රෝග සුවයට විශ්ව ශක්තිය

ජූලි 31, 2020

මේ කොරෝනා වසංගතය ලොව පුරා පැතිරී යද්දී ශ්‍රී ලංකාවේ පැරණි දේශීය වෛද්‍යක්‍රම ප්‍රචලිත වන්නට වූවේ අප රට තුළ මේ වසංගතය ඉතා ඉක්මනින් මැඩ පැවැත්වීමට දක්ෂ වූ නිසා ය. සිංහල වෙදකම, ගුප්ත ශාස්ත්‍රය, පැරණි කෙම් ක්‍රම, ශාන්ති කර්ම, විශ්ව ශක්ති යන ක්‍රම අප රට තුළ සිදුවන ඕනෑම ව්‍යසනයකදී පෙරට ආවේ ඒවායේ තිබෙන අත්දුටු ප්‍රාතිහාර්යය නිසාමය. 

බුදු දහමට අනුකූලව සිදු කෙරෙන මේ ක්‍රම නිසාම ඒවායේ තිබෙන පුදුම සහගත බලය පිළිබඳ ලෝකයා පවා මවිත කරවන සුළු ය. 

එදා මෙදා තුර මෙම මාහැඟි දායාදය අප රටට ආභරණයක් වැන්න. ලොව විද්‍යාව කොතෙක් දියුණුවී තිබුණද අධ්‍යාත්මික ශක්තියට එපිටින් යන්නට කිසි විටකත් මිනිසාට නොහැකි වූ බව නොරහසකි. එය විවිධ අවස්ථාවල ලොවට ඔප්පු කිරීමට මේ පුංචි රටේ අපට හැකි විය. කොවිඩ් 19 වසංගතය ඒ අතින් අපට වෙස් වළාගත් ආශිර්වාදයක්ම විය. 

නිර්මල බුදු දහමට පිංසිදු වන්නට ඒ අභිමානය අපට හිමි විය. සිත ඒ අනුව එක අරමුණක පිහිටා සිට ගොඩනගාගත් අධිෂ්ඨානය මත විශ්ව ශක්තිය එක්තැන්කොට මහා ප්‍රාතිහාර්ය පෑමට අප රටේ භාවනානුයෝගී ගිහි පැවිදි උතුමන්ලා පිළිබඳ අප නොයෙක් විට අසා ඇත්තෙමු. මේ එබඳු අයෙකු පිළිබඳ කෙරෙන විවරණයකි. ඇය නමින් වෛද්‍ය ශානිකා විජයගුණසේකරයි. 

කිරිබත්ගොඩ නගරයේ සිට මකොළ පාරේ බස් නැවතුම් පොළක දුර දකුණු පැත්තට ඇති අතුරු පාරේ ඇගේ වෛද්‍ය සායනය පවත්වාගෙන යන්නීය. වෘත්තියෙන් බටහිර වෛද්‍යතුමියක වුවද තම ආත්ම ගණනාවක සිට ගෙන ආ අධ්‍යාත්මික බලය හා පිං මහිමය කැටිකරගත් විශ්ව ශක්තිය තුළින් ඇය ලෙඩ සුව කරන්නේ ඉතා පුදුම සහගත අයුරිනි.

කිසිදු ඖෂධයක් උපයෝගි නොකොට පිරිසුදු ඇල් වතුර පමණක් තම බලයට නතු කරගනිමින් ඒ වතුර පමණක් පානය කළ පමණින් බොහෝ රෝග රෝගියාටත් හොරා පැහැර යන බව කීවොත් ඔබ පුදුමයට පත් වනවා නො අනුමාණය. සැබවින්ම එය එසේවනවා මට සියැසින් දැක බලා ගන්නට හැකි විය. 

විශේෂයෙන් පිළිකා, අංශභාග, වකුගඩු හා අක්මාගත රෝගවලින් පෙළෙන බොහෝ විට වෛද්‍යතුමිය ළඟට විත් ප්‍රතිකාර ගන්නා අයවලුන් වෙති. මෙසේ පැමිණෙන රෝගීන්ගේ අත අල්ලා නාඩි පරීක්ෂා කොට විනාඩි ගණනාවක් සමාධිගතව සිට ඇල්වතුරින් එම රෝගය සුවපත් කරන එතුමිය පවසන්නේ වසර ගණනාවකට සිට ආත්ම ගණනාවක් පුරා තමා පුරණ ලද පාරමිතාවක් හේතුවෙන් ඇයට මෙම ශක්තිය උදා වූ බවයි.

සැබවින්ම පෙර ආත්මවල කෙසේ වෙතත් ඇය මෙම ආත්මයේදී ම පුරන පාරමිතාවන් පිළිබඳව මට අසන්නට දකින්නට ලැබුණි. ඒ ඇය ඉතා දුෂ්කර ගම්මාන රැසකම මේ වන විට පහසුකම් නැති විහාරස්ථාන ගණනාවකම චෛත්‍ය ඉදිකිරීම පන්සල් ආවාස ගෙවල් ඉදි කිරීම දිළිඳු පවුල්වල පාසල් යන දූ පුතුනට පහසුකම් සැලසීම යන කටයුතු රැසක තම පෞද්ගලික ධනය වැය කරමින් නියැලී සිටීමයි.

මේ හැම එකක්ම තමා කරනුයේ තම වෘත්තිය ලෙස තමා කරන රූපලාවන්‍ය සායනය හා තම ඉංගී‍්‍රසි භාෂා පන්ති පැවැත්වීම තුළින් ලබන ආදායමෙන් බව දැන ගන්නට ලැබුණි. ඒ අයුරින් ලැබෙන දේ තමාට වඩා අන් අයගේ සුඛ විහරණය වෙනුවෙන් විය පැහැදම් කරන ඇය දුෂ්කර ගම්මානවලට ගිය විට කර ඇති සේවාවන් විශාල ප්‍රමාණයක් දැක ගන්නට හැකි ය. ඒ අතර සමහර විහාරස්ථානවල අති දුෂ්කර ජීවිත ගත කරන හිමිවරුන් සඳහා ගිලානෝපස්ථානද ඉතා ඉහළ ය. මේ අතර දින චර්යාව අතර භාවනාවට අර්ථචර්යාවට මුළුමනින්ම කැපව ගොඩනගා ගත් චිත්ත ශක්තිය නිසාම දිනපතා පැමිණෙන අයට මෙම ප්‍රතිකර්ම නිවැරැදිව කිරීමට ඇයට හැකි වී ඇති බව ඇය පවසන්නී ය.

 
 


subasetha

Comments