පැහැපත් සමකට පියකරු මුහුණට ස්වභාවික ප්‍රතිකර්ම

දෙසැම්බර් 13, 2019

ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන රූ සපුව රැකගැනීම පිළිබඳව ඈත අතීතයේ මෙන්ම මෑත කාලීනව උනන්දුවක් ඇතිවී තිබුණත්, වැදගත් කාරණය වන්නේ මේ නොයෙකුත් කෘත්‍රීම රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයේදී ඒවා අපේ සමට කොතරම් ගැලපෙනවා ද යන්නයි.

නිවැරදි රූපලාවන්‍ය ද්‍රව්‍ය තෝරා නොගතහොත් සිදුවන්නේ අකාලයේ තම ස්වභාවික රූප සම්පත්තිය නාස්ති වී යාමයි. එවැනි කෘත්‍රිම රූපලාවන්‍ය ප්‍රතිකාර නිසා අපහසුතාවන්ට පත්ව සිටින කාන්තාවන් අද සමාජයේ සුලබයි

නිරෝගි බවේ සංකේතයක් විදියට වගේම රූලාවන්‍යයේ දී ඉතා වැදගත් අංගයක් විදියට සම හඳුන්වන්න පුළුවන්. පැහැපත් සමක් හිමි ඕනෑම අයෙකුට අනෙකුත් අඩුපාඩු ඉන් මකාගන්න පුළුවන්. පැහැපත් නිරෝගි සමක් යනු සුදු පැහැති සමක් නොවේ. නිරෝගි සමක්, එහි වර්ණය කුමක් වුවත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. හුදෙක් සමෙහි ගුණාත්මක භාවය වැඩි කිරීමට බාහිර ආලේපවලින් පමණක් පුළුවන් කාර්යයක් නම් නොවේ. ආයුර්වේදයේ දක්වා ඇති පරිදි ශරීර අභ්‍යන්තර ක්‍රියා නිසි ලෙස සිදු නොවේ නම් සමෙන් එයට ප්‍රතිචාර දැක්වීම සිදුවේ. ඇතැම්විට අප සමෙහි ඇතිවන අසාත්මිකතාවන්ට හේතුව බාහිර හේතුවක් නොවන්න පුළුවන්. ශරීරය අභ්‍යන්තරයේ රුධිර සංසරණයේ යම් යම් ගැටලු හා ඒවායින් හටගන්නා අසාත්මිකතා බොහෝ විට සමෙන් පිට කිරීම සිදු වෙනවා. මෙම නිසා සමට බාහිර සත්කාර කරනවා වගේම ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීම සඳහා සැලකිලිමත් වීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් අවුරුදු 25 පමණ වනතුරු අපේ සිරුර වර්ධනය වෙනවා. ඉන්පසු අවුරුදු 30-40 දක්වා සෙමින්ද අවුරුදු 40-45 දක්වා ඉක්මනින්ද ඉන්පසු ඉතාම ඉක්මනින් ද වයසට යෑම වේගවත් වෙනවා. නමුත් බොහෝ දෙනාගේ කැමැත්ත වුවමනාව තමයි තමාගේම වයසට වඩා අඩු පෙනුමක් පවත්වාගෙන යෑම, මෙසේ තරුණ පෙනුම රැකගැනීම සඳහා සම නිරෝගීව පැහැපත්ව හා පෝෂණය අතින් උසස් තත්වයේ පවත්වා ගැනීම ඉතාම වැදගත්. මේ සඳහා බටහිර විද්‍යාවට එහා ගිය පිටිවහලක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ලබාගන්න පුළුවන්.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments