තේ පානය අකලට හැදෙන රෝග රැසකට ගුණයි

සැප්තැම්බර් 4, 2020

ඇඟපතට දැනෙන මහන්සිය නිවා ගන්න. උණුසුමක් අවශ්‍ය වූ විටෙක හොඳ උණුසුමක් ලබාගන්න තේ කෝප්පයකට කළ හැකි කාර්යය එමටයි. ඒ තරම් හදවතට සමීප තේ කෝප්පයකින් ලැබෙන ගුණ සමුදාය මෙතෙකැයි කියා කිව නොහැකි තරම්, ගතේ සරතැස, දාහය නිවාලන තේ කෝප්පය ගැන අද කතා කරන්න හිතුවෙ ඒ නිසයි. 

ලංකාවේ වැඩිපුරම භාවිත වන්නේ කළු තේ වර්ගයයි. කොලෙස්ටරෝල්, දියවැඩියාව. හෘදයාබාධ වගේ රෝග හඳුන්වන්නේ අකලට හැදෙන ලෙඩ කියලයි. එහෙම හඳුන්වන්න ප්‍රධාන හේතුව මේ ලෙඩ මැදිවිය ඉක්මවුණු අයට පමණක් වැළදෙනවා කියන විශ්වාසය මතයි. නමුත් දැන් මේ ලෙඩ රෝග ලොකු, පොඩි භේදයක් නැතිවම ඕනෑම වයසක අයෙක් වුණත්, ගොදුරු කරගන්නේ අනුකම්පා විරහිතවයි. මෙම අවදානමෙන් ජීවිත බේරා ගැනීමට තේ කෝප්පයකට හැකි බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. 

දිනකට තේ කෝප්ප 3 ක් පානය කිරීමෙන් හෘදයාබාධ හා දෙවැනි ගණයේ දියවැඩියාව වැළඳීමෙන් වළකින බව මේ පර්යේෂණවලදී හෙළිවී තිබෙනවා. තේ වල අඩංගු ප්‍රධාන සංඝටකයක් ලෙස ‘ෆ්ලෙවනොයිඩ්’ නැමති රසායනිකය හැඳින්විය හැකියි. එය තුරුණු බව රැකදෙන, ලෙඩ රෝග වළකන ප්‍රතිඔක්සිකාරක රැසක් සහිත රසායනිකයක්. ඒ නිසා තේ කෝප්පයට ආදරය කරන අය වයසට වඩා අඩු පෙනුමකින් දිස්වෙන එකනම් වළකින්න බැහැ. 

උණ, හෙම්බිරිස්සාව වගේ ශාරීරික ලෙඩ රෝගවලට ඖෂධ ඕනෑතරම් තිබුණත් හිතේ ලෙඩක් හැදුණොත් හොඳ කරන එකනම් අසීරුම කාර්යයක්. එලෙසම ජීවිතයේ සිදුවන හුදකලා බව, තෙහෙට්ටුව, වේදනාව සමනය කිරීමට තේ පානය කිරීමෙන් හැකියාව පවතිනවා. ඒ වගේම මතකය ඉහළ නැංවීමට මානසික සමබරතාවය ඇති කිරීමය, රුධිරනාල හා රුධිරවාහිනී ශක්තිමත් කිරීමට තයිරොයිඩ් ග්‍රන්ථයේ මනා ක්‍රියාකාරිත්වයට තේ පානය ඉතාමත් ගුණාත්මකයි. 

දත් ටික පිළිවෙළට නොතිබුණොත් හිතේ ඇතිවන උපරිම සතුට පවා මුවින් සිනහවක් ලෙසින් පිටකිරීමට හැකිවෙන්නේ නැහැ. ඒ නිසාම කට පරිස්සම් කරගෙන, දත් ටික ආරක්ෂා කරගන්න උත්සාහ කරන අයට සුබ ආරංචියක් තියෙනවා කියන්න. තේ පානය කිරීම මගින් දත් දිරා යාම වළකා, ෆ්ලෝරයිඩ් නැමති සංඝටකය සිරුරට එක්කරන අතරම එයින් විටමින් ඩී සහ විටමින් ඊ සිරුරට එක්වන නිසා දත් ආරක්ෂා කිරීමට තේ පානය තරම් ස්වභාවික ඖෂධයක් නැති තරම්. 

තේ පානයෙන් ආහාර ජීර්ණයට පහසුවක් ඇතිකර ස්නායු පද්ධතිය ද සැහැල්ලු කරයි. ආමාශය, සුෂුම්නාව සහ බඩවැල් ප්‍රබෝධමත් තත්වයේ තබන්නටත් තේ පානය හේතුවන බව හෙළි වී තිබෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා ඇතිවීම මෙන්ම මුත්‍රාශයේ ගල් ඇතිවීමට ද එරෙහිව තේ පානය කරන්නන් තුළ ස්වභාවික ආරක්ෂාවක් ඇතිවන අතරම  දිනපතා බොන තේ කෝප්පය නොදැනුවත්වම ශරීරයේ ලෙඩ රෝග බොහොමයකට එරෙහි සටන් කරන්නේ ද පුදුම සහගතවයි. සීනි රහිතව තේ පානය කරන්න මතක තබාගන්න. 

හරිත තේවල ගුණ 

තේ ගැන කතා කරනකොට ‘ගී‍්‍රන් ටී’ එහෙමත් නැත්නම් හරිත තේ ගැන කතා නොකරම බැහැ තරමක් වයසින් වැඩි කාන්තාවන්වගේම තරුණ ගැහැණු ළමයින් දවසකට එක පාරක් හරි ගී‍්‍රන් ටී කෝප්පයක් පානය කරන්නේ ශරීර සෞඛ්‍ය ගැන සිතනවා වගේම හැඩැති සිරුරක් පවත්වා ගැනීමට ගී‍්‍රන් ටී ඉවහල් වන බව වෛද්‍ය තොරතුරු මගින් අසා ඇති නිසයි. ඇත්තෙන්ම ගී‍්‍රන් ටී වලින් කෙට්ටු වෙනවාද? 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 



subasetha

Comments