නිරෝගීතාව රැකගැනීමට උරදෙන ශාක

ජුනි 19, 2020

අප රට තුළ බොහෝ ප්‍රයෝජනවත් ශාක විශාල වශයෙන් ඇත. ආයුර්වේදය අනුව පණ රැක දෙන අරුත් ඇති “ප්‍රාණදා” යනුවෙන් හඳුන්වන එය අද විටමින් වශයෙන් නම්කළත් මෙය බොහෝ අන්තර්ගතව ඇත්තේ ශාක තුළ ය. 

ඒ නිසා නොයෙක් ආකාරයෙන් අපට ප්‍රයෝජනවත්වන ශාක විශාල ප්‍රමාණයක් අප රට තුළ ඇත. මීට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන මෙම ශාක .තුළින් ලබාගත හැකිය. ඒවා පිළිබඳ අපේ නොදැනුවත්කම නිසා එයින් බොහෝ ප්‍රයෝජන ගනු නොහැකිව අප අසරණ වන අවස්ථා බොහෝ ය. මෙම ශාක සතු බලය සහ වටිනාකම් මිල කළ නොහැකිය. ඒ පිළිබඳ අදට කෙසේ ප්‍රයෝජනවත් වේ දැයි පර්යේෂණ කර සොයා ගතහොත් අපගේ මේ කුඩා රටට ඉමහත් සම්පතක් වනු ඇත. අද වන විට නිරෝගී ජනතාව ක්‍රමයෙන් හීනවීමට හේතු අප මෙවැනි දේ පිළිබඳ සොයා නොබලා වහල් වීම ය. අපට උරුම මේ වන සම්පත් රැක නොගතහොත් අපේ රටේ ජනතාවගේ අනාගතයේ නීරෝගීභාවය ආරක්ෂා කර ගත නොහැකි තත්වයට පත්වනු ඇත. 

අප ආහාර පාන මෙන්ම අප අවට පරිසරය ගැන ද සොයා බැලිය යුතුය. අප පරිසරය සතුන්ට සහ මනුෂ්‍යයාට හිතකර නොවන ශාක වර්ග බොහෝ ඇත. ඒවා අප රටට ආවේණික නොවන පිටරටින් ගෙන්වාගත් දෑය. එය ජාතියටම කරන විනාශයකි. අප අවට පරිසරයේ ජීවත්වූ මී මැස්සා නිදසුනකි. මෙය රහසක් නොවනු ඇත. ජාතියේ පණ නල වැනි වටිනා ශාක තිබියදී අපට වෙනත් දේශයකින් අහිතකරවන ශාක අවශ්‍ය නොවනු ඇත. එනිසා අපට හිතකර පරිසරයට ගැලපෙන සෞඛ්‍ය රැකදෙන ප්‍රයෝජනවත් ශාක ගැන හිතා ඒවා ඔබ ගෙවත්තේ වවා ගැනීම ඔබටත් රටටත් සම්පතකි. කිසිදිනක ආර්ථික ලාභ ගැන පමණක් සිතා ශාකය රෝපණය නොකරන්න. අප රෝගාතුරව වුවහොත් ලබාගන්නා මුදලේ වටිනාකමක් නැත. මුදල් අවශ්‍ය ජීවත්වීමට වුවද අපට ජීවත්විය යුත්තේ නිරෝගීවය. අප රෝගාතුර වුවහොත් අප ලබන සතුට කුමක්ද? 

රෝහල් රසායනාගාර ෆාමසි රට පුරා වේගයෙන් වැඩිවන අතර එයට සමගාමීව රෝගද බොහෝ ය. එනිසා අප බොහෝදුරට නිරෝගීතාවයට උරදෙන සම්පත් රැකගැනීම අපේ යුතුකම විය යුතුය. අප රටේ වටිනා ශාක ආරක්ෂා කර ගැනීම තුළින් පිරිසුදු ජලයද රැක දෙනවා මෙන්ම පරිසරයේ පවිත්‍රතාව රැකගනු ඇත. මේ සාධක රැකගැනීම අපගේ නිරෝගීතාවයට බලපානු ඇත. 

 අද වන විට අප මහ පොළොව මත ඇති ජල කඳ අපවිත්‍ර වෙමින් පවතී. එයට හේතුව එක් කරුණක් නම් ශාක විනාශ වීමයි. එමෙන්ම නොයෙක් වූ රසායනික ද්‍රව්‍ය, පොහොර පළිබෝධනාශක වර්ග, ඇළ දොළ, ගංගා ආදී ජලයට මිශ්‍රවීම හේතුවෙන් අද වන විට වකුගඩු රෝගය සඳහාත් ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුව  ඇත. මෙයට අප කළ යුත්තේ අප පරිසරයේ ඇති ජල කඳ රැක ගැනීමට යම් දෙයක් තිබේද එය අප රැක ගැනීමයි. 

අද මා මේ සඳහන් කරන්නේ එවැනි එක් ශාකයක් පිළිබඳවයි. පෙර මේ ශාකය රජවරුන්ගේ පවා ගෞරවයට පාත්‍රවී ඇති ශාකයකි. බොහෝ දෙනා එදා මේ ශාකය ගැන දැනුවත්ව සිටි අතර අද වන විට මේ ශාකය ප්‍රයෝජනයට ගන්නා බවක් සිතාගත ගත නොහැකිය. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බොහෝ ප්‍රයෝජනවත් ශාකයකි. බොහෝ ඖෂධ සංයෝග සඳහාද වාත රෝග සහ කැඩුම් බිඳුම් සඳහා ද යොදාගනු ලැබේ. මෙම ශාකයේ ඇටවලින් ලබා ගන්නා තෛලය ආහාර සඳහාද භාවිතා කරනු ලැබේ. මී තෙල්, මී මල්, මී පොතු විවිධ ඖෂධ වර්ග සඳහා උපයෝගී කරගනු ලැබේ. නාඩි බලකාරක වාත සාමක ගුණ ඇත. ග්‍රහණිය අන්ත්‍රගත රෝග වලදී මී මල් ස්වරසය මී පොතු කසාය සඳහා යොදනු ලැබේ. රත් පිතට මී මල් යොදනු ලැබේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments