නිතර හැදෙන හිසරදය පිළිබඳ සැලකිලිමත් වන්න

පෙබරවාරි 7, 2020

අද සමාජයේ බොහෝ දෙනකුට ඇති ප්‍රශ්නයක් ලෙස හිසකැක්කුම සැලකිය හැකිය. බොහෝ විට එය ඉදිරියේදී ඇතිවිය හැකි රෝගයක පූර්ව ලක්ෂණයක් ලෙස හඳුන්වයි. නමුත් කිසිම රෝගයක පූර්ව ලක්ෂණයක් නොවන හිසරදයක්ද ඇත.

හිස ආශි‍්‍රතව පවතින වාතාදි දෝෂ නොයෙක් හේතු නිසා කෝපයට පත්වීම නිසා මෙම රෝග ලක්ෂණයක් වන හිසරදය ඇතිවේ. බොහෝ විට නොයෙක් සිදුවීම් හෝ චිත්ත පීඩා නිසා අපි කෝපයට පත්වීම නිතර සිදුවන්නකි. සමහර දින අපට නින්ද ළඟා නොවන අතර නිදිමත දරාගත නොහැකි තත්ත්වයන්ද ඇතිවේ. මෙන්න මේ විදිහේ විහරණමය හෝ ආහාරමය හේතු නිසා ශරීරයේ යම් යම් දෝෂ කෝපයට පත්විය හැකිය. මෙවැනි හේතුන් නිසා හිස කැක්කුම හැදෙන්න පුළුවනි. මෙම දෝෂ සමනය කර නිරෝගිව ජීවත් කරවීමේ හැකියාවක් බොහෝ දුරට ශරීරයට ඇත. මෙන්න මේ ශරීරයේ තිබෙන ස්වභාවික රෝග වළක්වා ගැනීමේ ශක්තිය වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයන් අප් පැරැන්නන් අතර පැවතිනි. ත්‍රිදෝෂ සමනය සඳහා තෙලක් හිසගැල්වීම එයින් ප්‍රධාන තැනක් ගන්නා ලදී. තැඹිලි ගෙඩියකින් සාදාගත් තෙලක් තමයි බොහෝ විට සාදාගනු ලැබුවේ. හිසතෙල් ආලේප නොකිරීම අහේතුක හිස කැක්කුමට ප්‍රධාන හේතුවකි.

නමුත් වර්තමාන සමාජයේ බොහෝ දෙනා හිසතෙල් වෙනුවට කෘතිම ක්‍රීම්, ජෙලි වර්ග, හා ඩයි වර්ග පාවිච්චි කිරීම නිසා ඒවායේ ඇති තීක්ෂණ ගුණය නිසා දිගින් දිගටම පාවිච්චිය තුළින් මෙම අස්වාභාවික හිසකැක්කුම ඇතිවේ. හිසට වදින යම්කිසි පහරක් හෝ ටොකු ඇනීමක් දිගින් දිගටම පැවතුනහොත් මෙම හිසරදය ඇතිවන්න පුළුවන්. සමහර වැඩිහිටියන් මත්පැන් බීලා බිම වැටී හිසපොළොවේ වැදීම නිතර නිතර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments