බඩ දැවිල්ල යනු කුමක්ද?

සැප්තැම්බර් 11, 2020

අම්ලපිත්ත රෝගය සෑදී ඇත්නම් මේ ආහාර පාන ඔබට නුසුදුසු වේ. මස් වර්ග, තෙල් අධික ආහාර, කුළු බඩු අධිකව යොදා සකසන ආහාර හා ඇඹුල් සහිත ආහාර යෝග්‍ය නොවන අතර පාන් හෝ පාන් පිටි සකසන ලද ආහාර (ඉඳිආප්ප, කට්ලට්, පැටිස්, රෝල්ස්, ප්‍රේස්ටි, බනිස්) රෝගය පවතින කාලය තුළ දී ගැනීම අම්ලපිත්ත රෝගීන්ට යෝග්‍ය නොවේ.

බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. ආයුර්වේදයේ අම්ලපිත්ත ලෙසින්ද බටහිර වෛද්‍ය විද්‍යාවේ ගැස්ට්‍රයිටිස් ලෙසින්ද හැඳින් වේ. අම්ලපිත්ත යනු වැරදි කෑම බීම හා ඇවතුම් පැවතුම් මුල් කරගෙන හට ගන්නා රෝගයකි. රෝග ලක්ෂණ පහළවීමත් සමඟ අම්ලපිත්ත රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවුවහොත් රෝගය වැඩි කලක් පැවතීම නිසා ආමාශයේ ඇතුළත පවතින සෙම් සිවියට හානි වීමෙන් ආමාශ තුවාල හට ගනී. 

බඩගිනි ඇතිකිරීම  සඳහා හේතු වන ආමාශය ඇසුරු කරන්නා වූ වා, පිත්, සෙම් යන දෝෂ තුනෙන් පිත් දෝෂයෙහි භෞතික ගුණය හා ක්‍රියාව නිසා අම්ලපිත්ත ඇති වේ. මෙම රෝගයේ දී ආමාශය ඇතුළත  සෙම් සිවියෙහි ඉදිමීම ආදී ලක්ෂණ හට ගන්නා අතර වෙනත් ශාරීරික  ලක්ෂණ ද හටගනී. 

රෝගයට හේතු 

එදිනෙදා ජීවිතයේ දී නිසි වේලාවට ආහාර නොගැනීම මෙයට ප්‍රධාන හේතුවක් වේ. තවද අපගේ ආහාරයට අධිකව කුළු බඩු වර්ග එකතු කිරීම අධික ඇඹුල් රස ආහාර (විනාකිරි බිලිං, තක්කාලි)  නිතර ගැනීම තෙල් ආහාර අධිකව ගැනීම අධික ලෙස මත්පැන් හා දුම්වැටි භාවිතා කිරීම හා ශෝක, ක්‍රෝධ, ඊර්ෂ්‍යා යන මානසික හේතූන් ද බලපායි. 

තවද තේ, කෝපි සහ ඇතැම් කෘත්‍රිම පැණි බීම නිතර ගැනීමත් චොකලට් නිතර ආහාරයට ගැනීමත් මෙම රෝගයට හේතු වේ. මෙයට අමතරව වෙනත් ශාරීරික රෝග අවස්ථා සඳහා ගනු ලබන වේදනා නාශක ඖෂධ ද මෙම රෝගාරම්භයට හේතු පාදක වන අතර ඖෂධ භාවිතය අත්හළ විට ක්‍රමයෙන් රෝග ලක්ෂණ ද පහවී යයි. 

මෙම කරුණු මුල් කරගෙන රෝගය ඇති වී පසු පත්තියම් ආහාර හා නිසි  වේලාවට ආහාර ගැනීම රෝගය පාලනය සඳහා වැදගත් වේ. ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොමු විය යුතු ය. 

බඩ දැවිල්ල වළක්වා ගැනීම 

අම්ල පිත්ත රෝගයෙන් වැළකීම සඳහා 

කෘත්‍රිම රසකාරක සහිත ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම. 

පිරිසුදුව ආහාර පිළියෙල කර ගැනීම 

නියමිත වේලාවට ආහාර ගැනීම. 

රෝග ලක්ෂණ 

අම්ලපිත්ත රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස රෝගියාට බඩ දැවිල්ල ඇතැම් විට බඩේ වේදනාව,  තිත්ත රසට හෝ ඇඹුල් රසට උගුරට ඒම, බඩ පුරවා දැමීම ආහාර අරුචිය ඇතැම් විට වමනය පපු ප්‍රදේශයේ පවතින දැවිල්ල සහ වේදනාව දැක්විය හැකි ය. 

අම්ල පිත්ත රෝගය සඳහා පිත්දෝෂයේ බලපෑම් ප්‍රකටව පවතින බැවින් තරුණ බාල සහ වැඩිහිටියන්ටද මෙම රෝගය හටගනී. 

අම්ලපිත්ත රෝගය සෑදී ඇත්නම් මේ ආහාර පාන ඔබට නුසුදුසු වේ. 

මස් වර්ග, තෙල් අධික ආහාර, කුළු බඩු අධිකව යොදා සකසන ආහාර හා ඇඹුල් සහිත ආහාර යෝග්‍ය නොවන අතර පාන් හෝ පාන් පිටි සකසන ලද ආහාර (ඉඳිආප්ප, කට්ලට්, පැටිස්, රෝල්ස්, ප්‍රේස්ටි, බනිස්) රෝගය පවතින කාලය තුළ දී ගැනීම අම්ලපිත්ත රෝගීන්ට යෝග්‍ය නොවේ.

 ඔබට අම්ලපිත්ත රෝගය සෑදී ඇතිනම් මෙම ආහාර පාන හිතකර වේ. 

අම්ලපිත්ත රෝගය සඳහා සුදුසු ආහාර 

එළකිරි පානය, මුං ඇට, කොළ කැඳ, පිපිඤ්ඤ, කැකිරි, කොමඩු, පුහුල්, නෙළුම් අල, කොහිල අල සහ කොළ, අළු කෙසෙසල් ගෙඩි යනාදි ආහාර යෝග්‍ය වේ. තවද රෝගීන්ගේ ප්‍රධාන ආහාර වේල සඳහා බත් සමඟ එළවළු හෝ කුඩා මාළු ද එකතු කර ගත හැකි ය. 

මෙම රෝගය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පවතින හෙයින් සර්වාංග ආයුර්වේද වෛද්‍යවරයෙකු හමු වී සුදුසු  උපදෙස් හා ප්‍රතිකාර ගත යුතු ය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments