ඔයාටත් කැස්සයි සෙමයි ඉවරයක් නැද්ද?

ජුනි 12, 2020

ආයුර්වේදයට අනුව අපගේ ශරීරයට ප්‍රධාන වශයෙන්ම රෝග ඇති කරන්නේ වාතය, පිත හා සෙම කිපීමෙනි. සෙම තත්වය ස්වසන රෝග සම්බන්ධයෙන් විවිධාකාර රෝගි තත්ත්වයන් ඇති කරයි. ඒ කැස්ස, ප්‍රතිශ්‍යාව, පීනස හා ඇදුම වශයෙනි. අධික කිවිසුම් යාම,ඇස් රතුවීම, උගුර , කන, නාසය ඇතුළත් කසන ස්වභායක් දැනීම, සොටු දියර ගැලීම, නාස්පුඩු හිරවීම, ඇස් යට හා බෙල්ල ආශි‍්‍රතව අව පැහැවීම, පපුවෙන් ශබ්දයක් පිටවීම, හිස නළල ආශි‍්‍රත ප්‍රදේශවල ඇති වන වේදනාව ඇදි රෝගී ලක්ෂණ මතු වන්නේ සෙම් තත්වය ඇවිස්සීමෙනි. (කිපීමෙනි) 

සෙම් තත්ත්වය මතුවීමට බලපාන්නේ අපේම සමහර චර්යාවන් සහ වැරදි ආහාර රටාවයි. මෙම දෙවර්ගයේම ගැටළු නිතරම සෙම තත්වය ඇතිවීමට බලපායි. සීතල ආහාර දිගින් දිගටම ආහාර වේල් සඳහා එක්කර නොගැනීමෙන් මෙම තත්වය පාලනය කිරීමට යම් තරමකට හැකිය. බණ්ඩක්කා, මෑකරල්, වම්බටු ආදී එළවළු වර්ග විශේෂයෙන්ම සීතල ආහාර ලෙස දැක්විය හැකියි. මෙවැනි එළවළු රාත්‍රී ආහාරයට එක්කර ගැනීමෙන් වළකින්න. නිදි වැරීම, දුවිලි වැදීම, කමත්වල හෝ ගොයම් කොළ මඩවන තැනකදී පිදුරුවල කාටු ශ්වසනය වීම, දුම් වැදීම හා පිණි බෑමට ලක්වීම, සවස්කාලයේ ස්නානය කිරීම, අයිස් ක්‍රිම් ශීතකළ බීම, තෙල්බැදුම් කෑම වර්ග ආදිය අධි භාවිතය හා ඇතැම් ඖෂධ වර්ග භාවිතය සෙම කිපීමට හේතු විය හැකියි. 

වැළැක්වීමට පිළිවෙත් 

සෙම කිපෙන ආහාර සහ පාන වර්ග භාවිතයෙන් ඈත් වන්න. දහවල් 11 පසු වී ස්නානය නොකරන්න. සවස් කාලයේ උණු ජලයෙන් ඇඟ සේදීම නොකරන්න. දූවිලි වදින තැන් හා එවැනි ක්‍රියා (උදා මකුළුදැල් කැඩීම වැනි) වලින් ඈත් වන්න. කාටු තත්වය අසාත්මික තාවයන් ඔබට ඇති කරනවා නම් කමතකට වී කොටන මෝල්වලට හෝ යාමනේ වළකින්න. 

ඉඩෝරය නිසා දුහුවිලි ඇවිස්සෙන පරිසරවල ගැවසීමෙන් වළකින්න. නොමැතිනම් එවැනි ප්‍රදේශයක ඇසුර නිරන්තරවම ලැබෙනවා නම් අපහසු අවස්ථා මඟ හැරීමට නොහැකි නම් නාසය හා මුඛය වැසෙන පරිදි ආවරණයක් කරගන්න. පිරිසුදු වාතාශ්‍රය හැකි හැම විටම ආඝ්‍රානය කරන්න. ආහාර උණුසුම්ව තිබිය දීම ආහාරයට ගන්න. 

සියඹලා ගල් සියඹලා , බිලිං, ගොරකා, චීන ගොරකා, ඇඹරැල්ලා, අමු අඹ, දෙහි බීම, කාමරංගා , නෙල්ලි, ආදි දේද නාරං දොඩම්, ගඩුගුඩා, උගුරැස්ස, ලෙමන්, අන්නාසි, ලොවි, කොමඩු වැනි පලතුරු හා පලතුරු යුෂ භාවිතය සීමා කිරීමද සෙම් තත්වය පාලනය කිරීමට බෙහෙවින්ම සුදුසුය. මෙවැනි පලතුරු යුෂ පානය ද ශීතල දිනවල මෙන්ම සවස් කාලයේ භාවිතා නොකිරීම මෙන්ම ශීත කළ වතුර අයිස් ක්‍රීම් පැකට් ශීතකරණයේ තැබූ යම් යම් කෑම වර්ග රත් නොකර භාවිත කිරීමටද සෙම් තත්වය උත්සන්න වීමට බලපායි. 

සෙම තත්ත්වය පාලනයට සුදුසු ප්‍රතිකාර 

අපහසුතා ඇති වූ අවස්ථාවල සුදුසු පරිදි හාන්සි වී සිටීම සන්සුන් වීම හා විවේකය ලබාගැනීම. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments