නිවසේ ඖෂධීය කොත්තමල්ලි

දෙසැම්බර් 6, 2019

කොත්තමල්ලි අවුරුදු 4000 පෙර භාරතයේ සහ ශ්‍රී ලංකාවේ රාවණා යුගයට පෙර සිට මහාර්ෂි පුලස්ති ඍෂිවරයාගේ කාලයේ භාවිතය කර ඇති බවට සාක්ෂි දරයි. ඒ ගැන ලියල ඇති පැරණි භාරතයේ සෙල් ලිපි මගින් අනාවරණය වේ. එකල වෙදකම් හාස්කම් වලින් දියුණුවට පත්වී පැවති බවත් විශ්වාස කළ හැකිය.

ඉන්දියාවේ හින්දු ධර්මය රජකරන යුගයේ ඝන දෙවියන්ගේ ඖෂධයක් ලෙස ප්‍රකටය. එවන් යුගයේ කොතඹුරු ලෙස ප්‍රසිද්ධ වී ඇත. කොත්තමල්ලි අප්‍රසන්න ගඳකින් යුක්තය.

වාර්ෂික පැළෑටියකි. මෙම ශාකය මෘදුය. සෙ.මී. 50 ක් පමණ උසය. පත්‍රවල හැඩයක් නොමැති විවිධ පත්‍ර රටා ඇත. සුදු හෝ ළා රෝස පැහැති මල් පොකුරු හටගනී. මල් පරාගනයෙන් පසු ගෝලාකාරව කොත්තමල්ලි ඵලය හට ගනී. එය වියළුණු විට ලා දුඹුරු පාටින් යුක්තය. දළු, දඬු, මුල්, මල්, ඵල ඖෂධයක් ලෙස භාවිත කරයි. නිවසේ ඕනෑම ලෙඩකට මුලින්ම පිහිට වන්නේ කොත්තමල්ලිය. එය ශරීරයේ කිසිම දේකට විෂ නොවේ. උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ ඛ්ධපඪචදඤඥපභථ ඵචබඪමභථ ය.

පොදු නාමයක් වනුයේ කොතඹුරු ය.

කුලය ඒනඪචජඥචඥ යනුවෙන් හැඳින්වේ. සංස්කෘත භාෂාවෙන් සුන්ගන්ධි, ධානා, සූක්ෂ්ම, පත්‍ර, කුනාටි, යනුවෙන් නම් කෙරේ.

කොත්තමල්ලි ඉන්දියන් ඉතිහාසයේ සඳහන්ව ඇතත් එහි ක්‍රි.පූ. 3000 කට එහා පැරණි වූ ඊජිප්තුවේ පිරිමීඩවල කොත්තමල්ලි ගැන සඳහන් වී ඇතැයි ප්‍රබල සාක්ෂි දරයි. අරාබි රටවල් වල ඔසුවක් ලෙස භාවිතකර ඇති අතර කුළුබඩුවක් ලෙසද ප්‍රබලව පරිහරණය කර ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments