විෂ බීජ නසන ජීවක ඔසුතුර සුදුලූනු

මාර්තු 13, 2020

විෂබීජ නැත්තටම නැති කරයි. සුදුලූනු ශරීරයට ප්‍රතිශක්තිය ගෙන දෙන අතර ආයුර්වේදයේ ප්‍රතිජීවක ඔසුවකි.

ආයුර්වේද වෙදකමේදී මිනිස් හදවත් දිනාගත් සුදුලූනු මෑත යුගයේදී බටහිර වෙදකමටද අවශ්‍යම ඖෂධයක් ලෙස අද පිළිගෙන ඇත. මේ නිසා මුළු ලෝක ජනගහනයේ නිවැරදි ගැලවුම්කාරයා ලෙස, සුදුලූනු පිළිගෙන හමාරය.

මීට වසර 4000 කට පෙර බැබිලෝනියන්වරු සුදුලූනු ආහාරයක් ලෙස හා ඖෂධ ශාකයක් ලෙස භාවිත කළ බව ඈත ඉතිහාසයේ සඳහන් වේ. හොඳම යුද හමුදාවක් තිබූ රෝම ජාතිකයින්ට මහා අරගලවලදී ඉටු දෙවියෙක් වශයෙන් උපකාරි වූයේ සුදුලූනුූ ඖෂධ ශාකයයි. මිසර වැසියෝද මෙම ශාකය ගැන දැන සිටියෝය. ඔවුන් භාවිත කළේ ඉතා රහසිගත දේව ඔසුවක් ලෙසය.

භාරතයේ ඊශ්වර දෙවියන්ගේ වෙද උයනේ පැළයක් ලෙස මෙය ප්‍රසිද්ධය. ඉන්දියාවේ ප්‍රකට ජනකතාවක සඳහන් වන්නේ ඉන්දු දෙවියන්ගේ බිසව ඉන්ද්‍රානිට දරුවන් නොමැතිව සාංකාවෙන් වාසය කළ නිසා ඇයට සුදුලූනු අමෘතය පෙවූ බවත් ය. සුදුලූනු ඖෂධයේ මුඛයට දැනෙන සැර ගතිය නිසා ද්‍රාවනය ඔක්කාර කළ බවද ඉතිහාස කථාවේ සඳහන්වේ. මෙම කථා පුවත ජනප්‍රවාදයේ ප්‍රචලිතය. චීනයද ඉන්දියාවට සමකාලීනව සුදුලූනු භාවිත කර තිබේ. චීන ජාතිකයෝ සුදුලූනු භාවිතා කර ඇත්තේ ඔසුවකට වඩා ආහාරයක් ලෙසටය.

දෙමළ භාෂාවෙන් “වෙල්ල පුඩු” නමින්ද සංස්කෘත භාෂාවෙන් “ලශුණ” නමින්ද ව්‍යවහාර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments