බොහෝ දෙනා පීඩා විඳීන ගුද්‍රසි රෝගය

සැප්තැම්බර් 25, 2020

වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳීන වාතරෝග බොහෝමයකි. ඒ අතරින් ප්‍රධාන තැනක් ලබා සිටින්නේ ගුද්‍රසි රෝගයයි. මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සයිටිකා (ඵජඪචබඪජච ) ලෙස හඳුන්වයි.

ගුද්‍රයා යනු ගිජුලිහිණියායි. මෙම රෝගයේදී  රෝගියා ගිජුලිහිණියාගේ ගමනට හුරු කොර ගසමින් යන ගමන් විලාසයක් දක්වන හෙයින් ආයුර්වේදයේ මෙම රෝගය ගුද්‍රසි ලෙස හඳුන්වයි.

මෙම රෝගය ශරීරයේ විශාලතම වාත ස්නායුව වන ගුද්‍රසි ස්නායුව මූලික කොටගෙන පවතී. තට්ටම් ප්‍රධාන කොට පවතින මෙම රෝගය තුනටිය, තට්ටම්, කලවා, දණහිස්, කෙන්ඩා, පාදය, ඇඟිලි කරාම විහිදී යන අනින්නාක් බඳු වේදනාව හා තද බවද බොහෝ විට පාදයේ පිටුපස ප්‍රදේශයෙන් ඇතිවන වේදනාව ද, එක් පාදයක පමණක් හෝ පාද දෙකෙහිම ඇති විය හැකිය.එක් පාදයක පමණක් තැනින් තැන වුවද මෙම රෝගය හට ගත හැකිය. ගුද්‍රසි ස්නායුව අප ශරීරයේ පවතින ඝනකමින් වැඩිම ස්නායුවක් වන අතර, එම ස්නායුවේ සිදුවන උද්දීපන මෙම රෝගයට හේතු වෙයි. මෙම ස්නායුව හතරවන හා පස්වන කටී කශේරුකා හා පළමු, දෙවන හා තුන්වන ති‍්‍රක කශේරුකා මූලයන් පහින් යුක්තව සුෂුම්නාවේ සිට පැන නගී.

කටී වාතය සමඟ එක්ව පවත්නා මෙම රෝගයට ප්‍රධානතම හා සමීපතම හේතුව වන්නේ කශේරුකාන්තරබිම්බය ( ඪදබඥපමඥපබඥඡපචත ඤඪඵජ) පිටුපසට නෙරා ඒමෙන් ස්නායුව තෙරපී යෑමයි.

කශේරුව පටුවීම.

ඇට ඇද වීම.

සුෂුම්නාවේ ව්‍රණශෝථ.

කශේරුකා ගත ක්ෂය රෝගය.

කොඳුඇට (කශේරුකා) දිරායාම.

ගුහාවේ අර්බුද

තදබල අර්ශස් 

බාහිර ආඝාත 

මල හා මුත්‍රා අඩස්සිය.

අධික ශීතල.

වැරදි ඉරියව් 

අධික බර එසවීම 

ගැස්සෙමින් අධික දුර ගමන් කිරීම

මෙම රෝගයට මෙන්ම කටී වාතයට ද සමීපතම හේතු මේ බව ආයුර්වේදයේ දක්වා ඇත.

නව්‍ය විද්‍යාමත්මක මත අනුව, පිරිෆෝමිස් සහ ලක්ෂණය (නඪපඪටධපථඪඵ)

ගර්භනීභාවය ද මෙම රෝගය සඳහා හේතු විය හැකි බව දක්වා තිබේ.

තට්ටම් ආශි‍්‍රතව පවතින පිරිෆෝමිස් මාංශ පේශීය යටින් ගුද්‍රසි  ස්නායුව ගමන් කරයි. නමුත් සියයට 17%ක ගේ පමණ මෙම ස්නායුව පිරිෆෝමිස් මාංශපේශිය තුළින් ගමන් කරයි. යම් හෙයකින් මෙම මාංශ පේශියට හානියක්, ගැස්මක්,කෙටි වීමක් ,තද වීමක් සිදු වුවහොත් එමගින් ගුද්‍රසි ස්නායුව යම් පීඩාවට පත් වේ.මෙය නව්‍ය විද්‍යාත්මකව (ඹචතතඥබ ඵජඪචබඪජච)නමින් හඳුන්වයි.එනම් බොහෝ පිරිමි පුද්ගලයන් පසුම්බිය කලිසමේ පිටුපස සාක්කුවේ දමාගෙන ඉදගැනීම මගින් පිරිෆෝමිස් මාංශ පේශිය දීර්ඝ කාලීනව පීඩාවට පත් වීම මගින් ගුද්‍රසි රෝගය ඇති විය හැකිය .

ගර්භනීන්ගේ ගර්භ වර්ධනයත් සමග තුනටිය ආශි‍්‍රත වේදනාව, ස්නායු තද වීම හේතු කොටගෙන හේතු කොටගෙන ගුද්‍රසි නාඩිය තෙරපීමෙන් ද මෙම රෝගය ඇති විය හැකිය.

ගුද්‍රසි ස්නායු ආශිත මාංශපේශි වල තද බව හා තදබල වේදනාව දරදඬු ගතිය 

පාදයෙහි පිටුපස ප්‍රදේශයේ තදබල වේදනාව පාදය දිගේ අනින්නාක් බඳු වේදනාව හිරිය එකම ඉරියව්වෙන් හිඳීන විට පාදයේ හා තුනටියේ ඇතිවන අධික වේදනාව

පාදයේ අප්‍රාණික බව හා චලනය අපහසුතා ඇති වීම තුනටිය වේදනාව සිරුරේ බර ගතියමල බද්ධය කල්යාමත් සමඟ පාදයන්හි මාංශ පේශි ක්ෂය වීම,වියළීම ,කකුල් හීන් වීම නියමිත ප්‍රතිකාර සිදු නොවී කල් යාමත් සමඟ මෙම රෝගය පාද දෙකටම වැලඳුනහොත් රෝගියා එකතැන් වීම පවා සිදු වේ.

ඛ්ඊ පරීක්ෂණ

ර්අධ් පරීක්ෂණ 

ලේසියි පරීක්ෂාව 

ගුද්‍රසි රෝගයේ දී රෝගියා උඩුබැලි අතට සයනය කරවා කලවා උදරය දෙසට නමන විට ගුද්‍රසි රෝගයේ දී රෝගියාට  වේදනාවක් හටගන්නේ නැත. නමුත් උකුල් සන්ධිය හකුලුවා තබා දණහිස් සන්ධිය දිග හැරීමේදී ගුද්‍රසි නාඩිය ඇදීමෙන් ශීඝ්‍ර වේදනාවක් හටගනී, පාදය උකුල් සන්ධියේ නොනමා උඩු අතට උස්සා තද කරන විට ද ගුද්‍රසි රෝගයේ දී තීව්‍ර වේදනාවක් හටගනී.

මෙම රෝගය හඳුනා ගත් ප්‍රථම රෝගියා මට්ටම් සහිත ඇදක තබා විවේක ලබා දිය යුතුය.

මුලදී ලුණු මිශි‍්‍රත උණු ජලය තැවීම, තෙමීම හා ලුණු මිශි‍්‍රත තෙල් අභ්‍යංගය සුදුසුය. 

වාත ප්‍රබල හා කඵ ප්‍රබල ලෙස ගුද්‍රසි රෝග ආකාර දෙකක් පවතින අතර, කඵ ප්‍රබල ගුද්‍රසි රෝගයේදී වමනය  මගින් ද වාත ප්‍රබල ගුද්‍රසි රෝගයේදී  විවේචනයක් මඟින් ද ශෝධනය සිදුකර ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.

මෙහිදී රෝගියාගේ ශරීර ශක්තිය සලකා බලා සුදුසු වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතුය.

විශේෂයෙන්ම නිවැරදිව තෛල අභ්‍යංග සිදු කළ යුතුය.

සුදුසු විවිධ ආලේප හා පත්තු වර්ග යෙදිය හැකිය. 

පොට්ටනි මගින් තැවීම හා විවිධස්වේද විධි ද භාවිතා කරයි.

ගුද්‍රසි රෝගයට අදාළ හේතු කාරණා සලකා බලා නිවැරදිව සුදුසු ප්‍රතිකාර සිදුකළ යුතුය. මේ සඳහන් නිවැරදි පළපුරුදු පළපුරුදු වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමට රෝගියා බුද්ධිමත් විය යුතුයි.

වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ (ඩි.එස්.ඒ.සී ගෞරව )

බෙහෙත්ශාලාව මැදගොඩ

අමිතිරිගල

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments