ගර්භනී ඔබට ආයුර්වේදයෙන් බිඳක්

සැප්තැම්බර් 18, 2020

ගර්භනී වීම ස්තී‍්‍ර ශරීරයේ නිරෝගී බව ප්‍රකාශ කරන ප්‍රධාන ලක්ෂණයක් වුවද,ගර්භය නිසා ගර්භනී කාලය තුළ තුළ ස්ත්‍රියගේ දෛනික ජීවිතයේ බොහෝ ශාරීරික , මානසික වෙනස්කම් ඇති කරවන කාල පරිච්ඡේදයකි.

නමුදු ගර්භනීය විසින් මෙම වෙනස්කම් වලට යෝග්යස වන පරිදි ආහාර විහරණ පාරිසරික හා මානසික සමතුලිතතාවක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය  වේ .ගැබ් ගත් බව හැකි ඉක්මනින් වටහා ගත යුතු අතර,එහිදී ශරීරයේ සිදුවන වෙනස්කම්වලට බිය නොවී ,ඊට අවශ්‍යම උපදෙස් ලබා ගනිමින් උපද්රිව අවම කර ගනිමින් දසමාසය වඩාත් සාවධානව සුරැකිය යුතුය.

සයනාසනංමාදාස්කාරණංනාන්‍යුච්චමපාශ්‍රයොපෙතමසම්බාධංවිද්‍යාවත්හෘදයංද්‍රවං මයුරප්‍රා යං ස්නිග්ධංද්විනියසස්කන්ධභෝජනංභෝජයෙත්සාමාන්‍යමේනද්‍ර ප්‍රසවාන්.

ගැබ්ගත් ස්ති‍්‍රය සැප පහසුව ඉතා උස් නොවූ සාමාන්‍ය සයනයක සයනය කළ යුතුය. සිතට පිය වූ මිහිරි,මධුර රස බහුල කොට ඇති ජඨරාග්නිය උද්දීපනය වන සැහැල්ලු ආහාර පාන වර්ග ලබා ගත යුතුය. මෙලෙස ආයුර්වේදයේ ගර්භනීය දස මාසය සුරැකිව ගත කළ යුතු ආකාරය විවිධ ග්‍රන්ථවල “ගර්භනී පරිචර්යා” යටතේ දක්වා ඇත .

ගැබිනියට පථ්‍ය  අපථ්‍ය ආහාර/සුදුසු නුසුදුසු ආහාර

විදාහිනොවනසෑම පලතුරු වර්ගයක්ම ගර්භනියට යෝග්‍යවේ.එමගින් අස්ථි ධාතුව වර්ධනය කරයි, ගැබිනියගේ ශ්‍රේණියට මෘදු ගතියක් ද , ගර්භයේ අස්ථිවල ලිහිල් බව ද ඇතිකර ප්‍රසවය පහසු කරයි.

මේ සඳහා කොමඩු, පේර, ජම්බු ,දං ,අඹ ,දෙළුම් ,ඉඳී දෙහි ,දොඩම් ඉතා යෝග්‍ය වේ.

ගර්භනීය සැමවිටම සැහැල්ලු සමබර ආහාර වේලක් ලබා ගත යුතුය.

උෂ්ණ ගුණ රහිත සත්ව මාංශ වර්ග,දියමස්, කුඩා මාළු වර්ග ,වියළි හාල් මැස්සන් අනුභවයද, කුරුට්ට සහිත සහලින් පිසූ බත්,සව් ,කිරි ,වෙඬරු, ගිතෙල් ආදිය ද සුදුසුය.

ලුණු රස නැති ඉතා පිරිසුදු ජලය පානය ඉතා යෝග්‍ය වේ.

ගම්මිරිස් ,කුරුඳු ,සාදික්කා, කරාබු නැටි, එනසාල් වැනි කටුක වර්ග වර්ගද, කෝපි, කොකෝවා යනාදියද ගර්භනීය ට යෝග්‍ය නොවේ.

රාත්‍රියට බර ආහාර වර්ග අනුභවය සුදුසු නොවන අතර නින්දට පැය 3 ට වත් ප්‍රථම ගර්භනීය විසින් රාතී‍්‍ර ආහාරය ලබා ගත යුතුය.

ආහාර හොඳීන් විකා අනුභවයෙන් අජීර්ණ රෝග වැළකේ.

ප්‍රසූති කාලය අවසාන වන විට ආහාර රුචිය දියුණු වුවද සාමාන්‍ය දිනක අනුභව කරන ප්‍රමාණය ඉක්මවිය යුතු නොවේ.

ගර්භනීය වියලි, පිළුණු වූ, කුණු වූ ,බෙරි වූ ආහාර නොගත යුතුය.

උෂ්ණ හා ශීත ආහාර මෙන්ම බර ආහාර ගැනීම ද සුදුසු නොවේ.

ගර්භනීයට සුදුසු නුසුදුසු චර්යා රටා

ගැබ් ගත් බව දැනගත් ස්ති‍්‍රය එතැන් පටන්ම ඉතා පහන් සිතින් යුක්තව තම ආගමානුකූලව පී‍්‍රතියෙන් යුතුව මිහිරි වචනයෙන් යුක්තව සැහැල්ලු මනසින් දවස ගත කළ යුතුය.

ගැබිනිය සෑම විටම ධෛර්යමත් විය යුතුය.

බොහෝ ස්තී‍්‍රහු ගැබ් ගත් බව මුල් මාස වල දී සැඟවීම සඳහා හෝ නුපුරුදු බව නිසාද ඉනට ඉතා තද වන ලෙස ඇඳුම් අඳීති. මෙමඟින් ගර්භයට විවිධ උපද්‍රව ඇතිවිය හැකිය. ගර්භනීය විසින් ඉතා සැහැල්ලු ,පිරිසුදු ,ලා වර්ණ සහිත වස්ත්‍ර දැරිය යුතුය.

නපුරු, බියකරු, ත්‍රාසජනක දර්ශන සිත්වේග කරවන කතා ,ටෙලි නාට්‍ය හා චිත්‍රපට නැරඹීම ද ගැබිනිය විසින් නොකළ යුතුය.

කිලිටු වූ ,විකලාංග වූ හෝ හීන වූ ශරීර අවයව ස්පර්ශ නොකළ යුතුය.

බෙහෙවින් චලනය වන වාහන වල ගමන් කිරීම,දීවීම, වේගයෙන් ඇවිදීම බර ඉසිලීම අධිකව ව්‍යායාම සිදු කිරීම නුසුදුසුය.

ජන සමූහයා අධිකව රැස් වන ස්ථානවල හිඳීම, බෝවන රෝග සහිත ප්‍රදේශවල ආශ්‍රයෙන් ද වැළකිය යුතුය.

සිත් ශෝකයෙන් දුකින් කල් ගෙවීම, අලසව කල් කල්ගෙවීම ,එකතැන බොහෝ වේලා සිටීම, දිවා කාලයේ නිතර නිතර සයනය කිරීම, උඩු අතට නිදාගැනීම නුසුදුසුය.දිවා භාගයේ ආහාරයට පසුව ස්වල්ප වේලාවක් සෙමින් ඇවිද පසුව පැයක් පමණ නිදා ගැනීමත් රාති‍්‍රයට පැය 8-9 නින්ද ලබා ගැනීමත් සුදුසුය.

මුල් මාස තුන හා අවසාන මාස තුන මෙවුන්දම් සේවනය නොකළ යුතුය.

නුසුදුසු ආහාර හා චර්යා රටා නිසා විය හැකි උපද්‍රව මවටගර්භ ස්‍රාවඅකාල ප්‍රසවය(නියමිත මාසයේ ප්‍ර‍සවය සිදු නොවීම)ප්‍රසවය අධික වේදනා සහිත වීම.

අංගවිකල දරුවන් බිහිවීම.

ශරීරයේ බලය දුබල වීම.

ස්තන්‍ය් ශ්‍රාවය නිසි ලෙස සිදු නොවීම.

