ගල් වෙරෙප්පුව හෙවත් මුත්‍රාශ්මරී රෝගයට පිළියම්

සැප්තැම්බර් 25, 2020

අද සමාජයේ වෙසෙන රෝගීන් අතර බහුලව වැලඳෙන මුත්‍රාශ්මරී නම් මුත්‍රාගල් නොහොත් ගල් වෙරෙප්පුව නමැති රෝගය වැඩි වශයෙන් පුරුෂයින්ව ආක්‍රමණය කරමින් සිටිති. වර්තමානයේ මෙවැනි රෝගීන් මෙසේ බහුල වීමට හේතුව නම් උෂ්ණාධික ආහාරපාන ලෙස ගැනෙන ගෝවා ,අන්නාසි, තක්කාලි, නිතර නිතර ගැනීමෙන් හට ගනු ලබන රෝගීතාවයයි.

 එමෙන්ම මත්පැන් ගැනීම ද එක් හේතුවකි. ඉතා අඩුවෙන් ජලය පානය ද, පැණි බීම සහ වස විෂ අඩංගු ආහාර පාන දෛනිකව යොදා ගැනීමද මෙම රෝගය වැලඳීමට හේතු වේ. 

වර්තමානයෙහි කෘෂි කර්මාන්තයෙහි යෙදෙන ගොවි මහතුන් විසින් තම බෝග වගාවෙහිදී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නිසා වී සහ එළවළුවලට විෂ මුසු වී ඇත. එවැනි ආහාරපාන වෙළෙඳ පළට පැමිණි පසු ඒවා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට නොයෙක් රෝග හටගැනීම නියතය. අතීතයේ විසූ අපේ මුතුන් මිත්තන් ඉතා පිරිසුදු ජලය පානය කළ අතර, වස විෂෙන් තොරව සකසාගත් කැකුළු බත් සහ මී පැණි, දඩමස් , එළවළුවලින් සම්ප්‍රයුක්ත කදිම ආහාර පාන නිසා ඔවුහු නිරෝගීව, දිගාසිරි විසුවෝ වූහ. වර්තමානයේ සිඟිති දරුවන් මව් කුසෙන් බිහි වන්නේද රෝගීභාවයෙන් යුතුවයැ. 

කිමද ඊට හේතුව? දරුවා ගර්භාෂයේ සිටින විටදී මව විසින් ගනු ලබන               අඹඹවිෂම,අසමතුලිත ආහාරපාන නිසාවෙනි. ගල්වෙරෙප්පුව යනුවෙන් හඳුන්වන මුත්‍රාගල් හෙවත් මුත්‍රාශ්මරී සැත්කම් මඟින් ඉවත් කිරීමේදී එම රෝගියා දින ගණනාවක් තිස්සේ රෝහල්ගතව සිටිය  යුතුය. ඔහුගෙන් යැපෙන අඹුදරුවන්ට අපහසුතාවයකට මුහුණ දීමට සිදුවේ. රෝගියාද වේදනාවෙන් යුතුව පසු වේ. 

යමෙකු වකුගඩු සහ මුත්‍රාශයෙහි වේදනා සහිතවද , මුත්‍රා කි

රීමේදී අපහසුතා ඇතිවේද වහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී මුත්‍රා ස්ඵටික  ඇති බව දැනගත හොත් ඊට ආයුර්වේද ප්‍රතිකර්ම ලබා ගැනීම නුවණට හුරුවේ. මුත්‍රාගල් දිය කිරීම සඳහා යොදන ඖෂධ අතර ප්‍රධාන වශයෙන් වර්තමානයේ භාවිත වන්නේ පොල් වතුර හෝ කුරුම්බා වතුරය. මේවා පානය කිරීමෙන් මුත්‍රාගල් දිය වී යනු ඇත. වේදනාවන් ගෙන දෙන්නේ ද නැත. දේශීය ඖෂධ ලෙස ගැනීමේදී අක්කපාන, සාරණ, මුගුණවැන්න, ගල්කූර, කතුරුමුරුංගා, ළපටි රාබු, රසකිඳ, රණවරා, පොල්පලා, (අශ්මරී භේද) නීරමුල්ලිය ආදියේ නිතර පාවිච්චියෙන් මුත්‍රා ගල් දියවී යන අතර මුත්‍රකාරක ඖෂධ වශයෙන් කිරි, බාර්ලි, දොඩම්, නෙල්ලි, තැඹිලි , රසකිඳ. භාවිත කිරීමෙන් අපහසුවකින් තොරව මුතා පිටවෙනු ඇත. මුත්‍රාශ්මරි නොසෑදුන අයට ද යට කී ඔසු ගැනීමෙන් අශ්මරී හටගන්නා වාතාවරණය අවම කළ හැකිය.

එමෙන්ම කොහිල, නෙළුම් අලද සුදුසු වේ. මුත්‍රාශ්මරී හට ගැනීමට මූලික පදනම වන්නේ දිනපතා ශරීරයට අවශ්‍ය තරමට ජලය පානය නොකිරීමද සිරුරින් ඩහදිය පිට නොවීම ද ඒ සඳහා ශරීරයට ව්‍යායාමයක් නොලැබීම හෝ කය වෙහෙසවන කාර්යක නිරත නොවීම ද යන කාරණා වේ. එමෙන්ම දිනපතා සමතුලිත ආහාර වේලක් ගැනීම එනම් දිනපතා අප ගත යුතු ප්‍රධාන ආහාරය වන කැකුළු බතට සරිලන සේ ඉන් ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයද, ප්‍රෝටීන් ලැබෙන බිත්තර , පරිප්පු, කරවල, මස්, මාළු, හාල්මැස්සන්ද , විටමින් ලැබෙන පළාවර්ගද එමෙන් ලිපිඩ (මේදය) සමඟ විටමින් ඒ.බී.සී.ඩී.ඊ.කේ. යනාදි වශයෙන් අඩංගු ආහාරපාන ගැනීමෙන් මුත්‍රාගල් සෑදීම අවම වේ.

එමෙන්ම සෑම ආහාර වේලකටම මුං ඇට, කොල්ලු. බාර්ලි, සාරණ, මුගුණවැන්න, එකතු කර ගැනීම සුදුසු වන අතර රාත්‍රී කාලයේ බාර්ලි තැම්බූ වීදුරුවක් ගැනීම යහපති. එමෙන්ම දියලබු , අළුපුහුල්, කැකිරි, සීනිකැකිරි, කොමඩු, යන මේවා ඖෂධ ගුණයෙන් අනූන වේ. මුත්‍රා ගල් සෑදීම වළක්වා ගැනීම සඳහා දේශීය ඔසු බොහෝ ඇත. එවැනි කිහිප වර්ගයක් මෙසේ සඳහන් කරමි. ලුණුවරණ, මුරුංගා, උක්මුල්, තලදඬු, කොබෝලීල, යන මේවායින් මුත්‍රාගල් දිය කළ හැක. 

වැල්මී, ඉඟිනි ඇට, තිප්පිලි, පොල්පලා මුල්, සුදුහඳුන් මේවා තැඹිලි දියෙන් අඹරා කල්ක සාදා සීනි මිශ්‍ර කර ගැනීමෙන් මුත්‍රාශ්මරී සුවවේ. 

ලුණුවරණ මුල්, මුරුංගා මුල්, සාරණමුල්, රත්නෙටොලු මුල්, කටුවැල් බටු, එළබටු මුල් කලං දෙක බැගින් ගෙන තලා දියබත 8-1 ට සිදුවා පෙරා එළකිරි පතක්ද මිශ්‍ර කර එක පතට කකාරා ගල්මද, තිප්පිලි කුඩුකර දමා පෙරා පානය කරන්න. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments