දන්ත සායනයකට යාමේ වැදගත්කම

ජූලි 31, 2020

දත් දිරා යාම, දත්වල කුහර ඇතිවීම නිසා හට ගන්නා දත් කැක්කුම, ඉවසා දරාගන්නට පවා අපහසු තරමේ වේදනාවක් ගෙනාවද දත් පිළිබඳව බොහෝ දෙනා ඉතා අඩු අවධානයක් දැක්වීම කැපී පෙනෙන සෞඛ්‍ය ගැටලුවකි. 

දත් පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුත්තේ මුල සිටමය. මන්දයත් දත් කැක්කුම හෝ දන්ත ආබාධ හටගන්නා විට දතක් හෝ සමහර විට දත් කීපයක්ම බොහෝ දුර්වලතාවයට විනාශයට පත්ව අවසන් වී තිබීමයි. දත් ගැලවීම සමහර කෙනෙකුට එතරම් ගැටලුවක් නොවුණත් සෞඛ්‍යසම්පන්න බව පිළිබඳ යහපත්ව හා ධනාත්මකව සිතන ඕනෑම තැනැත්තෙකුටම දතක් ගලවා ඉවත් කිරීම කිසියම් පරාජයකට ලක්වීමක් ලෙස සිතිය යුතු බව මතක් කළ යුතුය. මේ නිසාම සෑම පුද්ගලයෙක්ම තම දන්ත සෞඛ්‍ය පිළිබඳව බෙහෙවින් සැලකිල්ලක් දැක්විය යුතුය. 

දත් අතර හිඩැස් 

බොහෝ අයගේ උඩ හනුවේ ඉදිරිපස (කෘන්තක)  දත් දෙක අතර හිඩැසක් තිබෙනු දැකිය හැකි ය. කුඩා දරුවෙකුගේ නම් ස්ථිර දත් මතුවීමෙන් පසු මෙම හිඩැස වැසී යන මුත් වැඩිහිටියන්ගේ එම හිඩැස දිගටම පවතී. සමහර විට එම හිඩැස් අතරින් මස් දල්ලක් පැමිණීමට ද ඉඩ ඇත. විකලාංග දන්ත ප්‍රතිකර්ම මගින් මස් දල්ල ඉවත් කර මෙම හිඩැස පුරවා දැමිය හැකියි. මෙලෙස තවත් දත් අතර හිඩැස් ඇත්නම් දන්ත සෞඛ්‍ය පිරිහෙන අතර ඒ සඳහා දන්ත වෛද්‍ය ප්‍රතිකාර නිසැකවම ලබාගත යුතුයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments