ඖෂධයක් ලෙසත් ශක්ති ජනකයක් ලෙසත් ගන්නා කංසා

පෙබරවාරි 28, 2020

මේ ලිපිය ලිවීමට අදහස් කළේ බොහෝ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් වශයෙනි.

එනම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බොහෝ රෝග රැසකට ඉතා ප්‍රයෝජනවත් වන, රෝගීතාවය හා රෝග නිවාරණ සඳහා ප්‍රබල ශක්තියක් ඇති ඖෂධයක් වන ‘ත්‍රයිලෝක විජයා’ නමින් හඳුන්වන කංසා පැළෑටිය කිසිදු ගණනකට නොගෙන හෑල්ලු කර බාල්දු කර මේ මහ පොළොව මතම පුළුස්සා දමනවා යැයි සඳහන් කරන වෛද්‍යවරුනට කිසිදු ඖෂධයක් සෑදීමට නොහැකි ව විනාශ කර දමනවා යැයි කියන මේ පැළෑටිය අපට මොනතරම් ප්‍රයෝජනවත්ද? ඒ අන් දෙයකට නොව මෙරට තුළ වේගයෙන් වර්ධනය වන්නා වූ රෝග රැසකට ඖෂධයක් වශයෙන් අපට මෙය බොහෝ ප්‍රයෝජනවත් වන නිසාය.

අති දක්ෂ වෛද්‍යවරුන් පවා මේ ඖෂධ ලබා ගැනීමට නොහැකිව ප්‍රතිකාර කිරීමේදී බොහෝ අසරණ තත්ත්වට පත්වනු ඇත. අද අප වෛද්‍යවරුන් මේ සඳහා පත්ව ඇත්තේ පෑනක් නොමැතිව ලියන්නත් උදැල්ලක් නැතිව ගොවිතැන් කිරීමත් පතුරන් නැති තුවක්කුවක් ගෙන සටනට යාමත් වැනි තත්වයකි.

අද අප රටේ පාසල් දරුවන් පවා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත. එයින් ඔවුන්ගේ පවුල්වල අයට, අසල්වාසීන්ට මෙන්ම මුළු රටටම විශාල හානියක් සිදුවෙමින් පවතින බව සියල්ලන්ම නොදන්නවා නොවේ. එමෙන්ම මේ විෂ මත්ද්‍රව්‍ය පමණක් නොව රට බීම හල් තුළ මොනතරම් මත්වතුර අලෙවි වන්නේ දැයි සිතා බලන්න. ඒවායින් සිදුවන බලපෑම් සිරුරට හිතකරද?

එවැනි දේ මේ රට තුළ අලෙවි කළ හැකිව තිබුණද, අප වැනි දේශීය වෛද්‍යවරුන්ට ඖෂධ සඳහා සුළු ප්‍රමාණයක්වත් කංසා ලබාගත හැකි ක්‍රමයක් තිබෙන්නේද? සියලුම පද්ධතින් පවා විනාශ කර දැමීමට හැකි තරම්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments