සිරුරේ දාහය නිවාලන හොඳම පාන වර්ග හතක්

ජූලි 3, 2020

 

ශරීර දාහය නිවාදැමීමටත් විෂබීජ හරණයටත් සුදුසු පාන වර්ග කීපයක් මෙසේ ඔබගේ අවධානයට යොමු කරමු. 

නෙල්ලි පානය 

කහට, ඇඹුල් , පැණි රස, තිත්ත යන රස වර්ග 4 න් යුත් නෙල්ලි අපි කාටත් පහසුවෙන් වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. නෙල්ලි කියන්නේ ගුණයෙන් පිරුණු ඉතා වටිනා පලතුරක්. උදරාබාධ, ආමාශගත රෝග ශරීරයේ විෂ, සෙම් රෝග ආදියට බොහෝ ගුණදායි පානයක් ලෙසත් මේ නෙල්ලි යුෂ හැඳින්වෙනවා. නෙල්ලි යුෂ පානය සම පැහැපත් කරනවා විතරක් නෙමෙයි. අකලට වයසට යාමත් වළක්වනවා. ඒ වගේම ඇස් රෝග දුරුකිරීම සඳහාද ඉතාමත් වැදගත් වන අතර හිසකෙස් රෝග සඳහාද ගුණදායක වෙනවා. මළපහ කිරීමේ අපහසුවට අර්ශස් රෝගයට , ඇඟ උණුකර යෑම වගේ ලෙඩවලටද මේ නෙල්ලි පානය ඉතා ගුණදායකයි. අමු නෙල්ලි ඇට ඉවත් කර සූදුරු සමඟ තැඹිලි වතුරට දමා උදෑසන පෙරා බීමෙන් මුත්‍රා දැවිල්ල සමනය වෙනවා. 

කස ඇට පානය 

කස කසා ඇට ඉන්දියාවේ බහුලවම වගා කරන අතර ඒවා ලංකාවටද ආනයනය කරයි. බොහෝ වටිනා ගුණ සමුදායකින් කස කසා ඇට පරිපූර්ණයි. කස කසා ඇට ජලයට එකතුකළ පමණින් පිපිරී යන නිසා භාවිතයට ගැනීමේදී පමණක් කස කසා ඇට සෝදා ජලය එක් කළ යුතුයි. මෘදු විරේචන ගුණයෙන් යුතු කස කසා ඇට ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට, මලබද්ධයට , උගුරේ ආසාදනවලට අම්ල පිත්ත රෝගයට හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉතාමත් ගුණදායක ඖෂධයක්. කස කසා ඇට ස්වල්පයක් රාත්‍රියේ ජලය වීදුරුවකට දමා උදෑසන පානය කිරීමෙන් පාදවල කොරළ පවතින අයට හා පාදයේ  වියළීම්, පැළීම් ආදියට ගුණදායක වෙනවා. ඒ වගේම උදෑසන හිස්බඩ පානය කිරීම මගින් ගැස්ට්‍රයිටීස් රෝගයට දිව ඔසුවක් කරගන්න පුළුවන්. ආමාශගත රෝග රැසකට ගුණදෙන කස කසා ඇට මේද දහනයටද ඉතා වැදගත් පානයක්. 

බෙලිපානය

බෙලි කියන්නේ ඈත අතීතයේ ඉඳන් මිනිසාගේ විශේෂිත පානයක්. බෙලිගසේ පස් පංගුවම (කොළ, මුල්,පොතු, ගෙඩි, මල්) පානය සඳහා යොදා ගනු ලබනවා. බෙලි මදය සීනි, ලුණු හා දෙහි යුෂ සමඟ මිශ්‍ර කර රසවත් පානයක් විදියට සකස් කරගන්න පුළුවන්. බෙලි යුෂ පානය කිරීමෙන් සිරුර සිසිල් වී දීර්ඝායුෂ ලැබෙනවා. ඒ වගේම මළබද්ධය ඇති අයටද බෙලි මද මහඟු ඔසුවක්. හොඳින් වේලා තම්බා ගත් බෙලි මල්, කිතුල් හකුරු එක්ක පානය කිරීමෙන් පිපාසය සංසිඳුවා ගන්න පුළුවන් වගේම ආහාර රුචිය වර්ධනය කිරීමටද උපකාරි වෙනවා. බෙලි මල් වගේම බෙලි කොළද සෝදා වේලා කුඩුකර තේ මෙන් භාවිත කිරීමෙන් සිරුරේ දැවිල්ල බඩ දැවිල්ල නැති කරන අතර අක්මා උත්තේජනයට එය වැදගත් වෙනවා. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments