ප්‍රබෝධමත් නිරෝගී ජීවිතයකට පදනම් වන අධික පෝෂණ ගුණයෙන් යුත් ආහාරයක් වන මාංශ භෝග

සැප්තැම්බර් 4, 2020

රුධිරයේ සීනි මට්ටම පාලනය කරන, අධි රුධිර පීඩනය අවම කරන, රක්ත හීනතාවය වළක්වාලන ස්ථුලතාවයට පත්වීම හා මේදය වළක්වාලන මළබද්ධයට ඉතා ගුණදායක මාංසභෝග ශාක ප්‍රෝටීන් තන්තු විටමින් ඛනිජ වර්ගවලින් හා පොස්පරස් සින්ක්වලින් ද බහුල ඖෂධයන් ය. අනෙකුත් ආහාර මෙන් නොව ඉතාම ගුණදායක ආහාරයක් වන මාංශ භෝග පිළිකා ඇතිවීමේ අවධානමද අවමකරයි. 

උදෑසන ආහාරයට පාසල් දරුවන් හුරු කිරීමෙන් නොයෙකුත් රෝගාබාධවලින් දරුවන් ආරක්ෂා කරගත හැකිය. වියළි ඇට ලෙස පරිභෝජනයට ගන්නා කඩල, කවුපි, මුං ඇට, පරිප්පු, කොල්ලු, උඳු රනිල කුලයට අයත් භෝග වේ. 

මුං ඇට වඩාත් ගුණදායක ආහාරයකි. මේ නිසා මුං ඇට ආහාරයට ගැනීමෙන් ඇස්වලට ගුණයාදක වේ. ඇස් පෙනීම වැඩිකිරීමේ ගතියක් පවතී. ඇස්, කන්, මුඛ නාසා ආදී දසරුවෙන් උඩ රෝගවලට මෙන්ම විශේෂයෙන් ලේ දෝෂවලටද ගුණදායක ය. මුං ඇටවල ඇති පෝෂණ ගුණය ග්‍රෑම් සියයක ඇති පෝෂ්‍ය පදාර්ථ ශක්තිය කැලරි 334 යකඩ මිලිග්‍රෑම් 7.3 කැල්සියම් මිලිග්‍රෑම් 124 ප්‍රෝටීන් 24 තයමින් මයික්‍රෝ ග්‍රෑම් 420 මේදය, ග්‍රෑම් 1.3 කාබොහයිඩ්ට්‍රේට් ග්‍රෑම් 56.7 පොස්පරස් මිලි ග්‍රෑම් 326 කැරොටින් මයික්‍රො ග්‍රෑම් 94 රයිබොප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 2.3 කි. මුං ඇටවලට සංස්කෘත භාෂාවෙන් වාජී භෝජන, සඵල මුද්ගවාජී භෝජන භුක්ති පුද භයානන්ද හා රසෝත්තම යන නම් යෙදී ඇත. ඉංගී‍්‍රසි භාෂාවන් Green gram mung bean හා sona gram  මුං ඇට වර්ග සතරක් ම ඇත. කොළ පැහැ වර්ගය, රන්වන් පැහැ වර්ගය, කළු පැහැ වර්ගය, සුදු පැහැ වර්ගය, රතු පැහැ වර්ගයයි. මින් රන්වන් පැහැ මුං ඇට අධික ගුණ බවෙන් වැඩි වේ. 

කඩල ඉතා ගුණවත් ආහාරයකි. රසයෙන් හා ගුණයෙන් වැඩි ආහාරයක් වන කඩල ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඖෂධයකි. කඩලවල ඇති පෝෂ්‍ය ගුණය කඩල ග්‍රෑම් සියයක ඇති පෝෂ්‍ය පදාර්ථ ශක්තිය කැලරි 360 ප්‍රෝටීන් ග්‍රෑම් 17.1 මේදය ග්‍රෑම් 5.3 කබොහයිට්ඩ්‍රේට් ග්‍රෑම් 60.9 විටමින් සී මිලිග්‍රෑම් 0.3 යකඩ මිලිග්‍රෑම් 10.2 කැල්සියම් මිලිග්‍රෑම් 202, පොස්පරස් මිලිග්‍රෑම් 312 , තයමින් මයික්‍රෝ ග්‍රෑම් 300, රයිබොප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 150 දියවැඩියා රෝගයට ද ඉතා ගුණවත්වන කඩල හා කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් විටමින් හා ඛනිජ ලවණ ආදී පෝෂ්‍ය පදාර්ථවලින් පිරිපුන් ය. කඩලවලට සංස්කෘත බසින් හරිමන්ත, කන්ඩ්‍රකිචක, මජිවන්ත ක්‍රිෂ්ණ චන්චුක හරිමන්තකන් සුගන්ධා ආදී නම් රැසක්ම යෙදී ඇත. ඉංගී‍්‍රසි බසින් Chick Pea Gram යනුවෙන් ද දෙමළ බසින් කඩලයි යනුවෙන් ද යෙදේ. කඩල විශේෂයෙන් රූපලාවන්‍ය කටයුතුවලට ද යොදා ගනී. 

කොල්ලු ඉතා ගුණවත් ඖෂධයකි. තරබාරු ගතිය අධික ස්ථුලභාවයෙන් පෙළෙන නිතර නිතර ශරීරය පුරා දහඩිය දමන අයට හා බරෙන් වැඩි අයෙක් බර අඩුකර ගැනීමට කොල්ලු හොඳම ආහාරයක් මෙන්ම ඖෂධයක් ද වේ. කොල්ලු අනෙකුත් ධාන්‍ය වර්ගවලට වඩා තැම්බීමට වේලාවක් ගත වේ. එහෙත් ලැබෙන ගුණය ඉහළ ය. කොල්ලු වර්ගද හතරකි. ඒ සුදු කොල්ලු, කළු කොල්ලු, පුල්ලි කොල්ලු සහ රතු කොල්ලු වශයෙනි. කොල්ලු ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගුණය ශක්තිය කැලරි 321 මේදය ග්‍රෑම් 0.5 කැල්සියම් මිලි ග්‍රෑම් 287 යකඩ මිලි ග්‍රෑම් 8.4 රයිබෝප් ලේවින් මයික්‍රොග්‍රෑම් 200 ප්‍රෝටීන් ග්‍රෑම් 22 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 37.2 පොස්පරස් මිලි ග්‍රෑම් 311 තයමින් මයික්‍රොග්‍රෑම් 420 නියැසින් මයික්‍රො ග්‍රෑම් 1500 කොල්ලු තැම්බූ ජලය උණගතිය අඩුකරයි. ශරීරයේ බර අඩුකරයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments