රූ සපුව අලංකාරකර ගැනීම සඳහා ආයුර්වේද උපදෙස්

ජුනි 26, 2020

මිනිස් සිරුරේ සමට හිමිවන්නේ උසස් ස්ථානයකි. සම රැක ගැනීම කවුරුත් පාහේ උත්සාහයෙන් කරගත යුත්තකි. කාන්තාවගේ පංචකල්‍යාණ අංග අතුරින් සමට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද කාන්තාවන් වැඩි පිරිසක් තම සම ලස්සනට පැහැපත්ව තබා ගැනීම සඳහා විවිධ කාර්යයන්වල නිරත වනු අප දැක ඇත.

බහුතරයක් කාන්තාවන්ගේ සමේ ඇතිවන විශේෂයෙන් මුහුණේ ඇතිවන ගැටලු සහගත තත්වයන් කිහිපයකි. එනම් ලප, කැළැල්, කුරුලෑ,අළුහම්, ඉන්නන්, අනවශ්‍ය  රෝම ඇතිවීම. මුහුණේතෙල් සහිතවීම,මුහුණ අවපැහැ ගැන්වීම.සම රැළි වැටීම, සමේ ගොරහැඩි බව, සම දුඹුරු පැහැ ගැන්වීම.  මුහුණ නිතර කැසීමට ලක්වීමෙන් ඇතිවන වෙනත් විවිධ අසාත්මිකතා ද ඒ අතර ප්‍රධාන වේ. 

ඇතැම් කාන්තාවන්ගේ මුහුණ පුරා සමෙහි හෝ අල්ලේ වශයෙන් පැතිරෙන කැළැල් වෙයි. එම අවස්ථාවලදී වහා ප්‍රතිකාර ගැනීම අවශ්‍යය. තවත් සමහර කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ මතුවී පසුව සාමාන්‍ය ගෙඩි සහිත තත්ත්වයන් බවට පත්වන අවස්ථා දැක ගත හැකි ය. මෙබඳු අවස්ථාවලදී සමාජයට මුහුණ දීමට පවා කාන්තාවන් වශයෙන් ලජ්ජා සහගත තත්ත්වයක් ඇතිවිය හැකි ය. 

ආයුර්වේද ඉගැන්වීම් වලට අනුව මෙබඳු සමේ ඇතිවන රෝග අවස්ථාවන්ට බලපාන හේතු රාශියක් දැක්විය හැකි ය. එනම් , 

1.නින්ද අඩුකම 2. නිරතුරුවම හිරු එළිය සමට වැටීම, 3.සමට විෂ සහිත ආලේපන ගැල්වීම 4.ජලය පානය කිරීම අඩුවීම5. හිස්හොරි කුඩු මුහුණේ දැවටීම 6.ආර්ථවහරණයේදී (මාසික ශුද්ධිය)හෝමෝනවල අසමතුලිත භාවයක් ඇතිවීම . 7 සමේ පෝෂණ ඌනතා ඇතිවීම බහුල වශයෙන් දැක්විය හැකි ය. 

මෙම අවස්ථාවන්වලදී පිත්ත සමාක ප්‍රතිකාර ලබාදීම සිදුකෙරෙන අතර මෘදු විරේකයක් සිදු කරනු ලැබේ. ඉන්පසු රසකිඳ, දුම්මෑල්ල වැනි ඖෂධ තම්බා බීමෙන් යම්කිසි සුවයක් සැලසෙනු ඇත. 

 වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments