අකලට හිසකෙස් වැටීම නිසා පෑදෙන තට්ටය

සැප්තැම්බර් 18, 2020

අද සමාජයේ බොහෝ දෙනකුගේ හිස කෙස් වැටීම නිසා තට්ටය පෑදී ඇති අයුරු දැක ගන්නට පුළුවන. මෙසේ තට්ටය පෑදීමට ප්‍රධාන හේතුවක් වන්නේ අකලට හිසකෙස් වැටීම නිසාය. නමුත් තට්ටය පෑදීමට හේතු කීපයක්ම ඇත. එනම් ඔබ පවුලේ අයකුගේ තට්ටය පෑදී ඇත්නම් එය අනාගතයේදී ඔබටද බලපෑමට හැකියාවක් ඇත. 

සාමාන්‍ය අවුරුදු පනහ වන විට මිනිසුන්ගෙන් සියයට පනහකගේ පමණ තට්ටය පෑදීම සිදු වේ. වයස්ගත වන විට කාගේ වුවද හිසකෙස් වැටීම නොවැළැක්විය හැකිය. එහෙත් හිසට දක්වන ආදරය, කරුණාව මත එය වළක්වා ගත හැකිය. විශේෂයෙන් තට්ටය පෑදීමට ජීවන රටාව බලපාන බව ඔප්පු වී ඇත. එහිදී ආහාර, රැකියාව, පැවැත්ම, විවේකී වීම හා ක්‍රියාකාරිත්වය බෙහෙවින් බලපානු ඇත. ආහාර පානාදිය නිසා හිසකෙස් ගැලවී යන බව ඇමරිකාවේ කරන ලද පර්යේෂණයකදී අණාවරණය වී ඇත. මෙහිදී පෙනී ගොස් ඇති ප්‍රධාන කරුණක් වන්නේ හිසකෙස් අඩු අය හෘදයාබාධ වැනි රෝගවලට ඉක්මනින් ගොදුරුවන බවයි. එමෙන්ම ඉතාලි විශේෂඥවරුන් විසින් කරන ලද පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ තට්ටය පෑදී තිබෙන පුද්ගලයන්ගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික බවයි. 

මේ අනුව තෙල් අධික ආහාර ගැනීමෙන් රුධිර නාළවලට හානි ඇතිවන අතර ඉන්ද හෘදයාබාධ ඇතිවන බවයි. හොමෝනවල ක්‍රියාකාරීත්වය නිසාද හිසකෙස් ගැලවීයාමට හැකිය. මෙසේ සිදුවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු හෝ වැඩිවීම හේතු වෙනි. එමෙන්ම තදබල ශරීරගත ආබාධ නිසාද හිසකෙස් ගැලවී යෑම සිදු වේ. ශීර්ෂ රෝග හෙවත් හිසේ හට ගන්නා රෝගවලට අයත් හිසකෙස් රෝග හේතු ගණනාවක් ඔස්සේ වැලඳේ. තරුණ වියේ පසුවන මොනයම් කාලයක වුවද හිසකෙස් අකලට පැසී ටිකෙන් ටික ගැලවෙමින් තට්ටය පෑදීමට පටන් ගනී. මේ නිසා ඒ ගැන කල්පනා කිරීමෙන් ඔවුන් පත්වන මානසික පීඩාවද සුළු පටු නොවේ. ශරීරයේ උත්තම අංගය වන්නේ හිසෙහි ස්නායු පද්ධතිය ආරම්භ වීම මොළය පිහිටා තිබීම වැනි කරුණු නිසා හිස අප ශරීරයේ උත්තම අංගය බවට පත්වීමට හේතුවී තිබේ. 

මේ නිසා හිසට හොඳ පෝෂණයක් ලබා දිය යුතුයි. ඉන් හිසකෙස්වලට මනා බලපෑමක් ඇතිවෙනවා. හිසකෙස් හොඳින් පවත්වාගෙන යෑමට ස්නානය කිරීම වැදගත් වෙනවා. ස්නානය කර හිස වියලුනු පසු සුදුසු තෙල් වර්ගයක් හිස ගල්වා හොඳින් පිරිමැදිය යුතුයි. හිසේ ඇතිවන රෝගවලින් සුලභම රෝගයක් වන්නේ ඉස්හොරිය . මෙම ඉස්හොරි වැඩිපුරම හටගනු ලබන්නේ හිසේ සමේය. ඉස්හොරි කුඩා සුදුපාට කුඩා පොතු කැබලි ලෙස ගැලවී යාමට පටන් ගනී. හිසේ හට ගනු ලබන ඉස්හොරි වයස් සීමාවකින් තොරව හටගනු ලබන රෝග ලක්ෂණයකි. ශීර්ෂගත රෝග හෙවත් මෙම හිසේ රෝග හේතු ගණනාවක් ඔස්සේ හට ගනී. සෙම පාදක කොට ගැනෙන පිත් කුපිතතාවයද එක්කොට රෝගී තත්වය මතුවේ. හිසේ හට ගනු ලබන රෝගී තත්ත්වයන්ට බෙහෙවින්ම සාවද්‍ය ඇවතුම් පැවතුම් බලපානු ලබයි. උෂ්ණ අම්ල දේ අධිකව ගැනීම මත්පැන් හා මත්ද්‍රව්‍ය, මත්කුඩු පෙති ආදී විෂම දෙයට ලොල් වීම රාත්‍රියෙහි දිගටම නිදිවැරීම, කෝප ක්‍රෝධ, ද්වේෂාදි මානසික පීඩනයෙන් ලතවීම අධික රශ්නය නොතකා දැඩි වෙහෙසට පත්වීම, විෂ සහිත ප්‍රතිකාරවලට යොමුවී සිටීම බොහෝ වේලාවක් කුසගින්නෙන් සිටීම , නිසි ලෙස අවශ්‍ය ලෙස ජලය පානය නොකිරීම හා උෂ්ණාධික ආහාරපාන ගැනීමත් රෝගී තත්ත්වය වැඩිවීමට හේතුවකි. 

මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් සෙම් කුපිත වේ. මේ සඳහා තවත් හේතු වශයෙන් දැක්විය හැකි කරුණුූ බොහෝය. අවේලාවේ ආහාර ගැනීම පිළුණු වූ හා තෙල් අධික ආහාර ගැනීම අධි ශීත ආහාරපානවලට යොමු වීම නිතර නිතර ශීතකළ බීමවලට හා ක්ෂණික ආහාරවලට කෑදරවීම ද වේ. මින් පිත, වා, සෙම් කුපිත වීමත් සිදුවේ. ඉන් හිසට ඇති වන බලපෑම් බොහෝය. ඉන් හිසේ කැසීමක් වරින්වර ඇතිවේ. උඳුගොව්වා කෑම ආරම්භ වේ. අකලට කෙස් පැසීම කෙස් ගැලවීයෑම ඇතිවේ. මෙවැනි අවස්ථාවලදී සමහරුන් හිසේ පැසුණ කෙස්ගස් උදුරා දැමීමට ක්‍රියා කරති.එය එසේ නොකළ යුතුය. හිසකෙස්වලට ඔරොත්තු නොදෙන රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන ෂැම්පු වර්ග සමහර සබන් වර්ග හිසේ ගෑමෙන් සිදු වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු හෝ වැඩිවීම හේතුවෙන් යම් යම් ආබාධවලට ලක්වීමයි. හිසෙ ඇතිවන රෝගී තත්ත්වයන්ට මළබද්ධයද හේතුවේ. හිස සෝදනවිට දෙහි ඇඹුල් ස්වල්පයක් ජලයට මිශ්‍රකර හිස සේදීමෙන්ද නෙල්ලි ඉස්ම ටිකකට දෙහි ඇඹුල් ටිකක් මිශ්‍ර කරගෙන හිසට වදිනසේ කෙස් මුල්වලට ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් ටිකවේලාවක් සිටීමත් හොඳ ප්‍රතිචාරයකි. 

අධික ඇඹුල් සහිත කෑම බීම, රාත්‍රි නිදිවැරිම වැඩි වේලාවක් ස්නානය කිරීම ආදියෙන් වැළකිය යුතුය. කීකිරිඳිය, මුකුණුවැන්න මුල්, අමුනෙල්ලි වෙන වෙනම කොටා යුෂ වෙන වෙනම එක පමණට ගෙන එළකිරිද එක් ප්‍රමාණයකට ගෙන තලතෙල් , එරඬුතෙල් , ගිතෙල් කලින් වෙන්කරගත් ප්‍රමාණයකින් භාගය බැගින් ගෙන මිශ්‍රකර ලිප තබා කකාරාව ගෙන තබාගන්න. දෙහි ගැට තුන හතරක් ගෙන කපා උළුහාල් ටිකක් දමා තම්බා ගෙන අඹරා හිසේ ගා ටික වේලාවක් සිට ස්නානය කිරීමත් සුවදායකය. හිසට ගුණදායක වන ආහාර ගැනීමත් හිසකෙස් වර්ධනයට බෙහෙවින් හේතුවේ. විටමින් බහුල ආහාරයන් වන තම්පලා, කතුරුමුරුංගා, නිවිති, කංකුං, ගොටුකොළ , කැරට්, වට්ටක්කා වැනි එළවළු ද ධාන්‍ය වර්ගද පැපොල්, දොඩම් අඹ, දෙහි , නෙල්ලි, කජු, පුහුලන්, මස්, බිත්තර කිරිමාළුද කොළ එළවළු ද ඉතාම ගුණදායකයි. 

මෙරට මිරිස් කළුදුරු කල්ක කරගෙ     න 

යසට විදි අයුරු සිද තලතෙල් රැගෙ     න 

හිසට ගෑවොතින් කෙස් බෝ ලෙස වැඩී ගෙ     න 

එමට කෙස් වැටීමද නවතී සොදි     න 

නෙළුම් ඕළු අල දිය හවරිය බිඟු     ට 

අරන් අබුළු සිය මුල් යුෂ සම ලෙස     ට

ලබින් එසවු නැලියක් බඳුනක යස සො      ට

කිරින් නෙරළු නැළියක් යොද මින් එම      ට 

යබර අරළු වැල්මී ඇබුළු සම ලෙ     ස 

අඹර කල්ක යොදමින් තෙල සිද විල     ස

නිතර හිස ලේප කළහොත් දුරුව දො      ස

එනරව කළුව දික්වී බබලය කේ     ස 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments