පීනස් රෝගය

පෙබරවාරි 28, 2020

පීනස් රෝගයට දවසක් කාලයක් වේලාවක් නැත. දවසේ ඕනෑම වේලාවක පීනස් රෝග පහළවිය හැකි ය. ඒ සඳහා කාලගුණික තත්ත්වය පරිසරයේ වෙනස්වීම හා දුම්දූවිලි හා දේශගුණය රෝගියාගේ රෝග ලක්ෂණ වැඩිකිරීමට සමත් වේ. පීනස ඇසුරු කරන්නේ නාසයයි. මෙම රෝගයේ දී උගුර කන නාසය, උදරය, මුහුණ, දිව, හිස යන හැම ස්ථානයකින්ම රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ.

දෛනික ජීවිතයේ දී පීනස් රෝගය ඇතිවීම සඳහා බලපාන හේතූන් අතර නාස්පුඩුතුළට දුම්දූවිලි පිවිසීම සෘතු විපර්යාස නිතර නිතර අධික ශීත ජලය ස්නානය කිරීමත් නිදිවැරීම සහ දහවල් කාලයේ නිදාගැනීමත් අධික සිසිල් ජලය පානය කිරීමත් තෙතමනයට හා පින්නට හසුවීමත් නිතරම වායුසමීකරණය කරන ලද ස්ථානවල සිටීමත් හේතුන් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments