පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර සකසා ගනිමු

සැප්තැම්බර් 4, 2020

ජනතාවගේ පෝෂණ ඌනතාවය වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවකි. වෙළඳ පොළෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම. සකස් කර ගැනීම, තම ගෙවත්තෙන් නෙළා ගැනීම,ආහාරයට ගැනීම සහ ඉන්පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 

පෝෂණ ගුණය රැකෙන පරිදි එළවළු වර්ග සැකසීම 

එළවළු වර්ග බොහෝ වේලාවක් තැම්බීම මගින් පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ. එම නිසා අවශ්‍ය ප්‍රමාණයට තම්බා ගත යුතුය. 

අනවශ්‍ය ලෙස තෙලෙන් බැදගත් විට පෝෂණ කොටස් තෙල් හා එක්වී ඉවත් වේ. එවිට එම ආහාරයෙන් නිසි පෝෂණය නොලැබේ. කුඩා කැබලි වලට කපා සේදීම නොකළ යුතුය. එවිට පෝෂක කොටස් ජලය සමඟ මිශ්‍ර වී ඉවත් වේ. 

එළවළු තැම්බූ පසු මිටිකිරි යොදා තෙල් පෑදෙන තෙක් සිඳුවා ගැනීමෙන්ද පෝෂණ කොටස් විනාශ වේ. කිරි නටන අවස්ථාවේදී ලිපෙන් ඉවතට ගැනීමෙන් පෝෂණ ගුණය ආරක්ෂා වේ. 

එළවළු පිසින විට තමන්ගේ අවධානය ඒ කෙරෙහිම තබාගෙන සිටිය යුතුය. එසේ නොවූව හොත් පිළිස්සීමෙන් පෝෂණ ගුණය විනාශ වේ. 

ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 

කුරුට්ට සහිත සහල් පෝෂණ ගුණයෙන් වැඩිය. කුරුට්ට සහිත සහල් ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසුය. 

සහල් මිලදී ගන්නා විට වඩාත්ම පෝෂණ ගුණයෙන් යුක්ත තම්බපු රතු සහල් හෝ රතු කැකුළු සහල් ගැනීම 

විශේෂයෙන් කුඩා මාළු වර්ග වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම 

මස්, මාළු මිලදී ගන්නා විට අලුත් ඒවාම ගැනීම, කෘමි සතුන්ගෙන් හානි නොවු හොඳින් වැඩුණු ද්‍රව්‍ය මිලදී ගැනීම සෑම විටම අලුත් ද්‍රව්‍ය මිලදී ගැනීම 

ආහාර වර්ග ගබඩා කිරීම

අද ගෘහණියන්ද රැකියාවක නියැළෙන බැවින් බොහෝවිට සතියට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය එකවර මිලදී ගෙන ගබඩාකර තබා ගැනීම සාමාන්‍ය සිරිතකි. ඒ අනුව 

ශීතකරණයක ගබඩා කරන්නේ නම් මාළු හෝ මස් වර්ග නම් වේලට අවශ්‍ය ප්‍රමාණය ලොකු කැබලි වශයෙන් ගෙන සෝදා පිරිසුදු කර අසුරා අධි ශීතකරණයක තැබිය යුතුය. කුඩා මාළු වර්ග වැඩිපුර මිලට ගෙන ශීතකරණයක ගබඩාකර ගැනීම සුදුසු නොවේ. ඒවායේ පෝෂ්‍ය ගුණයට හානි වේ. හොඳින් පිරිසුදුකර අසුරා තබා ගත යුතුය. කුඩා මාළු මිලදී ගන්නා විට වේලට අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලට ගැනීම සුදුසුය. 

අල වර්ග පිළියෙල කිරීම

කහ පාට අල වර්ග වඩාත්ම පෝෂණ ගුණයෙන් අධික වේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර යොදා තම්බා වතුර ඉවත් කිරීමෙන් ගුණදායක පදාර්ථ ඉවත් වේ. එම නිසා ප්‍රමාණයට ජලය යොදා තම්බා ගත යුතුය. අල පොතු පිටින් හොඳින් සෝදා හෝ පොතු ඉවත් කර හොඳින් සෝදා කැබලි කපා තම්බා ගත යුතුය. කැබලි වලට කපා සේදීමෙන් පෝෂණ කොටස් ඉවත් වේ. 

මස් මාළු වර්ග පිළියෙල කිරීම 

කරවල ආහාරයට ගැනීමෙන් අවශ්‍ය ප්‍රෝටීන් ශරීරයට ලබාගත හැකි වේ. 

කුඩා මාළු වර්ග කටු සමඟ ආහාරයට ගැනීම ඉතා යෝග්‍යය 

මස් හා මාළු වර්ග කැබලි වශයෙන් සෝදා ගෙන කපා ආහාරයට සකස් කර ගැනීමෙන් එහි පෝෂණ කොටස් ආරක්ෂා වේ. 

පලතුරු වර්ග 

සෑම අවස්ථාවකදීම අලුත් පලතුරු වර්ග ගැනීමෙන් වඩාත්ම පෝෂණ ගුණය ආරක්ෂා වේ. 

සෑම ප්‍රධාන ආහාර වේලකටම පසු පලතුරු ආහාරයට එක්කර ගත යුතුය. 

කහපාට පලතුරු ද වඩාත්ම පෝෂ්‍ය දායකය. 

පලතුරු ස්වභාවික තත්වයෙන්ම ආහාරයට ගත යුතුය. 

බත් සහ ධාන්‍ය වර්ග සැකසීම 

සහල් ප්‍රමාණය ඉක්මවා සේදීම නොකළ යුතුය. 

බත් ඉවීමේදි වතුර වැඩිපුර තබා කැඳ ඉවත් කිරීම මගින් පෝෂක කොටස් ඉවත් වේ. එම නිසා අවශ්‍ය පමණට වතුර යොදා බත පිළියෙල කිරීම වඩාත් සුදුසුය. 

කිරිබත් සහ මුං කිරිබත් ලෙස පිළියෙල කිරීම 

ධාන්‍ය වර්ග වතුරේ පෙඟෙන්නට තබා අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදා තම්බා ගැනීම සුදුසුය. වැඩිපුර ජලය යොදා පසුව ඉවත් කිරීම නොකළ යුතුය. එසේ ඉවත් කරන්නේ නම් එය සුප් එකක් ලෙස සකස්කර බීමට ගත යුතුය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments