මානසික හා ශාරීරික වේදනාවට පත් කෙරෙන ඇදුම රෝගය

ජූලි 24, 2020

දූෂිතවාතය ආඝ්‍රහණය වීමෙන් රෝගී තත්ත්වය උත්තේජනය කරනු ලබන හතිය ශුද්ධාශ්වාසය ඇදීම ස්වාකය මුහ රෝගය යන නම් වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය මානසික හා ශාරීරික වශයෙන් ද වේදනාකාරීත්වයට පත් කරනු ලබන රෝගයකි. පපුවෙන් හටගැනෙන වේදනාව කන් නාසාවලින්ද දරාගත නොහැකි තත්ත්වයට පත් කෙරේ. මේ තත්ත්වයේ දී රෝගී බවට පත්වූවකු විඳින වේදනාව එහි සිටින අයට ද මහත් දුක්වේදනාවක් ගෙන දෙන්නකි. ප්‍රධාන වශයෙන් ගත් කල ඇදුම රෝගයේ ප්‍රභේද පහක් ඇත. එනම් ශුද්ධාශ්වාසය, මහාශ්වාසය, චින්නස්වාශය, උර්ධව ශ්වාසය හා තමක ශ්වාසයයි. මින් වර්තමාන සමාජය තුළ වැඩියෙන්ම වැළඳී ඇති රෝගය වන්නේ තමක ශ්වාසයයි. එහි දරුණුම අවස්ථාව පෙන්නුම් කරන්නේ රාත්‍රියටයි. 

ඇදුම රෝගයේ දී නැතහොත් හතිය වැළඳුණු රෝගියකුගේ රෝග ලක්ෂණ එක්වරම පෙන්නුම් නොකරණ අවස්ථාද ඇත. රෝගී අවස්ථාව තේරුම්ගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් රෝගය සුවපත් කර ගත හැකි ය. නැතහොත් රෝගය උත්සන්නවීමෙන් ශරීරය වැහැරී යාමට පටන් ගනී. ඉන් සිදුවන්නේ ක්ෂය වූ කැස්සක් හට ගැනීමයි. පපුවේ රූම් රූම් ගාන ශබ්දයක් ඇති වීම ඇදුම රෝගයේ තවත් ලක්ෂණයකි. ස්වාසනාළය සෙමෙන් අවරෝධ වූ විට නළාහඬක් මෙන් පවතින එම ශබ්දය තවත් වැඩිවේ. එය වඩාත් පැහැදිලි වන්නේ රාත්‍රී කාලයේ දී හා අලුයම් කාලයේ දී ඇදුම රෝගියෙකුට නිරන්තරයෙන්ම කැස්ස ඇති වේ. නින්දෙන් පිබිදුණු විට ද කැස්ස මතු වේ. වියළි කැස්ස මෙන්ම සෙම්ප්‍රතිශ්‍ය කැස්සද වරින්වර ඇති වේ. එම අවස්ථාවේ දී ඇතිවන සෙම පිටකිරීමෙන් යම් සහනයක් ඇති වේ. 

බොහෝ දෙනකුට ඇදුම රෝගය වැළඳී ඇත්තේ පරම්පරාවෙන් හා නොසැළකිලිමත්භාවය හේතුකොට ගෙනය. ඇදුම රෝගය තාත්තාගෙන් පුතාටත් පුතාගෙන් මුණුපුරාටත් නැතහොත් මිණිපිරියටත් වශයෙන් පරම්පරාවෙන් උරුමවන රෝගයකි. නමුත් මෙම රෝගය දෛනික ජීවිතයේ දීත් කඩිනම්ව වැළඳීමේ තත්ත්වයක් පවතී. එයට තමන් කරන රැකියාවද මූලිකවන අවස්ථා ඇත. දුම් දූවිලි සහිත පරිසරයක රැකියාවේ නිරතව සිටීම, සත්ව ගොවිපළ, ලී බඩු නිෂ්පාදනය ලී මෝල් මාර්ගයන්හි රැකියාවල නියුතුවූවන්ට ගල්මෝල්වල, කොහුමෝල්වල හා රසායනික ද්‍රව්‍ය ආශි‍්‍රත වෙළඳාමේ හා රසායන ද්‍රව්‍ය නිෂ්පාදිත ආයතනවල රැකියාවේ නිරතව සිටීම අධික මත් පැන් පානය අධික ලෙස දුම්බීමට පුරුදුව සිටීම, නිදි වැරීම ආදියත් රෝගය වැළඳීමට හේතුවකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>   

 



subasetha

Comments