පසු ප්‍රසව විශාදය (Post Partum Depression)

සැප්තැම්බර් 4, 2020

දිගුකාලීන මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මනෝභාවය (Mood)  පිළිබඳ රෝග ලක්ෂණ වැඩි මට්ටමකින් දිගුකලක් පවතිනා මානසික රෝගී තත්ත්වයකි. දරු උපතකින් පසු සති 2/3 ක කාලයකින් පසු මෙම තත්ත්වය ආරම්භ වන අතර සාමාන්‍යයෙන් මාස 2 ත් 6 ත් අතර දක්වා කාලයක් පැවතිය හැකිය. 

එසේම අවුරුදු 3 ක කාලයක් ගතවනතුරු මෙය ඇතිවිය හැකිය. සමහර මව්වරුන්ට ගර්භිණී සමයේදී ඇතිවන විශාදය දරු උපතින් පසු උග්‍රවන අවස්ථා ද ඇත. 

මව්වරුන්ගෙන් 10% - 20% ක් පමණ දෙනා මෙම තත්ත්වයට ගොඳුරු වීමේ ප්‍රවණතාවයක් ඇති බවට වෛද්‍ය දත්ත දක්වයි.  

මෙම තත්ත්වය වැළඳුනු මව්වරුන්ගෙන් 20%-30% පමණ දෙනා අනාගතයේදී ඇතිවන දරු උපත් වලින් පසුද එම තත්ත්වයෙන් පීඩා විඳිති. තවද මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳි මව්වරුන් 50% ක් පමණම අනාගතයේදී දරු උපතක් සම්බන්ධ නොවන අවස්ථාවලදී වුවද විශාදය වැළදිය හැකි බවට වෛද්‍ය මත පළකරති. 

රෝග ලක්ෂණ 

සිතේ ඇතිවන හැඟීම් හෝ චිත්ත වේගයන් Emotions  මෙසේය සුළු දෙයකදී වුවද හෝ හේතුවකින් තොරව ඇතිවන අධික කණගාටුව හේතුවක් ඇතිව හෝ නැතිව ඇතිවන පසුතැවිල්ල මානසික පීඩනය ආත්ම විශ්වාසය අඩු වීම නිකරුණේ හෝ සුළු දෙයකට හෝ තමාටම වරද පවරා ගැනීම හා තමාටම දොස් පවරා ගැනීම දරුවාගේ හෝ පවුලේ අයගේ සෞඛ්‍ය ගැන නිකරුණේ බිය වීම සතුට අඩුවීම සියල්ලටම ඇල්මක් නැතිව යාම සුළු දෙයකදී කෝපකාරී බව මෙහිදී බැණවැදීම, කෑගැසීම හෝ කලාතුරකින් අතට හසුවන දෙයකින් දමා ගැසීම ද විය හැක. 

ශාරිරික රෝග ලක්ෂණ අධික පීඩාව, කම්මැලිකම, අප්‍රාණික බව, කරකැවිල්ල, ක්ලාන්ත ගතිය, පපුවේ ගැස්ම, හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ වේදනාව, වමනය, ආහාර රුචිය අඩුවීම හෝ සමහරවිට වැඩිවිය හැක, නින්ද යාම සමහරවිට නින්ද නොයාම, ලිංගික ආශාව අඩු වීම,අමතක වීම යම් කරුණකට එක දිගට අවධානය යොමු කිරීම අපහසු වීම සමහර මව්වරුන් මෙවැනි හැසිරීම් ද පෙන්වයි. 

නියම නොකළ ඖෂධ වර්ග ගැනීමට පෙලඹීම නිවසින් පිටතට යාමට බිය වීම තනිව සිටීමට බිය වීම මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම දරුවා සම්බන්ධව දක්වන හැසිරීම් රටාවන් දරුවාගේ සෞඛ්‍යය ගැන අනවශ්‍ය පරිදි අවධානය යොමු කිරීම නිතර නිතර දරුවා පරීක්ෂාවට ලක් කිරීම නිතර නිතර දරුවා පිරිසුදු කිරීම, අනවශ්‍ය ලෙස ඇඳුම් මාරු කිරීම දරවා සමඟ කාලය ගත කිරීමට සිත් නොදීම සාධාරණ හේතුවකින් තොරව සැමදෙයක් ගැනම යටහත් ඍනාත්මකව සිතයි. එවැනි සිතුවිලි මෙසේය. 

සැවොම හිතමින් දරුවා ගැන පමණක් බවද තමා ගැන නොසිතන බවද, මේ සියලු කරදරවලට හේතුව මගේ වරද බවද දරුවා නිශ්ශබ්දව ඉන්න බැරි බවට සිතීම දරුවා මේ දේවල් සිතා මතා කරන බවද මට කවදාවත්ම දරුවෙකු නොලැබුණා නම් හොඳ බවද වෙනත් රෝග ලක්ෂණ එකම සිතුවිලි සිතට ඒම, නිතර නිතර අත් සේදීම, අනවශ්‍ය ලෙස එකම ක්‍රියාව නැවත නැවත කිරීම, පිටතට යාමට බිය වීම, අන් අය මුණගැසීමටද බිය පළ කිරීම, දරුවා ගැන පවතින බිය නිසා නිතර නිතර වෛද්‍යවරුන් මුණ ගැසීම .මෙම තත්ත්වයේ අවදානම වැඩිවූ විට කලින් විශාදය වැලඳී තිබීම, කලින් පසු ප්‍රසව විශාදය වැලඳී තිබීම, ගර්භිණී සමයේදී මානසික පීඩනයන්ට මුහුණ දීම, ස්වාමි පුරුෂයා සමඟ ඇති සම්බන්ධතාවය අයහපත් වීම, මෑතකදී ජීවිතයේ අයහපත් සිතුවිලි වලට මුහුණ දීම, 

මෙම තත්ත්වයට ප්‍රතිකාර ලබානොගත් මව්වරුන්ගේ දරුවන් විවිධ ගැටලු වලට මුහුණපාන බව සොයා ගෙන ඇත. ඉන් සමහරක්. 

ශාරිරික තුවාල සිදුවීමට ඇති ඉඩකඩ වැඩි වීම, ඥාන ශක්තියේ දුර්වලතා ඇති වීම, 

නින්දේදී මුත්‍රා පිට වීම 

හුදෙකලාව සිටීමට කැමති වීම 

සම්බන්ධතා පවත්වා ගැනීමට අපහසු වීම 

මෙම තත්ත්වයට පත්වූ මව්වරුන්ට තමා ගැන සිහි බුද්ධියෙන් සිතා එම තත්ත්වය මඟහරවා ගත හැකි ක්‍රම රාශියක්ම පවතී. 

බෞද්ධ කටයුතු වල නිරත වීම, බණ දහමට මෙන්ම සංගීතය කලාව තම රුචිකත්ව අනුව ඒවායේ භාවිතයන් වැඩිකර ගැනීම, සන්සුන්ව තමා ගැනම සිතා පවුලේ සම්බන්ධතා වැඩිකර ගැනීම. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments