හිස්බඩ උණුවතුර පානය කරන්න

අම්ල  පිත්ත  රෝගයට 
ජුනි 26, 2020

හිස්බඩට උණුවතුර පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නිසා හටගනන්නා පපුව දැවිල්ල, ඇඹුල් රසට, උගුරට ඒම, රාමතෙල පිටවීම වළකා ගත හැකි වනවා පමණක් නොව මළ මුත්‍රා ශුද්ධියද හොඳින් සිදුවෙයි. 

අර්ශස් රෝගීන්ගේ මළ බද්ධයට උදෑසන උණු දිය පානය හොඳ ප්‍රතිකර්මයකි. ආමාශය හා අග්න්‍යාසයේ ඇති සෙම් කොටස් උණු දිය බීමෙන් පහව යයි. එය ආහාර ජීර්ණයට විශාල රුකුලකි. 

වියළි කැස්සට උණුදිය අමෘතයක් හා සමාන වෙයි. කැස්ස ඇති වූ විට උණුදියවලට සහිඳ ලුණූු ටිකක් මිශ්‍රකර බීමෙන් තවත් ගුණ වැඩිවෙයි. මෙය ඇදුම රෝගය හෙවත් ශ්වාස රෝග අවස්ථාවේ දී ද ඉතා ගුණදායක ය. උණු දිය පානය කිරීමෙන් වාත රෝග ද නැසෙයි. හිස් බඩ උණු දිය බීමෙන් මුත්‍ර රෝගය ද නැති වෙයි. මුත්‍ර ටික ටික පහවීම, මුත්‍රවල පැහැය  වෙනස්වීම මුත්‍ර දැවිල්ලට ද සහනය ලැබේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments