අපමණ ඖෂධීය ගුණ සපිරි පස්ගෝ රස

මාර්තු 13, 2020

කිරි, දීකිරි ,මෝරු, එඬරු, ගිතෙල් යන ඖෂධයන් පස්ගෝරස ලෙස හැදින්වේ. ඒවා එකිනෙකට ගුණයෙන් හා රසයෙන් වෙනස්වේ.

කිරි

ගවයාගෙන් ලබාගන්න කිරි වර්තමානයේ දී උණුකර පානය කිරීමට මිනිසා පුරුදු වී ඇතත් අතීතයේ දී එය උණු කිරීමකින් තොරව පානය කරන ලදී. මිනිසාගේ බුද්ධිය, ප්‍රඥාව, ධාරණ ශක්තිය වර්ධනය කළ හැකි එළකිරි මිහිරිය. සීතලය. පිත හා වාතය වළකයි. අධික ලෙස ශරීරය වෙහෙසවා වැඩ කරන අයටද ඉතාමත් ගුණදායක වන්නේ මානසික පීඩනය මෙන්ම ශාරීරික වෙහෙසද දුරුකරන නිසාය. එළ කිරි ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන අතරම ලේවල උෂ්ණ ගතියද නැතිකර ලේ විසවීමද දුරු කරයි. එම නිසා එළකිරි පානයට හුරුවීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කර බෝවන රෝගවලින් ආරක්ෂා විය හැකියි.

දී කිරි

දී කිරි යනු මුදවපු කිරිය. අනාදිමත් කාලයක සිට මනුෂ්‍යාගේ ආහාරයක් වශයෙන් ප්‍රධාන තැනක් හිමිවන දීකිරි සාදනුයේ ගවයාගෙන් දොවාගත් කිරිවලට මුහුන් දමා ටික වේලාවක් තැබූ පසුව එය මිදීමට ලක්කිරීමෙනි. වර්තමාන ලංකාවේ එළ දී කිරි, මි දීකිරි වශයෙන් කොටස් 2 ක් ඇත. සමහර අය එළ ගවයන්ගේ දීකිරි අධික උෂ්ණ යැයිද පවසති. එව සම්පූර්ණයෙන්ම මිථ්‍යාවකි. එළ දී කිරිවලට වඩා මී දී කිරිවල තෙල් ප්‍රමාණය දෙගුණයක් වැඩිය. කෙසේ නමුත් පොදුවේ දීකිරි මල කැටි කිරීම හොඳින් සිදු කරයි. උෂ්ණයි. කෙට්ටු බව නැති කරයි. අත්වල, දෙපතුල් පැළීම, ආහාර අරුචිය, මුත්‍රා පිට නොවීම, ශරීරයේ දැවිලි ගතිය දුරුකර ශරීර ශක්තිය වැඩි කරයි. වර්තමානයේදී ආහාර ගැනීමෙන් පසුව පැණි සමඟ දී කිරි අනුභව කිරීමට බොහෝ අය පුරුදු වී සිටිති. එමඟින් ආහාර දිරවීම හොඳින් සිදුකරයි. එම නිසා ශුක්‍ර ධාතුව වඩවා කායික ශක්තිය වැඩිකිරීමේ හැකියාව දී කිරි සතුව පවතී.

ගිතෙල්

ණය වීම සුදුසු දෙයක් නොවේ. එහෙත් ණය වී හෝ කෙනෙක් ගිතෙල් අනුභව කළ යුතු බව අතීත ජනවහරෙහි කියමනක් ඇත. එසේ සඳහන්ව ඇත්තේ ගිතෙල්වල ඖෂධීය ගුණය නිසාය. ඉන්දියාවේ ගිතෙල්වලට සලකන්නේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments