අෂ්ඨලවණ හා පස් ලවණ දේශීයව මෙන්ම ආයුර්වේද බෙහෙත් සඳහා ගනු ලබන

සැප්තැම්බර් 25, 2020

දේශීය මෙන්ම ආයුර්වේද බෙහෙත් සෑදීම සඳහා වෙනත් ඖෂධ සමඟ ගනු ලබන අප නිතරම භාවිතයට ගනු ලබන කන ලුණු , මුහුදු ලුණු , ලේවා ලුණුවලට අමතරව අෂ්ඨ ලවණ ලෙස සඳහන් සුවස ලුණු, සවිඳ ලුණු, කලු ලුණු ලේවා ලුණු, මැටි ලුණු ,බළල් ලුණු උද්භිත ලුණු වගේම රෝම ලුණුද ගනු ලබයි. 

එමෙන්ම පස් ලුණු ලෙස සඳහන් මුහුදු ලුණු, සිදුලුණු, යවකාර ලුණු සුවස ලුණු හා බළල් ලුණු ද මේ පස් ලුණු වශයෙන් සවිඳ ලුණු, සුවස ලුණු, බළල් ලුණු ,යවකාර ලුණු සහ රෝම ලුණු මෙම ලුණු වර්ග නැතහොත් ලවණ පිළිබඳව පැරණි ආයුර්වේද පුස්කොළ පොත්වල රුවන්මල් නිඝණ්ඩුවේ. යෝගරත්නාකරයේ මෙන්ම පොතපතේ ද සඳහන්ව ඇත. මෙහි සමහරු ලවණවලට වෙන් වෙන් වශයෙන් ද නම් යොදා ඇත. ඒ අනුව රෝම ලුණු, ලේවා ලුණු, මැටි ලුණුූ , පාංශු, ලුණුූ යනුවෙනි. 

ඖෂධ නිෂ්පාදනයේදී ලවණ යොදාගනු ලබන ඖෂධ ජීවක කල්කය මෙම කල්කයට සවිද ලුණු දෙදරු ත්‍රිවර්ග ,ඉඟුරු, ගම්මිරිස් , තිප්පිලි, වදකහ, රතුලූනු, තිපල් කොතබුරු, ක්‍රිමිශස්ත්‍ර, ඉඟිරි ඇට, පුස්කර වැල්මී, යවක්ෂාර මෙම කල්කය කඩා දරුවන්ගේ රත්තජ රෝග, උණ, වමනය, බඩ පිපුම, උල්ලෝගම්, කිරිමැලියම්, මල මුත්‍ර බද්ධය, වෙව්ලුම් ආදී රෝගයන්ට ගුණ වේ. 

බල වර්ණා ඇති කරන ආමදෝෂ, මේදා රෝග නසන අග්නිය ඇති කරන ග්‍රහණි ප්‍රමේහ රෝග අශ්මරි ප්‍රමේහ රෝග, පාණ්ඩු රෝග නසා පුරුෂධවීය ඇති කරන මේරීමෝදකය, බළල් ලුණුූ , ත්‍රිකටු තිපල්, කලාඳුරු අල, සූදුරු, කළුදුරු, කොත්තමල්ලි, කට්ඵල, සුවඳ කොට්ටං, කර්කටක ශෘංගි, අසමෝදගම්, සහිඳලුණු, තාලි සපත්‍ර නාමල් රේණු , සහිඳ ලුණුූ තේජපත්‍ර, කුරුඳු පොතු එන්සල් , සාදික්කා කරාබු නැටි, කපුරු , සුදුහඳුන් ,අසමෝදගන් සමභාගව ගෙන උළුහාල් සියලු චූර්ණ බරට බරක් ගත යුතුවේ. අග්නි කුණ්ඨිරසය, අග්නිකුණ්ඩි රසයට සමුද්‍රාලවණ. මුහුදු ලුණුූ රසදිය ගන්ධක ත්‍රිපලා සර්ජීක්ෂාර යවක්ෂාර,රත්නෙටොල්, සහිදලුණු, සූදුරු, සුවසු ලුණු , වළඟසාල් , ඉඟුරු, මිරිස්, තිප්පිලි චූර්ණ කොට ගත යුතුය. මෙම අශ්ණි කුණ්ඩි රසය අග්නිමාද්‍ය ග්‍රහණි ආදි රෝග සඳහා ගුණ වේ. 

චන්ද්‍රාප්‍රභාවටී මෙම ඖෂධය පාණි රෝග කමලා කුෂ්ඨ අග්නිමාද්‍ය වාත පිත්ත කඵ ආදි රෝග රැසකට දෙනු ලබන ප්‍රබල ඖෂධයකි. එම ඖෂධයට සවිද ලුණුූ, සුවස ලුණුූ, බළල් ලුණු මෙන්ම වදකහ, කලාදුරු අල, බිං කොහොඹ, දේවාදර , වියළි කහ ,අතිවිඩයක් දාරුහරිද්‍රා ,කොත්තමල්ලි, තිපල් සිවිය මුල්, වලඟසාල්, ගජතිප්පිලි, ඉඟුරු, ලෞහබස්ම සීනි, ශීලාජතු , ගුගුල්, තිප්පිලි, මුල් රත්නෙටොල් , තිරස්තවාලු, දැත්තමුල්, තේජපත්‍ර, කුරුඳු පොතු, එන්සාල්, උණකපුරු, ගම්මිරිස්, තිප්පිලි, යවක්ෂාර, ස්වරීක්ෂාර ආදි අනෙකුත් ඖෂධ වේ. සප්ත විංශතික ,ගුග්ගුලුව මෙම ඖෂධය කාශ සුවාස ශෝථ අර්ශස් භගන්දර ආශ්මරී මුත්‍ර කෘච්ජ්‍ය උන්මාද කුෂ්ඨ උදර හා සියලු ප්‍රමේහ ඇතුළු රෝග රැසකටම දෙනු ලබන ඖෂධයකි. සප්ත විංශතික ගුග්ගුලුවට ගනු ලබන ඖෂධ සුවස ලුණු ,බළල් ලුණු, සවිඳ ලුණු, ත්‍රිකටුක තිපල් කලා දුරු අල, වළඟසාල්මද රසකිඳ, රතනෙටොල්, හීන් එනසාල්, තිප්පිලි මුල්, හප්‍රස්‍යා දේවාදර , කොත්තමල්ලි, සුවඳ කොට්ටන්, සි ගොන් කැකිරි අල, වියළි කහ, වෙනිවැල් ගැට, ගජතිප්පිලි, අසමෝදගම් ද වේ. 

පක්ෂාසතවායු සුන්‍ය තෛලය මෙම තෛලයට සුවසු ලුණු, යවකාර ලුණු, සහිඳ ලුණු , බළල් ලුණු, තිප්පිලි, කළුදුරු, සූදුරු, සුවඳ කොට්ටම්, සුදුලූනු , අබ , කුරුඳු තෙල්, තලතෙල්, ගිතෙල්, අමුක්කරා අල, කරාබුව සාවාස, පෙරුම්කායම් මෙම තෙල බීමට මාත්‍රාව බලා දිය යුතු වේ. පෙරුම්කායම් , වදකහ , බළල් ලුණූ, සිද්ධිගුරු, දුරු ,අරළු, කොතඹුරු, දියමිත්ත, කොට්ටම්, දැත්ත තිරස්ථවාලු, මේ සැම එක්කොට එකකට එකක් බැදගෙන චූර්ණ කොට උණුවතුරෙන් පොවනු. බඩරුජා ගුල්ම උදර අදී වූ සියලු රෝග ගුණ වේ. මුහුදු ලුණු, සුවස ලුණු, යවකර ලුණු, බළල් ලුණු, සවිදව ලුණු, මුරුවා මුල්, කිඩාරන් අල, රත්නෙටොල් මුල්, සීරැස්ස මුල්, සීනක්කාරම් පුස්කර තිපල්දුරු, අසමෝදගම්, පෙරුම්කායම්, වළඟසාල්, ජයපාල , තිකුණු තිරස්ථවාලු, දැත්ත මුල්, මේකී ඖෂධ සමභාගෙට ගෙන දළුක් කිරෙන් අඹරා කඩල ඇට පමණට ගුලිකර තබාගෙන එළඟිතෙලින් අනා කා උණුදිය බොන්න විරේක වේ. 

ජවර විරේචනයට 

සිදධිගුරුත් තිප්පිලි සහ මිරිස් ගෙ     න 

බැඩ අරළු සවිදව කටු කරෝස     න 

සුද්ධ රසදියත් ජයපාල වෙන වෙ      න 

සුද්ධ එක කලං දෙසිලා අඹරම්      න 

දෙහි ඇඹුලින් දී පත්තද විරේක     ට 

ගැසී එන ජවරයකොත් වේය ඉඟුරු     ට 

නිසි ලෙස බැදිය දෙඹලෙන් සිත්හල      ට 

දෙසි දෙබදුන කිව්වයි මෙලොව සතහ     ට

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments