අධික රුධිර පීඩනය පාලනයට වැදගත්ම තොරතුරු

නොවැම්බර් 15, 2019

අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙනුත්, මනා අහාර පාලනයෙනුත් පාලනය කරගත යුතු රෝගී තත්වයකි. එසේ පාලනය නොකිරීමෙන් හෘද රෝග, අංශභාගය හා වකුගඩු ආබාධ වැනි සංකූලතාවලට ඔබ ලක්වීමට ඇති ඉඩකඩ 99% කටත් වඩා ඉහළය.

මෙරට සිදුකරන ලද නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව ලාංකික වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව හෙළිදරව් වේ.

අධික රුධිර පීඩනය ලෙස හඳුන්වන්නේ රුධිර වාහිනී තුළ ගලා යන රුධිරය මඟින් එම රුධිර වාහිනී මත ඇතිකරන පීඩනයයි. මේ අනුව රෝගී පුද්ගලයෙකුගේ රුධිර පීඩනය 120-80 යන අගයේ පැවතිය යුතුය. රුධිර පීඩනය මැන බැලීමේදී රුධිර පීඩන අගය මීට වඩා වැඩි අගයක් පෙන්වයි නම් එම තැනැත්තා අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයෙකි.

රුධිර පීඩනය ඉහළ යාමට බලපාන හේතු

අධික රුධි පීඩනය ඇතිවිය හැකි ප්‍රධාන හේතු දෙකක් පවතී. ඉන් පළමුවැන්න පාලනය කළ හැකි සාධකයි. දෙවැන්න පාලනය කළ නොහැකි සාධකයි. මේ අතරින් පාලනය කළ හැකි සාධක ලෙස සැලකෙන්නේ දියවැඩියාව, අධික ස්ථූලතාවය (තරබාරුව) මත්පැන් හා දුම්වැටි භාවිතය , ශාරීරික ව්‍යායාම හා ක්‍රියාකාරකම් මද බව යන තත්ත්වයන් වේ. පාලනය කළ නොහැකි සාධක අතරට ගැනෙන්නේ පරම්පරාවෙන් පැවත එන ජානමය බලපෑම, ස්ත්‍රී පුරුෂ බව, පුද්ගලයාගේ වයස, ලුණු භාවිතයට දක්වන දැඩි ගිජු බව ( අධික සංවේදිතාව) යන තත්ත්වයන්ය.

අධික රුධිර පීඩනය තත්ත්වයෙන් මිදී නිරෝගීව ජීවත්වීමට නම්,

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 



subasetha

Comments