රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී

දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>


subasetha

Comments