ගර්භයට/ජනිතයාට

මව රාතී‍්‍ර අවදියෙන් සිටීම හා දිවා කාලයේ නිතර නිතර සයනය හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයන් යුත් දරුවන් බිහි වේ.

නිතරම මව උඩු අතට නිදාගැනීම නිසා දරුවාගේ නාභි රජ්ජුව ගෙලවටා එතීම.

අධිකව ඇඹුල් රස යුත් ආහාර ගැනීමෙන් දරුවාට චර්ම රෝග ඇතිවීම.

ලවණ අධික ආහාර ගැනීම මගින් දරුවාගේ කේශ වර්ධනය අඩුවීම හා සම රැලි වැටීම.

ගැබිනි කළ අධික මෙවුන්දම් සේවනයෙන් අංගවිකල දරුවන් බිහිවීම.

ගර්භනීය ට සුදුසු ව්‍යායාම හා එහි ප්‍රයෝජන.

ගර්භනීයට ඉතා වෙහෙසකර කාර්ය සුදුසු නොවන අතර එදිනෙදා ගේ දොර කටයුතු වල මද වේගයෙන් නිරත වීම සුදුසුය.

ව්‍යායාම ලෙස කළ යුත්තේ ශරීරයේ අංග රිද්මයානුකූල චලනයකට  භාජනය කිරීමයි.එය ක්‍රමවත් විය යුතුය. මද පවනේ ඇවිදීම, දිනකට පැය භාගයක් පමණ අතුගෑම වැනි කි‍්‍රයාකාරකම් සිදු කළ යුතුය.

අලස නොවූ ගර්භනීය විසින් සුදුසු ලෙස ව්‍යායාම වල නිරත වීමෙන් ගර්භය අධි ස්ථුල නොවී ,සුදුසු කාලයේ අධික ප්‍රසව වේදනාවෙන් තොරව නිරුපද්‍රිතව දරුවා බිහි වේ.

ගර්භනීය ගේ ආහාර දිරවීම ක්‍රමවත් වී මළ මුත්‍ර‍ නිසි ලෙස බැහැර වී රුධිර ගමනා ගමනය නිසි ලෙස සිදු වේ ගැබිනිය අධිකව තර නොවේ.

ගර්භනී කාලයේ ඇතිවන උපද්‍රව හා පිළියම්

ආයුර්වේද අනුකූලව ස්තී‍්‍රන්ට ප්‍රධාන වශයෙන් ගර්භයේ හේතු කොටගෙන උපද්‍රව හෙවත් රෝග අටක් උපදී එනම්,

ශෝෂය හෙවත් වියළීම

කෙල ඉනීම, වමනය, උණ, ඉදිමුම, අරුචිය, අතීසාරය, විවර්ණය

ශෝෂය හෙවත් වියලීම

ගර්භනීන්ගේ මුඛ ශේෂය හෙවත් උගුර කට වියලීම හා ශරීරයේ මදක් වැහැරුණු ගතිය ඇතිවිය හැකිය .

නුග ,අරළු, තිප්පිලි, සැවැන්දරා මුල්, කළාඳුරු අල යන මේවා සීනි සමග ගුලිකර මුවේ තබාගෙන සිටි විට දෝෂය නැති කෙරේ.

වමනය

මුල් කාලයේ උදය වරුවේ ගර්භනීයට හටගන්නා වමනය ස්වභාවික සාමාන්‍ය වමනයකි. මේ සඳහා බෙහෙත් යෙදීම යෝග්‍යයම නොවේ. මේ සඳහා උදෑසන ඇඳෙන් නැගිටීමට ප්‍රථම කිරි හෝ දොඩම් වීදුරුවක් බීමෙන් සුවවේ.

නිතර නිතර වමනය ඇතිවේ නම් පැය දෙකකට වරක් සුළු වශයෙන් කෑම ගැනීම සුදුසුය.

දෙහි ,දොඩම් ,දෙළුම් යුෂ අතරට පානය ද සුදුසුය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments