රෝග රැසකට ගුණ දෙන ගොං කැකිරි

දෙසැම්බර් 20, 2019

අප ජීවත් වන පරිසරය තුළ දැකිය හැකි තුරුලතා අතර බොහෝ ප්‍රමාණයක් ආහාරමය වශයෙන් වැදගත් වන අතර තවත් බොහෝ ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් වැදගත් වේ. එසේම ආර්ථික වශයෙන් වැදගත් වනතුරුලතාවන්ද බොහෝ ප්‍රමාණයක් වන අතර වෙනත් විවිධ වූ ප්‍රයෝජන ගෙන දෙන ශාක ද බොහෝ වේ. මෙවන් වූ තුරු ලතා අතුරින් ගොං කැකිරි යනු තවත් වැදගත් පැළෑටියක් වශයෙන් හැඳින්විය හැකිය.

කෘෂ, ශ්වාස, උදරාබාධ ඇතුළු රෝගාබාධ රැසකට බාහිර හා අභ්‍යන්තර වශයෙන් යොදනු ලබන අතර ක්වාථ හා චූර්ණ ආදියට යොදාගනු ලබන එක් උපාදානයක් ලෙසද ගොං කැකිරි හැඳීන්විය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ තරමක් දුර්ලභ පැළෑටියක් ලෙස හැඳින්විය හැකි ය.මේ අතර මෙම ගොංකැකිරි ඉතා ඈත අතීතයේ සිටම ඖෂධීය වශයෙන්

ප්‍රයෝජනයට ගෙන තිබෙන බව ඒ පිළිබඳව මූලික සාහිත්‍ය ග්‍රන්ථවල දක්වාතිබීමෙන් පැහැදිලි වේ. එනම් චරකසංහිතාවේ චිකිත්සා ස්ථානයේද, සුශ්‍රැත සංහිතාවේ. චිකිත්සා ස්ථානයේ සහ කල්පස්ථානයේද අෂ්ඨාංග හෘදය

සංහිතාවේ චිකිත්සා ස්ථානයේ ද ගොංකැකිරි වල ගුණාගුණ, ඖෂධීය ප්‍රයෝග ආදිය ගැන මනා ලෙස දක්වා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ



subasetha

Comments