස් ඇති වීමට හේතුවන්නේ ප්‍රමාණවත් තරම් අස්ථි නිපදවන්නට මදිකම හා ශරීරය මඟින් අධික අස්ථි ප්‍රමාණයක් ලබා ගන්නා හේතුවෙනි. ශරීරයේ අස්ථි ඇති කිරීමට කැල්සියම් සහ පොස්පරස් යන ඛනිජ වර්ග අත්‍යවශයෙන්ම තිබිය යුතුªය. තවද අස්ථින් නිර්මාණය වී තිබෙන අස්ථි බධාමය දුර්වල වී අස්ථි ව්‍යුහය මෙන් ස්වීම්වලට භාජනය වීමෙන් ද ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය හට ගනී.

මෙය වයස්ගත කාන්තාවන් හා පිරිමින් අතර පවතින බහුල රෝග තත්ත්වයකි. අස්ථි බිදීයාම මෙහි සුලබ රෝග ලක්ෂණයට ගැනෙන අතරම කොඳු ඇට පේළියේ ඇතිවන වක ගැසීම ( නැවීම) කල් පවතින කොන්දේ වේදනාව මෙන්ම ශරීරයේ වෙනස්කම්ද මෙම රෝගය ඇති වීමට හේතු වේ. මේ නිසා ඇවිදීමේ හා සිටගෙන සිටීමේ යම් යම් වෙනස්වීම් ද ඇතිවිය හැකිය. වයස්ගත වීම නිසාම ඇතිවන රෝගයක් ද නොවේ. මෙය වයස්ගත වීමේදී සමහරුන්ට ඇතිවන රෝගී තත්ත්වයකි. අස්ථි බිඳී යෑම මෙම රෝගි තත්ත්වයේ පීඩාකාරී මෙන්ම අවාසනාවන්තම සංකූල තත්ත්වයකි. ශරීරයේ ඕනෑම අස්ථිගත ඇතිවන කැඩී බිඳීයාමක් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය මත සිදුවිය හැකි වුවද කොඳු ඇට, උකුළු ඇට, මැණික් කටුව හෝ ඉදිරි බාහුවෙ අස්ථි බිඳීයාමේ ඔස්ටියෝපොරෝසිස් තත්ත්යේ සුවිශේෂී ලක්ෂණයක් ලෙසද හැඳින්විය හැකිය. මේ අතර අස්ථි කැඩීම් යාම් අතර උකුළු ඇටය බිඳීයාම විශාල බලපෑමක් සිදු කරයි.

මෙම තත්ත්වයේදී කැල්සියම් හා විටමින් ප්‍රමාණවත් පරිදි ශරීරයට ලබා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය. අප ගන්නා අපට පුරුදු වූ ආහාරවේල් කැල්සියම් ලබාදෙන ආහාර කොතෙකුත් ඇත. කුඩා මාළු හා හාල්මැස්සන් ආහාරයට ගැනීමෙන් කැල්සියම් ඕනෑතරම් ලබාගත හැකිය. කොළ පැහැති පළා වර්ග ආහාරයට ගත යුතුය. පලතුරු එළවළු ද එසේමය. අස්ථිවල ශක්තිය රඳා පවතින්නේ කැල්සියම් වලයි. එම කැල්සියම් වලින් සියයට අනූනවයක් පමණම අස්ථිවල හා කාටිලේජවල තැන්පත්ව ඇත. කැල්සියම් ගණන නිරෝගී දත් සහ ශක්තිමත් කොඳු නාරටියක් සඳහා උපකාරී වේ. එමෙන්ම ස්නායු පණිවිඩ හෘදයේ ස්පන්දනය මාංශ පේශි ක්‍රියාකාරීත්වය හා ශක්තිය ඇති කරලීම ආදී කාර්යයන් රැසක්ම ඉටු කරති. මෙම රෝගයේදී අස්ථි සිහින් වීම යන සිදුරු ඇති වීමද සිදුවේ. මෙවැනි අවස්ථාවේදී අධික වේදනාවක්ද ඇති වේ. වයස්ගත වීමේදී ශරීරයේ සෑම අංශයක්ද ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වීමට පටන් ගනී. එය සාමාන්‍ය සිදුවීමකි. අප එදිනෙදා ගනු ලබන ආහාර වේලක් නියමිත කැල්සියම් ප්‍රමාණයක් නොලැබෙන විට සිරුරේ පැවැති කැල්සියම් අඩු වේ. මේ නිසා කැල්සියම් මෙන්ම ඛනිජත් ක්ෂය වීමක් ඇති වේ. එයද රෝගයට හේතුවකි.

මේ නිසා ඔස්ටියෝපොරෝසිස් ගැන දැනුවත් සිටීම වැදගත් වේ. අස්ථි දුර්වල වනවිට වේදනාවක් ඇති වේ. එවිට ඉතා පරෙස්සමින් එදිනෙදා කටයුතුවල නිරත විය යුතුය. ඒ සුළු වැටීමකදී වුවද අස්ථි කැඩී යා හැකිය. එමෙන්ම අස්ථි දුර්වල වීමෙන් කොඳු නාරටිය, සුසුම්නාව ඇතුළු ස්නායු ආරක්ෂා කරන කශේරුකා මඟින්ද වේදනාකාරී තත්ත්වයක් ගෙන දේ. මේ නිසා ලිස්සා වැටීම් ඇදවැටීම් වලට ලක් නොවීමට ප්‍රවේසම් විය යුතුය. නිතරම ශක්තියක් ගෙන දෙන්නේ අස්ථිවල බලපෑමෙනි. එබැවින් අස්ථිවල ස්කන්ධය වර්ධනය කර ගැනීමට ශරීරයේ බර අස්ථිවල ගමන් කරවීමට පියවර ගත යුතුය. ඒ සඳහා කළ යුත්තේ යම් ව්‍යායාමයක යෙදීමයි. එසේ කිරීමෙන් මාංශ පේශීන් ඇදීම සහ තල්ලු වීම සිදු වේ. එයත් අස්ථි ශක්තිමත් වීමට ඇති තවත් ක්‍රමයකි. මේ සඳහා කාය වර්ධන ව්‍යායාම් නම් වඩාත්ම සුදුසුය. ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළඳීමට බොහෝදෙනෙකුට සිදුව ඇත්තේ ඇඟ නොවෙහෙසවා. එදිනෙදා කටයුතුවල නිරත වීමෙන් සුළු වේලාවකදී හෝ මහන්සි වන ක්‍රියාවක නොයෙදීමත්ය. මෙම රෝගය ගැන සලකා බලන විට කාර්යාලවල ආයතනවල හා වෙළඳසැල්වල සේවය කරනු ලබන අය පඩි පේළිවලින් මහල්වලට නොගොස්, සෝපානවලින් එහා මෙහා යෑමටත් පුටුවේ ඉඳගන්නා විට පුටු ඇන්දට හේත්තු නොවී සිටීමත් අතපය නොවෙහෙසා සිටීමක් හේතුන් අතර වේ.

මේ අතර මෙම රෝගය වැළදීමට තවත් බොහෝ හේතුන් ඇත. විටමින් ඩීවල ඌනතාවය දිගුකාලයක් පුරා ආර්තවය සිදු නොවීම අධික මත්පැන් පානය දුම්පානය ගන්නා ලද ආහාරවල ප්‍රමාණවත් තරම් කැල්සියම් නොමැති වීමත්ය. ඔස්ටියෝපොරෝසිස් වැළඳීමෙන් මෙවන් රෝග ලක්ෂණත් පෙන්නුම් කෙරේ. අස්ථිවල වේදනාව මෙන්ම අස්ථි බිඳීම තුවාල වීම වයස්ගත වීම උස අඩු වීම නැවී සිටීම කොඳු ඇටපෙළේ අස්ථි හානි වීම නිසා ඇතිවන කොන්දේ වේදනාව මේ තත්ත්වයන් ගැන අවබෝධයෙන් සිටිය යුතුය. අස්ථි ආරක්ෂා කර ගැනීමෙන් මෙම තත්ත්වයෙන් වැළකිය හැකිය. මූලාරම්භය කාටිලේජ හා තන්තුමය පටකවලින් අස්ථි හැඩයට ආරම්භ වීමයි. මෙහිදී අස්ථි වර්ධන ශෛලය අස්ථි සාධක ශෛල්‍ය හා කැල්සියම් ලවණවල අන්තර් ක්‍රියාව අස්ථියක් බවට පත් වීමයි. මෙම අස්ථි විවිධ හැඩයෙන් යුක්ත වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments