ආහාර සඳහා ගනු ලබන ඖෂධීය ශාක

සැප්තැම්බර් 25, 2020

නීරෝගී දිවි පැවැත්මක් සඳහා අපට සහය වනුයේ අප ගන්නා දෛනික ආහාරයයි. ආහාරය අපගේ සිරුරේ වර්ධනය සාමාන්‍ය ක්‍රියාකාරිත්වය හා දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙයි. 

ආහාර ලෙසින් ගන්නා ද්‍රව්‍යවල අඩංගු මූලික අමුද්‍රව්‍ය පෝෂක ද්‍රව්‍ය ලෙස හඳුන්වන අතර ඉන් කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන , මේද ප්‍රධාන වේ. 

පෝෂණ ගුණයෙන් අනූන හා සමතුලිත ආහාර වේලකින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අතර, ඉන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට ද හැකියාව ලැබේ. 

පෝෂණ ගුණයෙන් අනූන 

ආහාරමය ද්‍රව්‍ය මොනවාද? 

ශාකමය ආහාර 

පළා වර්ග 

ඵල (ගෙඩි) වර්ග ,ධාන්‍ය වර්ග, අල වර්ග, බීජ වර්ග වශයෙන් ප්‍රධාන කොටස් කීපයකට බෙදිය හැකිය. 

මේවායේ ඇති ඖෂධීය ගුණය ඉතා ඉහළ අගයක පවතී. 

පෝෂ්‍ය ගුණයෙන් අනූන එළවළු ඉතාමත් රසවත් ආහාර වර්ගයකි. මෙය පහසුවෙන් ආහාරයට එක්කර ගත හැකිය. එළවළු පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් කුඩා හා මහා පරිමාණයෙන් අන්තර්ගත වී ඇත. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ඛනිජ ලවණ හා විටමින් වර්ග හා ජලය වැඩි ප්‍රමාණයකුත් අන්තර්ගතය. ඛනිජලවණ 18 ක් මනා සෞඛ්‍ය තත්වයක් සඳහා ඉතා වැදගත් වන අතර ඉන් බොහොමයක් එළවළු වර්ගවල අඩංගු වේ. 

ඖෂධීය  ගුණයෙන් අනූන 

ශාකමය ආහාර ද්‍රව්‍ය මොනවාද? 

ව්‍යංජනයක් වශයෙන් පිළියෙළ කරගත හැකි ඖෂධීය ඵල (ගෙඩි) වර්ග 

අත්තික්කා, කාමරංගා, පිපිඤ්ඤා, බිලිං , රතු මෑ, වම්බටු, තුඹ කරවිල, දඹල, කැකිරි, පතෝල, බටු, අළු පුහුල්, දෙල්, පුහුල්, බණ්ඩක්කා, මුරුංගා, වට්ටක්කා, සෝයා බෝංචි. අවර, කොස්, බිං පොල්, තිබ්බටු, දියලබු. 

පලතුරු ලෙස 

ආහාරයට ගත හැකි 

ඖෂධීය ඵල (ගෙඩි) වර්ග 

අඹ, ඇඹුල් දොඩම්, නස්නාරං, ජම්බෝල, දං, පේර, සැපතිල්ලා, හීං හිඹුටු, අන්නාසි, ඇඹරැල්ලා, දූරියන්, බෙලි, රඹුටන්, වෙරළු, කටු, අනෝදා , ඉඳි, කළුකම්මේරිය, කොමඩු, ගල් සියඹලා, නෙල්ලි,පැණි දොඩම්, බෝවිටියා, වැල් ඇඹිල්ල, ජමනාරං, දෙළුම්, පැපොල්, වීර, හිඹුටු 

ආහාරයට ගත හැකි ඖෂධීය 

ගුණැති බීජ වර්ග 

සූරියකාන්ත, උළුදු, කජු,කොණ්ඩ කඩල, කොල්ලු, කොස් ඇට, වල්දෙල්, සෝයා බෝංචි, ආහාරයට යොදා ගත හැකි ඖෂධීය ගුණැති පලා වර්ග 

අක්කපාන, අසමෝදගම්, ඇඹුල් ඇඹිලියා. ඇඹුල් පලා, ඉකිරිය, ඉරමුසු, නිවිති, කතුරුමුරුංගා,කංකුං,කටු තම්පලා,කරපිංචා, කළුකම්මේරිය, කැරම්කොළ, කැබැල්ල, කිරිඅගුණ, කූරිඤ්ඤං, කූර තම්පලා, කෙකටිය, කොත්තමල්ලි, ගල්කූර, ගොටුකොළ, ගොනිකා, පැණි තෝර, පෙනෙල, පොල්පලා, බතල, මඤ්ඤොක්කා, මැල්ල, මිංචි, මුකුණුවැන්න, මොණරකුඩුම්බිය, රතු තම්පලා, රතු නිවිති. රතු සාරණ, රණවරා, වාතභංග වැල්, කොහිල 

ආහාරයට ගත හැකි ඖෂධීය ගුණැති ධාන්‍ය වර්ග 

අමු ඉඟුරු, මුං, උළුඳු, කුරක්කන්, කඩල, කොල්ලු, තණහාල්, තල, තිරිඟු, බාර්ලි. මෑ. සෝයා බෝංචි, දඹල, සහල් 

ආහාරයට යොදාගත හැකි      ඖෂධීය ගුණැති අල වර්ග 

අර්තාපල්, ආටිචෝක්, ඉන්නල, ඕළු,කටු අල, කෙකටිය අල, කොහිල වර්ග, කීඩාරං අල, කිරි අල, කැරට්, කුකුළල, ගහල, ගෝනල, නෙළුම් අල, නෝකෝල්, බතල, බුත්සරණ, බීට්, මඤ්ඤොක්කා ,රාබු, රාජාල, හුලංකීරිය, හිඟුරල, ගිරිතල, 

ආහාරයට යොදාගත හැකි 

ඖෂධීය ගුණැති ශාක දළු 

අළු පුහුල්, ඇත්තෝර, එරබදු, කැබැල්ල, කැරම්කොකු, කොහිල, දියලබු, දියහබරල, මදටිය, මැල්ල, වට්ටක්කා, වැරැල්ල, සුදුහඳුන්, කිරිඅඟුණ, මඤ්ඤොක්කා, ඇඹරැල්ල 

ඔසු පැන් සඳහා ගන්නා දේවල් 

ඉරමුසු, කටුඉකිරිය, කොත්තමල්ලි, කොල්ලු, නෙල්ලි, පත්පාඩගම්, පොල්පලා, බෙලි, රණවරා, රත්මල්, පිටවක්කා, මකුණුවැන්න, මොණරකුඩුම්බිය, වැල් පෙනෙල, හාතවාරිය, හීං උදුපියලිය , හීං බෝවිටියා 

කොළ කැඳ සඳහා 

යොදා ගත හැකි ඖෂධ 

ඉකිරිය, ඉරමුසු, එළබටු, කටුවැල්බටු, කරපිංචා, ගොක්මොට. කොහිල, ගස් කරල්හැබ, ගොටු කොළ, තිබ්බටු, දිවුල්, නෙළුම්, පොල්පලා , මොණරකුඩුම්බිය ,මුකුණුවැන්න, රණවරා, වැල්තිබ්බටු, වැල්පෙනෙල, හාතාවාරිය, හීං උදුපියලිය, හීං බෝවිටියා 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments