සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ සැලකිලිමත්ද?

සැප්තැම්බර් 18, 2020

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැළඳී ඇති අයෙකු අද සොයාගැනීමටත් අපහසු වන අතර මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කිවිසුම් මඟින්, කැස්ස මඟින් හෝ ස්පර්ශයෙන්, ආහාරපාන මඟින් බෝවීමට හැකිය. 

කුඩා දරුවන්ට මෙම තත්ත්වය ඇති නොවීම සඳහා ආසාදනවලින් ආරක්ෂා කර ගැනීමට පිරිසුදු වාතාශ්‍රය අවට පරිසරය යහපත් විය යුතු අතර වයස අවුරුද්දකට පෙර ලැබිය යුතු සියලු එන්නත් ලබා දෙන්න. එවිට කක්කල් කැස්ස, ක්ෂය රෝගය, සරම්ප ඇතුළු ශ්වසන පද්ධතියේ සුලබව හට ගන්නා දරුණූු ආසාදනවලින් ආරක්ෂා වේ. 

ඔබේ සිඟිති දරුවාට වැඩිහිටි ඔබටත් වඩා නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙනු ඇත. ඔබ සුළුකොට තැකූ සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය ඔබේ නොසැලකිලිමත් බව නිසාම නිව්මෝනියා තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. බහුල වශයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවන්සා වෙරසයෙන් ආරක්ෂා නොවීම නිසා ලංකාවේ ළදරු මරණ හා වැඩිහිටි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. එයට ප්‍රධාන හේතුව වැඩිහිටියන්ගේ නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත් බවයි. 

එක් අයෙකුට ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ඇතිවිට තවත් අයට ඉක්මනින් පැතිරෙන අනාරක්ෂිත අන්දමට කිවිසුම් හැරීම. ඒ අය ඉතිරි කරන කෑම බීම ගැනීම බොහෝ පවුල්වල සිදු කරන කටයුත්තකි. 

මෙයින් සිදුවන්නේ කෙලවලින් හා ශ්වසනයෙන් බෝවන වෛරසයෙන් ආරක්ෂාවීම පවුලේ එක් අයකුගෙන් පැතිරීම වළක්වා ගැනීමට තිබූ අවස්ථාව මග හැරීයාමයි. මින් නොනැවතී පවුලෙ අය හරහා ඇසුරු කරන අයටත් රෝගය ව්‍යාප්ත වනු ඇත. රෝගය සුවවීමට ප්‍රථම ළමුන් පාසලැට යැවීමත්, වැඩිහිටි අය රැකියාවට යාමත්, සෙනඟ ගැවසෙන තැන්වල සිට ලේන්සුවකින් නාසය හා මුඛය වසාගන්නේ නැතිව කිවිසුම් යැවීමත් නිසා රෝග කාරකය නීරෝගී අයගේ ශ්වසන මාර්ගයට ඇතුළත් වේ. 

ශීතල ආහාර පාන වර්ග ගැනීම හා ඇල්වතුර බීම තවත් හේතු වී ඇත. නෑම  හා ඇඟ සේදීම මෙබඳු විටද නිව්මෝනියා වගේ ලෙඩ ඇති කිරීමට රුකුලක් වනු ඇත. දූවිලි සහිත පරිසරයක සිටීම ද අහිතකරයි. සිගරට් හා දුම්කුස්සියේ ලිපෙන් පිටවන දුම් ද අහිතකර වේ. 

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇති අයකු සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් හුස්ම ගන්නා බව පෙනේ නම් මිනිත්තුවට වාර 50 ට වඩා හුස්ම ගන්නේ නම් හුස්ම ගන්නා විට පපුවේ පහළ කොටස (පර්ශු අතර හිඩැස් ප්‍රදේශය) සාමාන්‍ය පරිදි පිටතද ප්‍රසාරණය නොවී ඇතුළට නෙරන බවක් ඇතිවීමත්, කිසිවක් බීමට නොහැකි තත්ත්වයක් රෝගියා දක්වන්නේ නම් නිව්මෝනියා තත්ත්වය විය හැකි බැවින් වහාම රෝහලකට වෛද්‍යවරයා වෙත රෝගියා ගෙන යායුතුම වේ. 

කුඩා දරුවන්ට මෙම තත්ත්වය ඇතිනොවීම සඳහා අසාදනවලින් ආරක්ෂා කර ගැනීමට පිරිසුදු වාතාශ්‍රය හා අවට පරිසරය යහපත් විය යුතු අතර වයස අවුරුද්දට පෙර ලැබිය යුතු සියලු එන්නත් ලබා දෙන්න. එවිට කක්කල් කැස්ස, ක්ෂය රෝගය, සරම්ප ඇතුළු ශ්වසන පද්ධතියේ සුලබව හට ගන්නා දරුණු ආසාදනවලින් ආරක්ෂා වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments